‘දරුවෝ වදන්නේ විකුණන්නද?’- කොදෙවිවෙන් ඇසෙන මයුර විලාපය – විහඟ ප්‍රේමය

Share post:

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ ‘සංජීව පුෂ්පකුමාර’ විසින් අධ්‍යක්ෂණය කළ ‘විහඟ ප්‍රේමය(Peacock Lament)’ චිත්‍රපටය හද සසල කළ චිත්‍රපටයකි. විහඟ ප්‍රේමය චිත්‍රපටය එතරමි අහිංසක සිනමාපටයක් නම් නොවවේ. යථාර්ථය ප්‍රතිනිර්මාණය කළ සිනමාපටයකි. විහඟ ප්‍රේමය මෙරට සිදුවන අලුත උපන් බිළිඳුන් විදේශිකයන්ට අලෙවි කිරීමේ ජාවාරම පදනම්කොට නිර්මාණය කර තිබේ. අප ⁣එදිනෙදා ජීවිතය තුළ රූපවාහිනි ප්‍රවෘත්ති, පත්තරවල පිටු පුරා සැරි සරණ සුලබ ගණයේ පුවතක් ‘විහඟ ප්‍රේමය’ සඳහා ප්‍රස්තූත කර ගෙන තිබේ. බේබි ෆාම් සංකල්පය ලංකාව තුළ පමණක් නොවේ. ලෝකයේ සෑම රටක පුරාවට දක්නට ලැබෙන්නකි.

චිත්‍රපටයේ කතාව අක්‍රීය වූ අවතැන් පවුලක් සමඟ බිළිඳුන් පිටරැටියන්ට විකුණා දමන පශ්චාත්පයට හසු වු ජාවාරම්කාරියක් සමඟ යා වෙයි. අධි නාගරික අවකාශය නිරූපණය කරන ‘කොළඹ’ සහ එහි යටි ස්තරය තුළ ඇති නරක(Bad) තත්ත්වයක් පිළිබඳ සංඥාවක් චිත්‍රපටය හරහා නිකුත් කරනවා.

“මගේ ළමයි දෙන්නව විකුණන්න එපා මැඩම්…..”
හිමාලිගේ මුහුණ කඳුළුවලින් වැගිරෙයි.

“අපි ඔයයි ලමයි දෙන්නයි වෙනුවෙන් ලක්ෂ හයක් විතර වියදම් කරල තියෙනවා. ඔයාට පුලුවන් නම් වියදම් කරපු මුදල ගෙවන්න..ඔයාට ලමයි දෙන්නා ගෙදර එක්කන් යන්න පුලුවන්…..” මාලිනිගේ තර්කය ඉදිරියේ හිමාලි නිරුත්තර ය.

මනුෂ්‍ය ශරීරවලට පවා මිලක් නියම ⁣නූතන ලෝකයේ එය එසේ නොවෙි යැයි නොවෙිවා යැයි කිව හැක්කේ කාටද? මාතෘත්වය සංකල්පය යනු තවදුරටත් පරම පවිත්‍ර පිරිසිදු එකක් නම් නොවන බව චිත්‍රපටයේ යටිපෙළින් ඉස්මතු කරන කාරණාවයි. ගබ්සා කිරීම්, බිළිඳුන් මහ මඟ දමා යෑම් මේ කොදෙවිවෙන් ⁣දිනපතා වාර්තාවන්නකි. සංජීව පුෂ්පකුමාර ‘විහඟ ප්‍රේමය’ චිත්‍රපටය හරහා කරන්නේ මෙම කටුක යථාර්ථය ප්‍රතිනිර්මාණය (recreation) කිරීමයි. අවතැන් වූ ජීවිතත්, මුදල් සොයා හැල්මේ දුවන මිනිස් ජීවිත පිළිබඳ අපුරු විවරණයක් ගෙන එයි. බිළිඳුන් තනන ගොවිපළ(Baby Farm) සංකල්පය ලෝකයට පැමිණෙන්නේ වික්ටෝරියානු යුගයේ සිටයි. ඇමරිකාව, ස්විඩනය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය, මහා බ්‍රිතාන්‍ය ආදී රටවල ළදරුවන් මුදලට විකිණීම පිළිබඳ පුවත් සුලබ ය. ළදරුවා වෙළඳ භාණ්ඩයක් බවට පත් වීම තුන්වැනි ලෝකයේ රටවල පමණක් නොවේ. එය දියුණු යැයි සම්මත වූ රටවල පවා සිදුවන බව ඉතිහාසය විසින් සාක්ෂි දරති.

චිත්‍රපටය පුරාවටම නළුවරණය කැපී පෙනෙන්නකි. සබීතා පෙරේරා, ඩිනාරා පුංචිහේවා, අකලංග ප්‍රභාෂ්වර නළු නිළි ත්‍රිත්වය විසින් ප්‍රේක්ෂකයාට ලබා දෙන කම්පනය සුළුපටු එකක් නොවේ. සබීතා පෙරේරාගේ වෙනස්ම චරිත නිරූපණයක් ‘විහඟ ප්‍රේමය’ තුළ ප්‍රකට කරයි. කොළඹ නමැති අධි නාගරික අවකාශය නිරූපණය කරන රූප සමුදාය සමඟ මොන්ටාජ් වන මිනිස් ජීවිතවල ඇති අසරණ බව විසින් ප්‍රේක්ෂකයා ඉල්ලා සිටින විදියේ සිනමාත්මක රූප නිමැවුමකි. මනුෂ්‍යත්වය පිළිබඳ දොරටු විවර කරන ‘විහඟ ප්‍රේමය’ යනු ලංකාවවේ සැවොමගේ ඇස ගැටිය යුතුම චිත්‍රපටයකි. සංජීවගේ සිනමා දිවිය තුළ දැවෙන විහඟුන් නැමති විශිෂ්ට සිනමා සිත්තම සමඟ සමපාත කළ හැකි ප්‍රශස්ත චිත්‍රපටයකි. ලිංගිකත්වය, යුද්ධය පිළිබඳ පමණක් කථිකා කරන සාම්ප්‍රදායිකවූත් ලාංකේය සම්භාව්‍ය සිනමාව තුළ නවමු තේමාවක් සංජීව විසින් ගෙනැවිත් තිබේ.

මලින්ත විතානගේ

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...