මේ තරම් බර තියලා කරපු මලයාලම් චිත්‍රපටයකුත් නැති තරම්

Share post:

මලයාලම් සිනමාව මේ ඇවිත් තියෙන්නෙනං එසේ මෙසේ තැනකට නෙවේ. ලෝක සිනමාව එක්ක බය නැතුව කැත නැතුව එකත්පස හිටගත්තෑකි. ඒ තරමට සිනමැටික් ආස්වාදය උතුරන වැඩක් මේ චිත්‍රපටය. මේ තරම් බර තියලා කරපු මලයාලම් චිත්‍රපටයකුත් නැද්ද මන්දා. සමහර දර්ශන නවත නවතා මං බැලුවා; ඒ රූප දර්ශනවල මිහිර නැවත නැවතත් වින්ඳා.

කතාව අතකින් සමාජ දේශපාලන ආර්ථික ව්‍යුහ එක්ක ගැට ගැස්සෙනවා. තව අතකින් මේක සංස්කෘතික වැඩක්. විවිධ වූ සංස්කෘතික සහ භාෂාවය අනන්‍යතා එකිනෙක තෙරපන වැඩක්. තවත් අතකින් මේක ගැඹුරු මානව සබඳතා සහ මිනිස් මනෝභාව විශද කරන්නාවූ වැඩක්. හැබැයි ඒ දෘෂ්ටිමය කාරණා අමතක වෙනව වෙලාවකට මේ චිත්‍රපටේ සිනමාත්මක භාවිතාවෙන් ඇහැ ගිනිකන වැටුණම.

ජලය කියන පරිසර සාධකය පුද්ගල සිතක තනන නැවුම් සිහිලැල් තෙත මනෝභාවය සහ ජලය හිඟකම මිනිස් සිතකට ගෙන එන කාස්ටක කර්කශ වියළි මනෝභාව ගැට ගස්සමින් එකී මනෝභාව ද්විත්වය සහ එමඟින් ජනනය වන්නාවූ චිත්ත විවිධත්වය නිරූපණය කරන විදිහ පුදුමාකාරයි.

මේ චිත්‍රපටය පුරාම අන්න ඒ වෙනස්බව විවිධ තේමා ඔස්සේ ගෙන එනවා.

ජලය පිරුණු නිල්වන් ගංඟා සහ රළු වියළු කාන්තාර…
උතුරා යන ප්‍රේමයක රෝමාන්තික චුම්බනය සහ කාත් කවුරුවත් නැති දරුණු හුදෙකලාවක ඛේදනීයත්වය..
හී ගඬු පිපෙන තරම් අධික සීතල සහ කොරල පෑදී සිරුරේ සම පැලී යන තරම් අධික රස්නය..

මිනිස් සිතක පරාර්ථකාමීත්වය සහ මිනිස් සිතක ආත්මාර්ථකාමීත්වය..
මුදල වැදගත් යැයි සිතෙන තැන සහ මුදල් යනු මොනවාදැයි මතක් වෙන්නේවත් නැති තැන..

ගහකොළ පිරුණු නිල්වන් පරිසරයක ලලිත සුලලිතබව සහ හරිත පෑ තුරුපතක සේයාවක්වත් නොපෙනෙන පරිසරයක කඨෝරබව..
උපන්බිම අතහැර යන්නට ඇති අධික වුවමනාව සහ උපන්බිමට පැමිණෙන්නට ඇති අධික වුවමනාව..

කිසිවක් තිබූවත් මුදල් නැතිව වැඩක් නැතැයි සිතෙන කාලයක් සහ සියල්ල තිබූවත් සෙනෙහසක් නැතිව වැඩක් නැතැයි සිතෙන කාලයක්…

මේ ආකාරයෙන් විවිධ කාරණවල සරල පූර්ණත්වය සහ සරල ශුන්‍යතාවය අතර පවත්නා වෙනසත්, බාහිර සාධකයන්ගේ පූර්ණත්වය මිනිස් ජීවිතයකට කැන්ඳන චිත්ත ප්‍රීතියත්, ශුන්‍යතාවය මිනිස් සිතකට කැන්ඳන දළදඬුබවත් කියවා ගන්න මේනං කදිම කලා කටයුත්තක්.
ඒවගේම මේ සියල්ලම හා සම කරන්ට තරම් අද්විතීයම රංගන කාර්‍යයක යෙදෙන මේ මහා මිනිසා! ප්‍රිත්විරාජ්! ප්‍රිත්විරාජ්! ප්‍රිත්විරාජ්! අහෝ අහෝ අහෝ!! එක අතකට ඒ මහා මිනිසා ගැන මේ කුඩා මිනිසා මොනවා ලියන්නද… සැකයක් නෑ මේ ප්‍රත්වි තමා කව්දැයි පෙන්වූ සිනමාවයි. නළුවෙක් ලෙස තමා කො‍යි තරම් පොරක්දැයි පෙන්වූ සිනමාවයි..

Chris Telan Siyambalapitiya

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...