බොට්ස්වානා ඉහළින් තැබූ අවුරුදු 21 ක ලෙට්සිලෙ ටෙබෝගෝ (Letsile Tebogo)

Share post:

දකුණු අප්‍රිකාවට ඉහලින් පිහිටි බොට්ස්වානා රාජ්‍යය ප්‍රංශය තරම් විශාල වුනත් ඒ රටේ ජනගහනය මිලියන දෙක හමාරක් තරම් සුළු ජනගහනයක්.
වයස අවුරුදු 21 පමනක් වූ ලෙට්සිල් ටෙබෝගෝ ගැන ක්‍රීඩා ලෝකය කතා කරන්නෙ දැනට අවුරුද්දක පමන කාලයක ඉඳලයි.

ජැමෙයිකානු… ඇමරිකානු කෙටි දුර ආධිපත්‍යයට අභියෝග කරමින් පැරිස් ඔලිම්පික් උලෙලේ මීටර් 200 රන් පදක්කම දිනාගන්න ටෙබෝගෝ සමත්වෙන්නෙ ක්‍රීඩා ලෝකය පුදුම කරමින්.

විශේෂත්වය… මෙවර ඔලිම්පික් උළෙලට තමන් සහභාගිවන්නේ තම මියගිය මවට දක්වන ගෞරවයක් ලෙසින් බව තරඟාවලිය මුලදී ටෙබෝගෝ විසින් ප්‍රකාශකර තිබීමයි.

letsile tebogo mother

මේ වසරේ මැයි මාසයේදී ලෙට්සිල් ටෙබෝගෝගේ මව මිය යාමත් එක්ක මේ තරුණ ක්‍රීඩකයා මානසික ආතතියටත් පසුබෑමටත් ලක්වූ බවයි ජාත්‍යන්තර මාධ්‍යයේ සඳහන් වෙන්නෙ
මේ සියළුම සිදුවීම් මැද තත්පර 19.46 කින් තරඟය නිමකරමින් මීටර් 200 රන් පදක්කම දිනාගන්න
ටෙබෝගෝ සමත්වීම ආශ්චර්‍යයක් තරමට විශේෂයි.

“මේ රන්පදක්කම මා වෙනුවෙන් සියළුම කැපවීම් කල මගේ මව වෙනුවෙන්.. මම බිඳවැටුනු හැම විටකම මාව නැවත නැගිට්ටුවෙත්.. මා මාව විශ්වාස නොකරන විට මාව විශ්වාසකල එකම කෙනාත් මගේ අම්මා” තරඟය අවසානයේ ටෙබෝගෝ සඳහන් කරනව.
රන් පදක්කම දිනාගනු ඇතැයි බලාපොරොත්තු වූ නෝආ ලයිල්ස්ට හිමිවුනේ ලෝකඩ පදක්කමයි.

1 Letsile Tebogo ?? 19.46
2 Kenneth BEDNAREK ?? 19.62
3 Noah LYLES ??. 19.70

(තරඟය අවසානයේ නෝආ ලයිල්ස් ස්වසන අපහසුතාවකින් පෙලීම මත ප්‍රථිකාර සඳහා යොමුකල බව පැරිස් මාධ්‍යයේ සඳහන් විය.
යූරෝ ස්පෝර්ට්ස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට නෝආ ලයිල්ස් කෝවිඩ් ආසාධනයට ගොදුරු වී ඇති අතර විශේෂ අවසරයක් මත තරඟයට සහභාගී වී ඇත.)

මැල්කම් සන්ග්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...