ශානි ඝාතන කුමන්ත්‍රණයක් : දේශබන්දුට, කමල් ගුණරත්නට අධිකරණයේ පෙනීසිටින්නැයි නියෝගයක් !

Share post:

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්නට සහ පොලිස් කොමිසමට මෙම මස 09 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින දන්වමින් පෞද්ගලික නොතීසි නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර විසින් ගොන් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදීය.

ඔහු එම පෙත්සම ගොනු කර ඇත්තේ තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බැවින් තම ආරක්ෂාව වැඩිකරන්නැයි ඉල්ලමිනි.

ඒ අනුව එම මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව කරුණු දැක්වීම සඳහා ලබන 09 වෙනිදා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න සහ පොලිස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටිනු ඇත.

මෙම පෙත්සම විජිත් මලල්ගෝඩ මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු හමුමේ විභාග වේ.

Related articles

නඩු නොඇසූ යුගයක සලරු සටහන, ‘ෆාදර්’

80 සහ 90 දසකවල සියනෑ කෝරළේ ඔස්මන් ගුණසේකර නමැත්තා ආශ්‍රිතව සිදු වූ සත්‍ය සිදුවීම් දාමයක් සහ කුප්‍රකට වවුල්කැලේ...

‘මට ඒ මුහුණ හුරුය. තස්ලිමා නස්රින්! මම ඇය හඳුනා ගතිමි’

කේරළයට ගිය කෑරලා - 4 පෙරදා සන්ධ්‍යාවේ අභිලාෂ් නික්ම ගියේ පසුදින දහය වන විට වාහනයද සමග මා සිටින හෝටලයට...

‘කේරළ තෙයියම් සම්ප්‍රදාය සහ අපේ තොවිල් වැනි යාතුකර්ම අතර බෙහෙවින් සමානකම් පවතී’

කේරළයට ගිය කෑරලා-3 මා නවාතැන් ලද හෝටලයේ සිට මිදුලට බට සැණින් ඇසට හසුවන දසුන් දෙකකි. ඉන් එකක් එක්වරම සිහියට...

“දැවෙන හෘද සාක්ෂිය වෙත කැමරාව හැර වූ ජෆාර් පනාහි” – It was Just an accident

දේශපාලන සිරකරුවන් ලෙස වධබන්ධනයට ලක් කර කාලාන්තරයකට පසුව ඔවුන් එසේ වධ දුන් පුද්ගලයා නැවත හමුවුවහොත් කුමක් කරාව්ද? අතීතය...