පොලිස්පති අදාළ නෑ : කොමිසමට දෙවැනියා පත්කරන්න පුළුවන් – නීතිපතිගේ දැනුම්දීමෙන් ඡන්දයට තිබුණු බව කී තවත් බාධාවක් අවසන් !

Share post:

පොලිස්පතිවරයාගෙන් නොවිමසා පොලිස් දෙපාර්තමේන්තුවේ දෙවැනියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) තනතුරට නිලධාරියකු පත්කිරීමට හැකියාව ඇති බවට නීතිපති දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමෙන් පසු, එම තනතුරේ වැඩ බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද (01) තීරණය කර තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතා අනුපිළිවෙල අනුව මේ පත්කිරීම සිදු කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාව නිවේදනය කළේය.

පසුගිය ජූලි 18 දින මේ තනතුරේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යැවීමට පොලිස් කොමිසම කටයුතු කළේය. එම කොමිසම පෙන්වා දෙන්නේ මේ තනතුරට නිලධාරියකු නම් කර එවන ලෙස එදින ම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත දැනුම් දුන් බවයි. එහෙත් ජූලි 24දා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති තනතුරේ බලතල ක්‍රියාත්මක කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් කරන ලදි.

ජූලි 29 දින තෙක් පොලිස්පතිවරයාගෙන් හෝ වැඩ බලන පොලිස්පතිවරයකුගෙන් නිර්දේශ නොලැබීම නිසා මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේද යන්න කොමිසම මගින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසා තිබිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 (උ)(1)(අ) අනුව මේ තනතුර පිරවීමේදී පොලිස්පතිවරයා විමසා කටයුතු කිරීමට කොමිසම බැඳී සිටී. මේ ගැන විමසීමෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ පොලිස්පතිවරයකු නොමැති තත්ත්වයක් යටතේ එවැනි විමසීමක් කිරීමට අවශ්‍ය නැති බවයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...