පොලිස්පති අදාළ නෑ : කොමිසමට දෙවැනියා පත්කරන්න පුළුවන් – නීතිපතිගේ දැනුම්දීමෙන් ඡන්දයට තිබුණු බව කී තවත් බාධාවක් අවසන් !

Share post:

පොලිස්පතිවරයාගෙන් නොවිමසා පොලිස් දෙපාර්තමේන්තුවේ දෙවැනියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) තනතුරට නිලධාරියකු පත්කිරීමට හැකියාව ඇති බවට නීතිපති දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමෙන් පසු, එම තනතුරේ වැඩ බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද (01) තීරණය කර තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතා අනුපිළිවෙල අනුව මේ පත්කිරීම සිදු කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාව නිවේදනය කළේය.

පසුගිය ජූලි 18 දින මේ තනතුරේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යැවීමට පොලිස් කොමිසම කටයුතු කළේය. එම කොමිසම පෙන්වා දෙන්නේ මේ තනතුරට නිලධාරියකු නම් කර එවන ලෙස එදින ම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත දැනුම් දුන් බවයි. එහෙත් ජූලි 24දා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති තනතුරේ බලතල ක්‍රියාත්මක කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් කරන ලදි.

ජූලි 29 දින තෙක් පොලිස්පතිවරයාගෙන් හෝ වැඩ බලන පොලිස්පතිවරයකුගෙන් නිර්දේශ නොලැබීම නිසා මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේද යන්න කොමිසම මගින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසා තිබිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 (උ)(1)(අ) අනුව මේ තනතුර පිරවීමේදී පොලිස්පතිවරයා විමසා කටයුතු කිරීමට කොමිසම බැඳී සිටී. මේ ගැන විමසීමෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ පොලිස්පතිවරයකු නොමැති තත්ත්වයක් යටතේ එවැනි විමසීමක් කිරීමට අවශ්‍ය නැති බවයි.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...