ගෝඨාගේ නිවස අසල විරෝධතාවෙන් අත්අඩංගුවට ගැනීම : මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර !

451
TOPSHOT - People shout slogans as they gather outside Sri Lanka President's home to call for his stepping down as the country's unprecedented economic crisis worsened in Colombo, on March 31, 2022. - The protest trying to storm the home of Sri Lankan President Gotabaya Rajapaksa turned violent on March 31, 2022, with at least one man critically wounded, as residents slammed the government's handling of the country's crippling economic crisis. (Photo by Ishara S. KODIKARA / AFP) / The erroneous mention[s] appearing in the metadata of this photo by STRINGER has been modified in AFP systems in the following manner: [byline: Ishara S.KODIKARA ] instead of [STRINGER]. Please immediately remove the erroneous mention[s] from all your online services and delete it (them) from your servers. If you have been authorized by AFP to distribute it (them) to third parties, please ensure that the same actions are carried out by them. Failure to promptly comply with these instructions will entail liability on your part for any continued or post notification usage. Therefore we thank you very much for all your attention and prompt action. We are sorry for the inconvenience this notification may cause and remain at your disposal for any further information you may require. (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

අරගලකරුවන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී ඇත.

අරගලය පැවති සමයේ මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස අසල පැවති විරෝධතාවලදී තමන්ව පොලීසිය විසින් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව, දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව විජිත් මළල්ගොඩ සහ යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර දී තිබේ.

එම සිද්ධීන්වලට අදාළවම ඉදිරිපත් කෙරුණු තවත් මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් නිෂ්ප්‍රභ කිරීමට ද විනිසුරු මඩුල්ල තීන්දු කර ඇත