Vcare Skin Clinic හා වෛද්‍ය ප්‍රමිලා රණසිංහ BWIO හා Asia Miracle සම්මාන දිනයි !

Share post:

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රූපලාවණ්‍ය සායනයක් වන Vcare Skin Clinic සහ එහි නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ප්‍රමිලා රණසිංහ මහත්මිය Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී වසරේ සෙෳඛ්‍ය සහ ඒ ආශ්‍රිත සේවා අංශයේ විශිෂ්ටම වෘත්තිකයාට හිමි රන් සම්මානයෙනුත් Vcare Skin Clinic වසරේ විශිෂ්ටම රූපලාවණ්‍ය සායනය ලෙස ප්ලැටිනම් සම්මානයෙනුත් පිදුම් ලැබීය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති සම්මාන උළෙලට අමාත්‍යවරු, තානාපතිවරු සහ කළාකරුවෝ රැසක් සහභාගී වූහ. MUGP International සංවිධානය කළ Asia Miracle 2024 සම්මාන උළෙලේදීද වසරේ විශිෂ්ටම රූපලාවණ්‍ය සායන සන්නාමය ලෙස Vcare Skin Clinic සම්මාන ලැබීය.

කාන්තා පිරිමි දෙපාර්ශ්වයේම සම, හිස කෙස් සහ ශරීරය සඳහා නවීන තාක්ෂණය උපයෝගී කර ගත් වෛද්‍ය සහ රූපලාවණ්‍ය ප්‍රතිකාර සපයන Vcare Skin Clinic වර්තමානයේදී ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටී. එම සෑම ප්‍රතිකාරයක්ම දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතිවලට අනුව සිදු කරන නිසා ඔවුන්ට ඉතා කෙටි කාලයකින් පාරිභෝගික විශ්වාසය තහවුරු කර ගැනීමට සහ ශීඝ්‍ර වර්ධනයක් ළඟා කර ගැනීමට හැකි වී තිබේ. MBBS සහ BAMS උපාධිධාරී වෛද්‍යවරුන්ගෙන් සමන්විත Vcare Skin Clinicහි සේවය කරන චිකිත්සකවරුන් ඇතුළු සියලු වෘත්තිකයන් ඉහළම වෘත්තීය සහ අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇත. Vcare Skin Clinicහි කැපී පෙනෙන සාර්ථකත්වයට බල පෑ ප්‍රධානම සාධකය වන්නේ වෛද්‍ය ප්‍රමිලා රණසිංහ මහත්මියගේ නායකත්වයයි.

විශිෂ්ටත්වය ළඟා කර ගැනීමට නිරන්තර කැපවීමෙන් කටයුතු කරන ඇය Vcare Skin Clinic සපයන ප්‍රතිකාරවල ප්‍රමිතිය ජත්‍යන්තර මට්ටමෙන් පවත්වා ගෙන යයි. ආයතනයට පැමිණෙන සෑම අයෙකුටම සුරක්ෂිත, නිරෝගිමත් සහ තෘප්තිමත් අත්දැකීමක් තහවුරු කරමින් ඒ ඒ පාරිභෝගිකයන්ගේ සුවිශේෂ අවශ්‍යතා අනුව සේවා සැපයීමට Vcare Skin Clinic කටයුතු කරයි.

Related articles

නඩු නොඇසූ යුගයක සලරු සටහන, ‘ෆාදර්’

80 සහ 90 දසකවල සියනෑ කෝරළේ ඔස්මන් ගුණසේකර නමැත්තා ආශ්‍රිතව සිදු වූ සත්‍ය සිදුවීම් දාමයක් සහ කුප්‍රකට වවුල්කැලේ...

‘මට ඒ මුහුණ හුරුය. තස්ලිමා නස්රින්! මම ඇය හඳුනා ගතිමි’

කේරළයට ගිය කෑරලා - 4 පෙරදා සන්ධ්‍යාවේ අභිලාෂ් නික්ම ගියේ පසුදින දහය වන විට වාහනයද සමග මා සිටින හෝටලයට...

‘කේරළ තෙයියම් සම්ප්‍රදාය සහ අපේ තොවිල් වැනි යාතුකර්ම අතර බෙහෙවින් සමානකම් පවතී’

කේරළයට ගිය කෑරලා-3 මා නවාතැන් ලද හෝටලයේ සිට මිදුලට බට සැණින් ඇසට හසුවන දසුන් දෙකකි. ඉන් එකක් එක්වරම සිහියට...

“දැවෙන හෘද සාක්ෂිය වෙත කැමරාව හැර වූ ජෆාර් පනාහි” – It was Just an accident

දේශපාලන සිරකරුවන් ලෙස වධබන්ධනයට ලක් කර කාලාන්තරයකට පසුව ඔවුන් එසේ වධ දුන් පුද්ගලයා නැවත හමුවුවහොත් කුමක් කරාව්ද? අතීතය...