NDB බැංකුවේ ගනුදෙනුකරුවන්ට John Keells Properties – ජා-ඇළ ‘විමන්’ නිවාස ව්‍යාපෘතියේ ආදර්ශ නිවහන නැරඹීමට අවස්ථාව උදාවේ !

Share post:

John Keells Properties සමාගම NDB බැංකුව සමගින් ඇති කරගනු ලැබූ සහයෝගීතාවය හරහා නම්‍යශීලී ණය යෝජනා විසඳුම් ඉදිරිපත් කරමින්, ගැනුම්කරුවන් හට ජා-ඇළ පිහිටි ‘විමන්’ නිවාස ව්‍යාපෘතියේ සිය සිහින නිවස සඳහා ආයෝජනය කිරීමට අවකාශය සලසා දී තිබේ. ඒ අනුව John Keells Properties සමාගම විසින් 2024 ජුනි මස 26 වන දින NDB බැංකුවේ සිය ප්‍රමුඛතම පාරිභෝගිකයින් සඳහා නවීනතම ‘විමන්’ නිවාස ව්‍යාපෘතියේ ආදර්ශ නිවහන නැරඹීමට අවස්ථාව සලසා දෙනු ලැබීය.

ජා-ඇළ නගරය කේන්ද්‍ර කරගනිමින් අක්කර 6ක් පුරා පැතිරී ඇති විමන් මහල් නිවාස ව්‍යාපෘතිය, මහල් නිවාස 418කින් සමන්විත නවීන සුව පහසුකම්වල එකතුවකින් හා කොළඹ නගරයට ඉතාමත් පහසු ප්‍රවේශයකින් යුතුව පදිංචිකරුවන්ට වඩාත් හිතකාමී පරිසර වටපිටාවක් නිර්මාණය කර ඇත. John Keells Properties හි විකුණුම් හා අලෙවි ප්‍රධානී සහ John Keells Group හි උප සභාපති නදීම් ෂම්ස් මහතා එම සමාගමේ අලෙවි කණ්ඩායම හා එක්ව මෙම අවස්ථාවට සහභාගී වූ ගනුදෙනුකරුවන් හට ජා-ඇළ විමන් නිවාස ව්‍යාපෘතිය වෙත කරනු ලබන ආයෝජනයන් තුළින් හිමිවන ප්‍රතිලාභ සහ පදිංචිය සඳහා එහි ඇති ඉහළ වටිනාකම පිළිබඳව අදහස් දැක්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නදීම් ශම්ස් මහතා මෙසේ ද ප්‍රකාශ කළේය. ”ජා-ඇළ විමන් නිවාස ව්‍යාපෘතිය සඳහා ගනුදෙනුකරුවන්ට සුවිශේෂී ණය යෝජනා පැකේජ ලබා දීමට NDB බැංකුව හා එක් වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. මේ ව්‍යාපෘතිය හරහා නවීන සුවපහසුව සහ තිරසාර ජීවන රටාව යන කාරණා දෙකටම ප්‍රමුඛත්වය ලබා දීම තුළින් John Keells Properties සමාගම ඒ සඳහා වූ  කැපවීම මනාව විදහා දක්වනවා. විමන්, ප්‍රශස්ත ප්‍රජාවක් බිහි කිරීම සඳහා වන වටපිටාව නිර්මාණය කර දෙන බැවින් බුද්ධිමත් ගැනුම්කරුවන්ට මෙහි ආයෝජනය කිරීමට පැමිණෙන ලෙස ඉල්ලා සිටිනවා. NDB බැංකුව විසින් ලබා දෙන ණය යෝජනා මගින් අනාගත නිවාස හිමියන්ට කැමති අයුරින් මූල්‍ය ණය යෝජනා විසඳුම් වෙත ප්‍රවේශ වීමට අවස්ථාව ලැබෙනවා.”

හරිත උයනක් සමග විවෘත අවකාශයක් කේන්ද්‍ර කර ගනිමින්, සූර්ය බලශක්තිය ඇතුළු පහසුකම් රැසකින් සමන්විතව ඉදිවෙන විමන් නිවාස ව්‍යාපෘතිය ජා-ඇළ නාගරික පරිසරය තුළ සුව පහසු ජීවන රටාවක් මුසු කරනු ලබයි. එම අවකාශය තුළ පිහිනුම් තටාකයක්, ව්‍යායාම් ශාලාවක්, භාවනා සඳහා වෙන්වූ පරිශ්‍රයක්, ක්‍රීඩාංගනයක්, සමාජ ශාලාවක්, ළමා ක්‍රීඩා පිටියක්, බයිසිකල් පැදීම සහ ඇවිදීමේ මංතීරු සහ විදුලි වාහන ආරෝපණ පහසුකම් වලට අමතරව බහුකාර්ය එළිමහන් ක්‍රීඩා පිටියක් ඇතුළු පහසුකම් රාශියක් සමන්විත වේ. මෙම නවීන පහසුකම් තුළින් එම පදිංචිකරුවන්ට තම අධ්‍යාත්මීය නිදහස්බව සුරක්ෂා කරමින් සෞන්දර්යාත්මක පරිසරයක් නිර්මාණය කර දෙන අතර, පවුල්වලට සතුටින් හා සාමකාමීව සිටීමට කදිම පසුබිමක් නිර්මාණය කර දෙයි.   

