මැතිවරණ කොමිසමේ රැස්වීම බ්‍රහස්පතින්දා : නාමයෝජනා අගෝ. 15 – ඡන්දය සැප්. 21 !

Share post:

ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම බ්‍රහස්පතින්දා (25) රැස්වීමට නියමිත බව ය.

2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා කෙරෙන අතර ඉන් අනතුරුව මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිත ය.

කෙසේවෙතත්, මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය මෙම සති අන්තයට පෙර ප්‍රකාශයට පත්කරන බවයි.

මේ අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ සිකුරාදා (26) මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි. ඉන්පසු අගෝස්තු 15දා නාමයෝජනා කැඳවීමට නියමිත අතර, මැතිවරණය සැප්තැම්බර් 21දා පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...