වත්කම් – බැරකම් ප්‍රකාශ ලබානොදුන් විනිශ්චයකාරවරුන්ට අධිකරණ සේවා කොමිසම තදින් සිටී !

456

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබාදී නැති මහාධිකරණ විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් ඇතුළු සියලු පහළ අධිකරණ විනිසුරුවරුන් වහාම එම ප්‍රකාශ ලබාදිය යුතු බව අවධාරණය කරමින් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් එම සියලු විනිසුරුවරුන්ට ලිපියක් යවා තිබේ.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතට අනුව විනිසුරුවරුන් විසින් මේ ප්‍රකාශ ලබාදීම අනිවාර්ය වේ. පසුගිය අප්‍රේල් 30 දින මේ පිළිබඳ කොමිෂන් සභාව මගින් විශේෂ චක්‍රලේඛයක් ද නිකුත් කර තිබිණි. අංක 08/2024 දරන එම චක්‍රලේඛයේ පිටපතක් ද අදාළ ලිපියට අමුණා ඇත.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් සංජීව සෝමරත්නගේ අත්සනින් නිකුත් කර ඇති මේ ලිපිය ‘සිහි කැඳවීමයි’ යන ශීර්ෂය යටතේ යොමුකර තිබේ.