‘සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල 2024’ අගෝස්තු 21 සිට පළාත් 5ක ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 18,000කගේ සහභාගීත්වයෙන් ඇරඹේ !

Share post:

CBL සමාගම හා අනුබද්ධිත Plenty Foods (Pvt) Limited සමාගමේ ප්‍රමුඛතම නිෂ්පාදනය වන මෙරට ජනප්‍රියම ධාන්‍යමය ආහාරය වන සමපෝෂ සවිබල ගැන්වීමෙන් උතුරු මැද, වයඹ, නැගෙනහිර, ඌව හා දකුණ යන පළාත් 5 කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබන ‘2024 සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල’ අගෝස්තු මස 21 වනදා ආරම්භ වේ.

සමපෝෂ අනුග්‍රාහකත්වය සහිතව පළාත් අධ්‍යාපන කාර්යාල හා එක්ව සංවිධානය කරනු ලබන මෙම ක්‍රීඩා උළෙල පළාත් 5 මූලික කරගනිමින් වෙන් වෙන් වශයෙන් අගෝස්තු මාසයේ සිට සැප්තැම්බර් මස 13 දක්වා පැවැත්වේ.

මෙහිදී තරඟ ඉසව් 70කට අධික සංඛ්‍යාවක් සඳහා පාසල් 2000 කට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18,000කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතව ඇත. ජයග්‍රාහී පාසල් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් කුසලාන, සහතික පත්‍ර හා පදක්කම් පිරිනැමීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගනු ලබයි.

මෙම ක්‍රීඩා උළෙල පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) අතුල විජේවර්ධන මහතා මෙසේ සඳහන් කළේය. ” පාසල් දරුවන්ගේ දක්ෂතාවයන් වැඩිදියුණු කරමින් ඔවුන්ගේ කායික හා මානසික සුවතාව ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ඔවුන්ගේ දක්ෂතාවයන් ජාතික තලය දක්වා ඔසවා තැබීමට අවශ්‍ය ශක්තිය ලබා දීමට CBL සමපෝෂ ලබා දෙන අතිමහත් වූ සහයෝගය අපි වඩාත් අගය කරනවා.”

ඌව පළාත් ක්‍රීඩා උළෙල මෙහි පළමු ක්‍රීඩා උළෙල ලෙස බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේදී අගෝස්තු මස 21 වැනිදා සිට 24 වනදා දක්වා පැවැත්වෙන අතර ඌව පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) එම්.ජී. චන්න කරුණාසේන මහතා ඒ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. ”බිම් මට්ටමේ සිට ජාතික තලයට එන්න උත්සාහ කරන දරුවන් ඉහළට ඔසවා තබන්න අපට අනුග්‍රහය දක්වලා මේ ක්‍රීඩා උළෙල පැහැදිලි සාර්ථකත්වයක් කරා ගෙනයන්න සමපෝෂ තමයි මුල් වතාවට ඉදිරිපත් වුණේ.”  

මෙහි දෙවන ක්‍රීඩා උළෙල වන දකුණු පළාත් ක්‍රීඩා උළෙල ලබන අගෝස්තු මස 27 වනදා සිට 30 වනදා දක්වා මාතර කොටවිල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ඒ පිළිබඳ අදහස් දක්වමින් දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) ආර්.එම්. ක්‍රිෂාන් දුමින්ද මහතා මෙසේ පැවසීය. ”දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මූලිකව සංවිධානය කරනු ලබන මෙම දකුණු පළාත් ක්‍රීඩා උළෙල සඳහා සමපෝෂ සන්නාමයක් වශයෙන් දරුවන්ගේ ක්‍රීඩා, අධ්‍යාපනය හා පෝෂණය ඉහළ නැංවීමට සිදු කරනු ලබන මෙම කටයුතු සම්බන්ධයෙන් සියලු දෙනා වෙනුවෙන් මා ස්තූතිවන්ත වෙනවා.”

තෙවන ක්‍රීඩා උළෙල ලෙස නැගෙනහිර පළාත් ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මස 05 වනදා සිට 09 වනදා දක්වා මඩකලපුව වෙබර් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. ඒ පිළිබඳව අදහස් දක්වමින් නැගෙනහිර පළාත් සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ ඒ. එච්. මොහොමඩ් අක්මාල් මහතා මෙසේ අදහස් ප්‍රකාශ කළේය. ”අවුරුදු ගණනාවකට පසු පාසල් ක්‍රීඩාව නගා සිටුවන්න නැගෙනහිර පළාතට පැමිණි පළමු අනුග්‍රාහකයා සමපෝෂ. මේ ක්‍රීඩා උළෙල නැගෙනහිර පළාතට විශාල සම්පතක්. දේශීය නිෂ්පාදනයක් රටේ දරුවන් වෙනුවෙන් මේ කරන සේවාව පිළිබඳව කියාගන්න බැරි සතුටක් තිබෙනවා.”  

වයඹ පළාත් ක්‍රීඩා උළෙල ලබන සැප්තැම්බර් මස 07 වනදා සිට 11 වනදා දක්වා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. ඒ පිළිබඳව අදහස් දැක්වූ වයඹ පළාත් නියෝජය අධ්‍යාපන අධ්‍යක්ෂක (සෞඛ්‍ය, ශාරීරික අධ්‍යාපන) වයි.එම්.එච්.කේ අබේකෝන් මහතා මෙසේ පැවසීය. ”පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නව තාක්ෂනය මඟින් ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව වැඩි දුර දැනුවත් වෙන්න, ක්‍රීඩකයෙක් ලෙස අභිමානයක් ගොඩනගා ගන්න, ඒ වගේම එම අභිමානය හරහා මේ රටට කීර්තියක් ගෙනෙන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකරන්න සමපෝෂ ලබා දෙන මේ ජාතික අත්වැල ප්‍රශංසනීයයි.”

