ව්‍රායිගේ හා දිනුෂිගේ බකමූණු, කෑඳැති සංධ්වනිය

Share post:

අපේ ව්‍රායි සහෝදරී එහෙම කෙනෙක් බව දැන සිටියේ නෑ කියන එක අපේ අඩුවක්. දිනුෂි අඳුනා ගන්න ලැබුණේ අද . ඒක නියම මුසුවක්. සිත්තර පෑන් තුඩ හා බතික් රිද්ම. විහඟ ගවේෂණයක්.

අපිට ඉතිරි වෙලා තියෙන්නේ ආපසු සොබාදහම කරා යන්න. ඒක ජීවවාසික චාරිකාවක පසු ආවර්තී මහගෙදර යාමක්. අවධාරණය සුනිල් විජේසිරිවර්ධන මතු කළ පාර. මේ ආපසු ගමන වැළපීමක් නොවේ . නරක් කරපු ලෝකය වෙත සොරි කීමක්.

මේ වගේ සිතුවම් අපේ පාසැල් පංති කාමර, මෙඩිකල් සෙන්ටර්ස්, බස් නැවතුම් වගේ තැන් හැඩ කරනවා නම් …කියලා හිතෙනවා . Interior designing …මේවා ලක්සලේ හරි ලොකු හෝටලේක හරි විතරයි ද අපි දකින්නෙ…
අලි බෑග්, අලි සරොම්, අලි ලේන්සු, අලි චිත්‍ර…සිගිරි මග්, සීගිරි මුද්දර ….විතරයි ද ලංකාව ..ව්‍රායිගෙන් බකමූණු, කෑඳැති විකල්පයක්.

ඒවා තියුණු ඉවසීම් සිතුවම් . ස්තුතියි මිතුරියනි, පෙන්වා දුන්නාට ඔබ තුළ වැඩුණු ඒ ආදර ජීවියා.

හිනිඳුම සුනිල් සෙනෙවි

(Curado Art Space, 302, පාර්ක් රෝඩ්, කොළඹ 05 හිදී 19 සිට 25 දක්වා දින 07ම පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා එය ඔබ වෙනුවෙන්ම විවෘතයි.)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...