මැතිවරණ කොමිසමේ රැස්වීම බ්‍රහස්පතින්දා : නාමයෝජනා අගෝ. 15 – ඡන්දය සැප්. 21 !

Share post:

ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම බ්‍රහස්පතින්දා (25) රැස්වීමට නියමිත බව ය.

2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා කෙරෙන අතර ඉන් අනතුරුව මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිත ය.

කෙසේවෙතත්, මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය මෙම සති අන්තයට පෙර ප්‍රකාශයට පත්කරන බවයි.

මේ අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ සිකුරාදා (26) මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි. ඉන්පසු අගෝස්තු 15දා නාමයෝජනා කැඳවීමට නියමිත අතර, මැතිවරණය සැප්තැම්බර් 21දා පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...