NDB බැංකුවේ අලෙවි සහකාර උප සභාපති සමීර සෙනරත් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”නිවසක හිමිකාරීත්වයේ ඇති වටිනාකම පිළිබඳව අපිට අවබෝධයක් තිබෙනවා. John Keells Properties සමාගම සමග සහයෝගීතාවය ඇතිව නිවාස ගැනුම්කරුවන්ට ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට අනුව ගැලපෙන සුවිශේෂී මිල ගණන් සහ නිවාස ණය සඳහා පහසු ණය යෝජනා ක්‍රම ඇතුළු නම්‍යශීලී මූල්‍ය විසඳුම් ලබා දීමට අපට පුළුවන්. නිවසක් අපේක්‍ෂාවෙන් සිටින නිවාස හිමියන්ට මෙම ආයෝජනය පිළිබඳව සලකා බැලීමට මෙය කදිම අවස්ථාවක් බව අපි විශ්වාස කරනවා. ඒ වගේම අපගේ ණය යෝජනා සැලසුම් ඔවුන්ගේ අනාගත ගමන විශ්වාසයෙන් යුතුව ආරම්භ කිරීමට ශක්තියක් වනවා.”

විමන් නිවාස ව්‍යාපෘතිය පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට කොළඹ 02, වොක්ෂෝල් වීදියේ පිහිටි John Keells Properties කාර්යාල පරිශ්‍රයේ ඉදිකර ඇති ආදර්ශ මහල් නිවාසයට ගොස් එම නියෝජිතයින් සමගින් සියලු විමසීම් කළ හැකිය. එමෙන්ම ලබා ගත හැකි නිවාස ණය යෝජනා පිළිබඳ වැඩිදුර විස්තර 0706 062 062 අංකය ඔස්සේ John Keells Properties අමතන්න.

John Keells Properties සමාගම පිළිබඳව:

John Keells Properties (JKP) සමාගම The Emperor, The Monarch, 7th Sense, OnThree20, TRI-ZEN, VIMAN සහ Cinnamon Life වැනි ඉහළ මට්ටමේ සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘති තුළින් කොළඹ අවකාශය පුරා සිය මුද්‍රාව සනිටුහන් කර ඇත. තවද JKP වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ගොල්ෆ් ගමනාන්තය වන Victoria Golf Resort සමග ද ප්‍රධාන වශයෙන්  කේන්ද්‍රගත වී ඇත. දශක ගණනාවක් පුරා ගොඩනැගුණු විශේෂඥතා දැනුමෙන් සහ දේපළ වෙළඳාම් ප්‍රවීනත්වයෙන් පෝෂණය වූ JKP සමාගම පාරිභෝගිකයින් තෘප්තිමත් කරන ජීවන රටාවන් සහ අවශ්‍යතාවයන් වෙත පුළුල්ව නැඹුරුවෙමින් අසමසමවූ ජීවන අත්දැකීම් නිර්මාණය කරනු ලබයි.

Related articles

ජනාධිපතිවරයාගේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණ අයවැය යෝජනා යතාර්ථවාදී ද?

මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 07 දින පස්වරුවේ 2026 වසර සඳහා වන අයවැය...

Kangaroo Cabs මගීන් සමග එක් වී පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නංවයි !

පසුගිය ඔක්තෝබර් මාසය හෙවත් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන් Kangaroo Cabs විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබිණි....

2026 අයවැය : ආණ්ඩුව ලණුවක් කාලා –  ගොවීන්ට උගුලක් අටවලා : චින්තක රාජපක්ෂ, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

2026 අයවැය ගොවි ජනතාවට ඇටවූ උගුලක් බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පෙන්වා දෙයි. කොළඹ අද (11) පැවති මාධ්‍ය...

රුසියානු සාහිත්‍ය ගැන කෙටි විපරමක්

අපරාධය සහ දඬුවම.. ඇනා කැරනිනා.. කරමාසොව් සහෝදරයෝ.. ඩොක්ටර් ශිවාගෝ.. පීටර්ස්බර්ග්.. අම්මා… මේ විදිහට නම් සිය ගණනක් අපිට මතක්වෙනවා...