රනිල්ගේ ව්‍යවස්ථා සංශෝධනය දේශපාලන ව්‍යාකූලත්වයක් ඇතිකිරීමේ උත්සාහයක් – නීති විශාරදයෝ, ජනාධිපති නීතිඥවරු රැසක් එක්ව නිවේදනයක් නිකුත් කරති !

Share post:

කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වුවහොත් ජනමත විචාරණයක් කැඳවීමේ අනිවාර්ය අවශ්‍යතාවක් මතුවීමෙන් රටේ දේශපාලන ව්‍යාකූලත්වයක් නිර්මාණය විය හැකි බව නීතිඥ සාමූහිකය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවයි.

නීතිඥ සාමූහිකය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒ පනත් කෙටුම්පත සම්මත වී දින 30ක් ඇතුළත ජනමත විචාරණයක් පැවැත්වීමට සිදුවන බවයි.

එමගින් රටට ජාතික මැතිවරණ දෙකක බරක් දැරීමට සිදුවන අතර, එය ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කරන බවට නීතිඥ සාමූහිකය අනතුරු අඟවයි. ජනමත විචාරණයක් පැවැත්වීමට සිදුවීම රුපියල් බිලියන ගණනක් වැයවන ක්‍රියාවලියක් බව ද සඳහන් කරන නීතිඥ සාමූහිකය, පළාත් පාලන ඡන්දය පැවැත්වීමට මුදල් නොමැති බවට ශ්‍රී ලංකා රජය අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර ඇති බව ද මතක් කර දෙයි.

නීතිඥ සාමූහිකය පවසන්නේ මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ ධුර කාලයේ උපරිමය විමසීම සම්බන්ධයෙන් කිසිදු හදිසි අවශ්‍යතාවක් නොමැති බවයි.

මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, මහාචාර්ය කමීනා ගුණරත්න, මහාචාර්ය දීපිකා උඩගම, ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න, ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, අනුර මැද්දෙගොඩ, උපුල් ජයසූරිය, උපුල් කුමරප්පෙරුම, ඩිනාල් පිලිප්ස්, දුලින්ද්‍ර වීරසූරිය, එස්.ටී. ජයනාග, චන්ද්‍ර ජයසේකර සමග නීතිඥවරුන් වන අර්මිසා ටීගල්, මනෝජ් නානායක්කාර, ජයන්ත දෙහිඅත්තගේ, කේ.ඩබ්ලිව්. ජනරංජන, ශ්‍රීනාත් පෙරේරා, අකලංක උක්වත්ත ඇතුළු නීතිඥවරුන් රැසක් මේ නිවේදනයට අත්සන් කර ඇත.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...