බොට්ස්වානා ඉහළින් තැබූ අවුරුදු 21 ක ලෙට්සිලෙ ටෙබෝගෝ (Letsile Tebogo)

Share post:

දකුණු අප්‍රිකාවට ඉහලින් පිහිටි බොට්ස්වානා රාජ්‍යය ප්‍රංශය තරම් විශාල වුනත් ඒ රටේ ජනගහනය මිලියන දෙක හමාරක් තරම් සුළු ජනගහනයක්.
වයස අවුරුදු 21 පමනක් වූ ලෙට්සිල් ටෙබෝගෝ ගැන ක්‍රීඩා ලෝකය කතා කරන්නෙ දැනට අවුරුද්දක පමන කාලයක ඉඳලයි.

ජැමෙයිකානු… ඇමරිකානු කෙටි දුර ආධිපත්‍යයට අභියෝග කරමින් පැරිස් ඔලිම්පික් උලෙලේ මීටර් 200 රන් පදක්කම දිනාගන්න ටෙබෝගෝ සමත්වෙන්නෙ ක්‍රීඩා ලෝකය පුදුම කරමින්.

විශේෂත්වය… මෙවර ඔලිම්පික් උළෙලට තමන් සහභාගිවන්නේ තම මියගිය මවට දක්වන ගෞරවයක් ලෙසින් බව තරඟාවලිය මුලදී ටෙබෝගෝ විසින් ප්‍රකාශකර තිබීමයි.

letsile tebogo mother

මේ වසරේ මැයි මාසයේදී ලෙට්සිල් ටෙබෝගෝගේ මව මිය යාමත් එක්ක මේ තරුණ ක්‍රීඩකයා මානසික ආතතියටත් පසුබෑමටත් ලක්වූ බවයි ජාත්‍යන්තර මාධ්‍යයේ සඳහන් වෙන්නෙ
මේ සියළුම සිදුවීම් මැද තත්පර 19.46 කින් තරඟය නිමකරමින් මීටර් 200 රන් පදක්කම දිනාගන්න
ටෙබෝගෝ සමත්වීම ආශ්චර්‍යයක් තරමට විශේෂයි.

“මේ රන්පදක්කම මා වෙනුවෙන් සියළුම කැපවීම් කල මගේ මව වෙනුවෙන්.. මම බිඳවැටුනු හැම විටකම මාව නැවත නැගිට්ටුවෙත්.. මා මාව විශ්වාස නොකරන විට මාව විශ්වාසකල එකම කෙනාත් මගේ අම්මා” තරඟය අවසානයේ ටෙබෝගෝ සඳහන් කරනව.
රන් පදක්කම දිනාගනු ඇතැයි බලාපොරොත්තු වූ නෝආ ලයිල්ස්ට හිමිවුනේ ලෝකඩ පදක්කමයි.

1 Letsile Tebogo ?? 19.46
2 Kenneth BEDNAREK ?? 19.62
3 Noah LYLES ??. 19.70

(තරඟය අවසානයේ නෝආ ලයිල්ස් ස්වසන අපහසුතාවකින් පෙලීම මත ප්‍රථිකාර සඳහා යොමුකල බව පැරිස් මාධ්‍යයේ සඳහන් විය.
යූරෝ ස්පෝර්ට්ස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට නෝආ ලයිල්ස් කෝවිඩ් ආසාධනයට ගොදුරු වී ඇති අතර විශේෂ අවසරයක් මත තරඟයට සහභාගී වී ඇත.)

මැල්කම් සන්ග්

Related articles

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...