අතරමඟ නැවතුණු Campbell Avenue හි මහල් නිවාස ව්‍යාපෘතිය නිමකිරීමට Westbury Residencies ඉදිරිපත් වෙයි !

Share post:

මීට ටික කලකට පෙර කොළඹ නගරයේ හදවත වැනි ස්ථානයක අරඹා අත් හැර දමා කිසිවෙකුගේ අවධානය යොමු වී නොතිබුණු Campbell Avenue හි පිහිටි මහල් නිවාස ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට Westbury Residencies සමාගමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ මුහේස් ඇතුළු කණ්ඩායම ඉදිරිපත් වෙයි.

ඔවුන් එම අභියෝගය භාර ගත්තේ එම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට ඇති හැකියාව පිළිබඳව විශේෂඥයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවා සැක පළ කළ පසුබිමකය. මුහේස් මහතාගේ අධීක්ෂණයෙන් සහ නායකත්වයෙන් ඇරැඹුණු එම ක්‍රියාවලියත් සමගම Campbell Avenue හි පිහිටි මහල් නිවාස ව්‍යාපෘතියට නව ජීවයක් ලැබෙන්නට විය.

ඉතා තීක්ෂණ ලෙස ඊට අදාළ සැළසුම් සැකසූ එම කණ්ඩායම පළමුවෙන්ම ව්‍යාපෘතිය හා බැඳුණු ඉතිහාසය පිළිබඳව පුළුල් අධ්‍යයනයක නිරත වූහ. ඒ හරහා එහි වැඩි දියුණු කළ යුතු අංශ මොනවාදැයි මැනවින් හඳුනා ගත්හ. පුළුල් වෙළෙඳපොළ සහ ශක්‍යතා අධ්‍යයන සමඟ මෙම ව්‍යාපෘතිය සාර්ථක කිරීමට ඔවුන්ට හැකි විය. භෞතික වශයෙන් එය යළි නඟා සිටුවීමට අමතරව ඊට අදාළ පාර්ශ්ව තුළ ව්‍යාපෘතිය පිළිබඳව යළි විශ්වාසය ගොඩනැඟීම වැදගත් බව වටහා ගත් Westbury කණ්ඩායම ඒ සඳහා අවශ්‍ය උපායමාර්ගික ක්‍රියාමාර්ගද නොපමාව ගත්තේය‍. ව්‍යාපෘතියට අදාළ සෑම අදියරකදීම විනිවිදභාවයට මුල් තැන දෙමින් වෘත්තිකයන් සහ ව්‍යවසායකයන් ඇතුළු අදාළ පාර්ශ්ව සමඟ විවෘතව සන්නිවේදනය කළ ඔවුහු මූල්‍ය දුෂ්කරතා වැනි අභියෝග ජය ගැනීමට නිර්මාණාත්මක සහ නව්‍ය විසඳුම් ක්‍රියාත්මක කළහ. Westbury Residencies අභියෝග රැසකට සාර්ථකව මුහුණ දෙමින් ඉතා කෙටි කාලයකින් මෙම ව්‍යාපෘතියට නව ජීවයක් දුන් අතර ඒ හරහා ඔවුන්ගේ විශිෂ්ටත්වය වඩාත් තහවුරු විය. Westbury Residencies – Colombo 10 යනුවෙන් නම් කර ඇති මෙම ව්‍යාපෘතිය යහපත් දැක්මක් උදෙසා නොසැළෙන කැපවීමෙන් යුතුව කටයුතු කිරීමෙන් සාර්ථකත්වය ළඟා කර ගත හැකි බවට කදිම සාක්ෂියකි.

Related articles

පුටින්ගේ රුසියානු – යුක්රේණ යුද්ධය, නෙතන්යාහුගේ ඉරාණ-ඊශ්‍රායල යුද්ධය!ජාත්‍යන්තර නීතිය කඩ කර ඇත්තේ කවු ද?

ඊශ්‍රායල-ඇමරිකා සහ ඉරාණය අතර යුද්ධය ලෝකයේම නව දේශපාලනික කතිකාවතක් නිර්මාණය කෙරෙමින් පවතී. එක් අතකින් නූතන ගෝලීය ලෝකයේ අපගේ...

අධිරාජ්‍යවාදයේ දඩ බල්ලෝ…

ස්ත්‍රීන් සහ දරුවන් මරාදමමින්, පාසල් සහ රෝහල් වලට බෝම්බ දමමින්, ජනාකීර්ණ නගර සමතලා කරමින්, බෝම්බවලට ගොදුරුවූවන් සමඟ සෙල්ලම්...

මානව සංහතියේ අන්තය සමගින් එළැඹෙන AI යුගය කෙබඳුද ? (Human Edge in the AI Age )

2025 දෙසැම්බර් මස අතිශයින්ම වැදගත් පොතක් එංගලන්තයේ ලංඩන් නුවර පිහිටි පෙන්ගුයින් රැන්ඩම් නිවස ( Penguin Random House )...

අපර්ණා තම පරිණතභාවය පෙන්නුම් කළ චිත්‍රපටයක් Yugant (1995)

Yugant (1995)අපර්ණා සෙන් යනු තම නිර්මාණ දිවිය තුල විවිද වූ අත්හදා බැලීම් සිදු කළ අධ්‍යක්ෂකවරියක්. ඇයගේ බහුතරයක් චිත්‍රපට...