අවසන් ක්‍රීඩා උළෙල වන උතුරු මැද පළාත් ක්‍රීඩා උළෙල අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී ලබන සැප්තැම්බර් මස 10 වනදා සිට 13 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උතුරු මැද පළාත් ක්‍රීඩා, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන සහකාර අධ්‍යක්ෂ කේ.කේ.සී.ඩී පොරෝගම මහතා මෙසේ පැවසීය. ”අවුරුදු ගණනාවක් පුරා සමපෝෂ උතුරු මැද පළාතේ දරුවන්ගේ ක්‍රීඩාශීලීත්වය ඔප්නංවන්න, ඔවුන්ට දක්ෂතාවය ප්‍රදර්ශනය කරන්න වගේම, ජාතික තලයට පා තබන්නට අවශ්‍ය වපසරිය සකස් කර දෙනවා. අග හිඟකම් ඉවසගෙන ක්‍රීඩාවට කැපවුණු මේ දරුවන් රැකගනිමින් ඔවුන්ට ඉදිරියට එන්නට සමපෝෂ ලබා දෙන සහයෝගය පිළිබඳව මම ඉතාමත් අගය කොට සලකනවා.”

CBL ආහාර අංශයේ අධ්‍යක්ෂක හා ප්‍රධාන විධායක නිලධාරී, මංජුල දහනායක මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. ” CBL සමාගම සැමවිටම ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ ක්‍රීඩා හා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඇප කැප වෙමින් අනාගතය වෙනුවෙන් දක්ෂතාවයන් සහිත දරු පරපුරක්  බිහි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සමාගමක්. ඒ සඳහා CBL සමාගමේ ආහාර අංශය සමපෝෂ වෙළඳ නාමය යටතේ විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කරගෙන යන අතර මෙය එහි තවත් එක් පුළුල් පියවරක්.  එම පුළුල් වැඩසටහන් මාලාව යටතේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක කරන පළාත් පාසල් ක්‍රීඩා උළෙල සඳහා අපි සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා. ක්‍රීඩාව හරහා පාසල් දරුවන්ට ලැබෙන අත්දැකීම් තුළින් ඔවුන්ගේ විනය, කණ්ඩායම් හැඟීම, ඉවසීම, නායකත්වය, පෞරුෂය යන ගුණාංග මනාව ප්‍රගුණ කිරීමට හැකියාව ලැබෙන බවට අපි විශ්වාස කරනවා.’’

මේ පිළිබඳව අදහස් දක්වමින් CBL ආහාර අංශයේ අලෙවි කළමනාකරු වී. පී. ගොවින්න මහතා මෙසේ පැවසීය. ”සමපෝෂ හරහා අපගේ වෑයම වන්නේ පෝෂණයෙන් පමණක් නොව ආත්ම විශ්වාසයක් සහිත සියලු හැකියාවන්ගේ වර්ධනයකින් යුත් තරුණ පරපුරක් බිහි කිරීමයි. ඒ අනුව ‘දිනන දරුවෝ’ තේමාව යටතේ සමාගමක් ලෙස අප මෙවැනි ක්‍රීඩා උළෙලවල් සංවිධානය කරමින් පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර මට්ටමට රැගෙන යාමට අවශ්‍ය අඩිතාලම දැමීමට දායක වීම ඉමහත් සතුටක්. ”

නිරෝගීමත් පෝෂණයෙන් පිරිපුන් අනාගත පරපුරක් බිහිකර ගැනීමට සමබල උදෑසන ආහාර වේලක් ලබා ගැනීම පිළිබඳව සමපෝෂ නිරන්තරයෙන් අවධානය යොමු කරනවා. අනාගත පරපුරේ කායික හා මානසික සුවතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව CBL සමපෝෂ පවත්වාගෙන යන සමපෝෂ ‘දිනන දරුවෝ’ වැඩසටහන CBL සමාජ සත්කාර පෙරදැරි කරගත් වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරකි.

Related articles

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...

‘මන්දාකිනියක කීපදෙනෙක්’ – කසුන් සමරතුංග

මේක මේ මන්දාකිනියෙ ජීවත්වෙන බහුතරයක් නියෝජනය කරන්නට සමත් නියැඳියක කතාවක්.කවරයේ කළුපාටින් පේන ගැහැණු රූපයයත් පාට තුනකින් තියෙන පිරිමි...

වැදගත්ම ආර්ථිකය : නීතිය ඊට පස්සෙ : අපේක්ෂකයන්ගෙ ජනවර්ගය අදාළ නෑ : පවුලේ කැමැත්ත පස්සට දමයි – වෙනස් හැඩයේ සමීක්ෂණයක ප්‍රතිඵල මෙන්න !

ජනාධිපතිවරණය පිළිබඳ සමීක්ෂණයක් කියූ සැණින් අපට මතක් වන්නේ ප්‍රධාන අපේක්ෂකයන් ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය පිළිබඳ ඉලක්කම් කිහිපයකි. මෙවැනි සමීක්ෂණ...