අතිශයෙන්ම ප්‍රථම වරට ‘Breaking’ Olympic වෙත…

Share post:


Paris Olympic 2024 වලට BreakDance හෙවත් Breaking හඳුන්වලා දීලා කියලා දැක්කා.. මම හිතුවේ Olympic වල සමහර සිදුවීම් අලලා Parody, Sarcasm වගේ ඒවාත් Share වෙන එකේ මේකත් එහෙම එකක් කියලා.

හැබැයි සෙනඟ ඉන්නවා දැක්කට පස්සේ හිතුවේ තරඟයක් අතර වාරයේ ළඟ තරඟයට සුදානම් වෙනකන් තිබෙන කෙටි කාලය ඇතුළත පැරිස් සංවිධාකයන් විසින් entertainment අංගයක් දාලා කියලා..

හැබැයි ඒ හිතපු අදහසත් වැරදි, ඊට පස්සේ හොයලා බැලුවා මේ මොකක්ද කියලා..
ඉතිහාසයේ ප්‍රථම වතාවට Olympic සඳහා මෙවර BreakDance එකතු කරලා තියෙනවා කියලා දැක්කා. මේ අදහස ඇවිත් තියෙන්නේ 2018 වසරේ දී Buenos Aires හී පැවති යෞවන ඔලිම්පික් තරඟාවලියේ දී BreakDance ඉසව්වක් පවත්වා තිබෙනවා. එයට ඉහළ ආකර්ෂණයක් ලැබීම නිසා මෙවර ඔලිම්පික් සඳහාත් එය යොදා ගත්ත බවයි සඳහන් වෙන්නේ..

ඔලිම්පික් සඳහා යෞවනයන්ගේ ආකර්ෂණය වඩ වඩාත් ආකර්ෂණය කරගැනීම මෙහි මූලික පරමාර්ථයක් වෙලා තියෙනවා..
Hip-Hop සිය පාදම කරගමින් 1970 දශයකයේ දී BreakDance ආරම්භ වුණා. ක්‍රීඩාශිලීත්වය, රිද්මය සහ එක් ක්ෂණයෙන් නිර්මාණය කරගන්නා වූ චලනයන්වලින් සමන්විත මේ Breakdance ඇත්තටම බලාගන්න ඉන්න ලස්සන සහ ආස හිතෙන නර්තන ක්‍රමවේදයක්. 1980 දශකය වන විට ලෝකය පුරා ප්‍රචලිත වන Breaking පසුව අන්තර්ජාතික තරඟාවලියන් දක්වා වර්ධනය වෙනවා..

ඉතින් Paris Olympic වල කාන්තා Breaking හී රන් පදක්කම ජපානයේ Ami Yuasa හිමි කරගද්දී පිරිමි අංශයේ රන් පදක්කම චීනයේ Liu Qingyi විසින් දිනාගත්තා…

සංජේ රණවක

https://www.youtube.com/watch?v=6nrOQjNTXKg

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...