ශානි ඝාතන කුමන්ත්‍රණයක් : දේශබන්දුට, කමල් ගුණරත්නට අධිකරණයේ පෙනීසිටින්නැයි නියෝගයක් !

Share post:

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්නට සහ පොලිස් කොමිසමට මෙම මස 09 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින දන්වමින් පෞද්ගලික නොතීසි නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර විසින් ගොන් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදීය.

ඔහු එම පෙත්සම ගොනු කර ඇත්තේ තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බැවින් තම ආරක්ෂාව වැඩිකරන්නැයි ඉල්ලමිනි.

ඒ අනුව එම මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව කරුණු දැක්වීම සඳහා ලබන 09 වෙනිදා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න සහ පොලිස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටිනු ඇත.

මෙම පෙත්සම විජිත් මලල්ගෝඩ මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු හමුමේ විභාග වේ.

Related articles

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ ජූනි 25. ජැක්සන් මැරෙද්දි එයාට අවුරුදු 50යි. අද හිටියා...

පාස්කු ප්‍රහාරයෙන් පසු කවුරුත් නොකරන දෙයක් මෛත්‍රී කළා – ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වෙනත් කිසිදු රටක රාජ්‍ය නායකයකු සිදුනොකරන ප්‍රකාශයක් එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේන...

සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්: වාර්ගික සංහිඳියාව බිඳවැටීමේ සහකම්පනය

මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය ලද – යාපනයේ අවතැන් වූ නිවාස, දොර ජනෙල්වල පින්තූර සමග සිංහල, දෙමළ, ඉංග්‍රීසි...

සලේ JMO හමුවට – පාස්කු නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවන්ට බලපෑම් !

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබේ. පාස්කු ඉරිදා...