රනිල්ගේ ව්‍යවස්ථා සංශෝධනය දේශපාලන ව්‍යාකූලත්වයක් ඇතිකිරීමේ උත්සාහයක් – නීති විශාරදයෝ, ජනාධිපති නීතිඥවරු රැසක් එක්ව නිවේදනයක් නිකුත් කරති !

Share post:

කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වුවහොත් ජනමත විචාරණයක් කැඳවීමේ අනිවාර්ය අවශ්‍යතාවක් මතුවීමෙන් රටේ දේශපාලන ව්‍යාකූලත්වයක් නිර්මාණය විය හැකි බව නීතිඥ සාමූහිකය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවයි.

නීතිඥ සාමූහිකය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒ පනත් කෙටුම්පත සම්මත වී දින 30ක් ඇතුළත ජනමත විචාරණයක් පැවැත්වීමට සිදුවන බවයි.

එමගින් රටට ජාතික මැතිවරණ දෙකක බරක් දැරීමට සිදුවන අතර, එය ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කරන බවට නීතිඥ සාමූහිකය අනතුරු අඟවයි. ජනමත විචාරණයක් පැවැත්වීමට සිදුවීම රුපියල් බිලියන ගණනක් වැයවන ක්‍රියාවලියක් බව ද සඳහන් කරන නීතිඥ සාමූහිකය, පළාත් පාලන ඡන්දය පැවැත්වීමට මුදල් නොමැති බවට ශ්‍රී ලංකා රජය අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර ඇති බව ද මතක් කර දෙයි.

නීතිඥ සාමූහිකය පවසන්නේ මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ ධුර කාලයේ උපරිමය විමසීම සම්බන්ධයෙන් කිසිදු හදිසි අවශ්‍යතාවක් නොමැති බවයි.

මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, මහාචාර්ය කමීනා ගුණරත්න, මහාචාර්ය දීපිකා උඩගම, ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න, ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, අනුර මැද්දෙගොඩ, උපුල් ජයසූරිය, උපුල් කුමරප්පෙරුම, ඩිනාල් පිලිප්ස්, දුලින්ද්‍ර වීරසූරිය, එස්.ටී. ජයනාග, චන්ද්‍ර ජයසේකර සමග නීතිඥවරුන් වන අර්මිසා ටීගල්, මනෝජ් නානායක්කාර, ජයන්ත දෙහිඅත්තගේ, කේ.ඩබ්ලිව්. ජනරංජන, ශ්‍රීනාත් පෙරේරා, අකලංක උක්වත්ත ඇතුළු නීතිඥවරුන් රැසක් මේ නිවේදනයට අත්සන් කර ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...