විජේදාස ගේන්නෙ නෑ කියූ 22 රනිල් හදිසියේ ගැසට් කරයි !

Share post:

ගැසට් කිරීමෙන් වළකින බවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඊයේ (18) පැවසූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියමයෙන් අද (19)ගැසට් කර තිබේ.

මෙම සංශෝධනය ගෙන එන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාවේ සඳහන් වසර 06ක් ඉක්මවා යන වචනය වෙනුවට වසර 05ක් ඉක්මවා යන වචනය ආදේශ කිරීම වෙනුවෙනි.

මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වුවහොත්, ඒ වෙනුවන් ජනමතවිචාරණයක් පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නිර්දේශ කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට ලැබෙන බව ව්‍යවස්ථා විශාරදයෝ පෙන්වා දෙති.

එමගින් ඉදිරි ජනාධිපතිවරණය අවුල්සහගත තත්වයකට පත්වනු ඇතැයිද ඔවුහු සඳහන් කරති.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...