වත්කම් – බැරකම් ප්‍රකාශ ලබානොදුන් විනිශ්චයකාරවරුන්ට අධිකරණ සේවා කොමිසම තදින් සිටී !

Share post:

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබාදී නැති මහාධිකරණ විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් ඇතුළු සියලු පහළ අධිකරණ විනිසුරුවරුන් වහාම එම ප්‍රකාශ ලබාදිය යුතු බව අවධාරණය කරමින් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් එම සියලු විනිසුරුවරුන්ට ලිපියක් යවා තිබේ.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතට අනුව විනිසුරුවරුන් විසින් මේ ප්‍රකාශ ලබාදීම අනිවාර්ය වේ. පසුගිය අප්‍රේල් 30 දින මේ පිළිබඳ කොමිෂන් සභාව මගින් විශේෂ චක්‍රලේඛයක් ද නිකුත් කර තිබිණි. අංක 08/2024 දරන එම චක්‍රලේඛයේ පිටපතක් ද අදාළ ලිපියට අමුණා ඇත.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් සංජීව සෝමරත්නගේ අත්සනින් නිකුත් කර ඇති මේ ලිපිය ‘සිහි කැඳවීමයි’ යන ශීර්ෂය යටතේ යොමුකර තිබේ.

Related articles

කාන්තා ඇඳුමේ රණ්ඩු සරුවල්

මේ ඈත අතීතයට අයිති බොහොම ලස්සන පිංතූරයක්.වර්ශය 1890-1900 අතර කාලයකටයි අයිති.ලන්ඩනයේ ප්‍රසිද්ධ වීදියක දර්ශණයක් විදිහට අපිට හඳුනා ගන්න...

​පාවුලෝ කොයියෝ: තමාගේ “පෞද්ගලික පුරාවෘත්තය” හඹා ගිය මිනිසාගේ කතාව

ඔහු නීතිඥයෙකු වීමට අකමැති වීම නිසා ඔහුගේ දෙමාපියන් ඔහුව මානසික රෝහලක සිර කර විදුලි සැර ප්‍රතිකාර ලබා දුන්හ....

අප තවමත් පොත් කියවනවාද? සාහිත්‍ය උළෙලවල් පොත්පත් ජීවමානව තබා ගන්නේ කෙසේද?

සාහිත්‍ය උළෙලක් නිර්වචනය වන්නේ එහි ප්‍රේක්ෂකාගාරයෙනි. සංවිධායකයින්, කථිකයින් හෝ සංග්‍රහ කරන්නන් ඕනෑම අයෙකු ආදේශ කළ හැකි වුවද, පාඨකයින්...

විදේශ සංචාර, නාට්‍ය කලාව සහ රාජ්‍ය අනුග්‍රහය

බුද්ධික දමයන්ත සහ චාමික හත්ලහාවත්ත නාට්‍යකරුවන් දෙදෙනාගේ නාට්‍ය දෙකක් ඉන්දියාවේ දිලි නුවර ජාත්‍යන්තර නාට්‍ය උලේලකට තේරී තිබෙන අතර...