සිව්වතාවක් ලෝක ශූරයින් වූ ජර්මනිය සහ ප්‍රබල බෙල්ජියම ඉවතට

Share post:

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බෙල්ජියම් කණ්ඩායම සහ ක්‍රොඑශියා කණ්ඩායම අතර ඊයේ පැවැති තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය.

නමුත් මෙවර ප්‍රබල බෙල්ජියම් කණ්ඩායමට පළමු වටයෙන්ම ලෝක කුසලාන බලාපොරොත්තු අත්හැර දැමීමට සිදුවිය.

මේ අතර කැනඩාවට එරෙහිව පැවති තරගයෙන් 2ට 1ක් ලෙස ජයගත් මොරොක්කෝව මෙවර පාපන්දු ලෝක කුසලානයේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

එසේම ස්පාඤ්ඤ කණ්ඩායමට එරෙහිව පැවති තරගය 2ට 1ක් ලෙස ජපානය ජය හිමිකරගැනීමට සමත්වූ අතර එම කණ්ඩායම් දෙකම 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේය.

කෙසේ වෙතත් සිව්වතාවක් ලෝක ශූරයින් වී ඇති ජර්මනියට මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලීක වටයෙන් ඉවත්වීමට සිදුවිය.

ඔවුන්ට සිය අවසන් බලාපොරොත්තුවත් අතහැර දැමීමට සිදුවුවේ ඔවුන් කොස්ටරිකා කණ්ඩායමට එරෙහිව පැවති තරගය 4ට 2ක් ලෙස ජයගැනීමට සමත්වුවද ජපාන කණ්ඩායම ඊයේ පැවති තරගය ජයගැනීමත් සමඟය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...