අතිශයෙන්ම ප්‍රථම වරට ‘Breaking’ Olympic වෙත…

Share post:


Paris Olympic 2024 වලට BreakDance හෙවත් Breaking හඳුන්වලා දීලා කියලා දැක්කා.. මම හිතුවේ Olympic වල සමහර සිදුවීම් අලලා Parody, Sarcasm වගේ ඒවාත් Share වෙන එකේ මේකත් එහෙම එකක් කියලා.

හැබැයි සෙනඟ ඉන්නවා දැක්කට පස්සේ හිතුවේ තරඟයක් අතර වාරයේ ළඟ තරඟයට සුදානම් වෙනකන් තිබෙන කෙටි කාලය ඇතුළත පැරිස් සංවිධාකයන් විසින් entertainment අංගයක් දාලා කියලා..

හැබැයි ඒ හිතපු අදහසත් වැරදි, ඊට පස්සේ හොයලා බැලුවා මේ මොකක්ද කියලා..
ඉතිහාසයේ ප්‍රථම වතාවට Olympic සඳහා මෙවර BreakDance එකතු කරලා තියෙනවා කියලා දැක්කා. මේ අදහස ඇවිත් තියෙන්නේ 2018 වසරේ දී Buenos Aires හී පැවති යෞවන ඔලිම්පික් තරඟාවලියේ දී BreakDance ඉසව්වක් පවත්වා තිබෙනවා. එයට ඉහළ ආකර්ෂණයක් ලැබීම නිසා මෙවර ඔලිම්පික් සඳහාත් එය යොදා ගත්ත බවයි සඳහන් වෙන්නේ..

ඔලිම්පික් සඳහා යෞවනයන්ගේ ආකර්ෂණය වඩ වඩාත් ආකර්ෂණය කරගැනීම මෙහි මූලික පරමාර්ථයක් වෙලා තියෙනවා..
Hip-Hop සිය පාදම කරගමින් 1970 දශයකයේ දී BreakDance ආරම්භ වුණා. ක්‍රීඩාශිලීත්වය, රිද්මය සහ එක් ක්ෂණයෙන් නිර්මාණය කරගන්නා වූ චලනයන්වලින් සමන්විත මේ Breakdance ඇත්තටම බලාගන්න ඉන්න ලස්සන සහ ආස හිතෙන නර්තන ක්‍රමවේදයක්. 1980 දශකය වන විට ලෝකය පුරා ප්‍රචලිත වන Breaking පසුව අන්තර්ජාතික තරඟාවලියන් දක්වා වර්ධනය වෙනවා..

ඉතින් Paris Olympic වල කාන්තා Breaking හී රන් පදක්කම ජපානයේ Ami Yuasa හිමි කරගද්දී පිරිමි අංශයේ රන් පදක්කම චීනයේ Liu Qingyi විසින් දිනාගත්තා…

සංජේ රණවක

https://www.youtube.com/watch?v=6nrOQjNTXKg

Related articles

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...

‘මන්දාකිනියක කීපදෙනෙක්’ – කසුන් සමරතුංග

මේක මේ මන්දාකිනියෙ ජීවත්වෙන බහුතරයක් නියෝජනය කරන්නට සමත් නියැඳියක කතාවක්.කවරයේ කළුපාටින් පේන ගැහැණු රූපයයත් පාට තුනකින් තියෙන පිරිමි...