Vcare Skin Clinic හා වෛද්‍ය ප්‍රමිලා රණසිංහ BWIO හා Asia Miracle සම්මාන දිනයි !

Share post:

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රූපලාවණ්‍ය සායනයක් වන Vcare Skin Clinic සහ එහි නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ප්‍රමිලා රණසිංහ මහත්මිය Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී වසරේ සෙෳඛ්‍ය සහ ඒ ආශ්‍රිත සේවා අංශයේ විශිෂ්ටම වෘත්තිකයාට හිමි රන් සම්මානයෙනුත් Vcare Skin Clinic වසරේ විශිෂ්ටම රූපලාවණ්‍ය සායනය ලෙස ප්ලැටිනම් සම්මානයෙනුත් පිදුම් ලැබීය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති සම්මාන උළෙලට අමාත්‍යවරු, තානාපතිවරු සහ කළාකරුවෝ රැසක් සහභාගී වූහ. MUGP International සංවිධානය කළ Asia Miracle 2024 සම්මාන උළෙලේදීද වසරේ විශිෂ්ටම රූපලාවණ්‍ය සායන සන්නාමය ලෙස Vcare Skin Clinic සම්මාන ලැබීය.

කාන්තා පිරිමි දෙපාර්ශ්වයේම සම, හිස කෙස් සහ ශරීරය සඳහා නවීන තාක්ෂණය උපයෝගී කර ගත් වෛද්‍ය සහ රූපලාවණ්‍ය ප්‍රතිකාර සපයන Vcare Skin Clinic වර්තමානයේදී ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටී. එම සෑම ප්‍රතිකාරයක්ම දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතිවලට අනුව සිදු කරන නිසා ඔවුන්ට ඉතා කෙටි කාලයකින් පාරිභෝගික විශ්වාසය තහවුරු කර ගැනීමට සහ ශීඝ්‍ර වර්ධනයක් ළඟා කර ගැනීමට හැකි වී තිබේ. MBBS සහ BAMS උපාධිධාරී වෛද්‍යවරුන්ගෙන් සමන්විත Vcare Skin Clinicහි සේවය කරන චිකිත්සකවරුන් ඇතුළු සියලු වෘත්තිකයන් ඉහළම වෘත්තීය සහ අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇත. Vcare Skin Clinicහි කැපී පෙනෙන සාර්ථකත්වයට බල පෑ ප්‍රධානම සාධකය වන්නේ වෛද්‍ය ප්‍රමිලා රණසිංහ මහත්මියගේ නායකත්වයයි.

විශිෂ්ටත්වය ළඟා කර ගැනීමට නිරන්තර කැපවීමෙන් කටයුතු කරන ඇය Vcare Skin Clinic සපයන ප්‍රතිකාරවල ප්‍රමිතිය ජත්‍යන්තර මට්ටමෙන් පවත්වා ගෙන යයි. ආයතනයට පැමිණෙන සෑම අයෙකුටම සුරක්ෂිත, නිරෝගිමත් සහ තෘප්තිමත් අත්දැකීමක් තහවුරු කරමින් ඒ ඒ පාරිභෝගිකයන්ගේ සුවිශේෂ අවශ්‍යතා අනුව සේවා සැපයීමට Vcare Skin Clinic කටයුතු කරයි.

Related articles

ජෙයරාජ් ඝාතනයට සැක පිට අත්අඩංගුවේ සිටි පොලිස් අධිකාරි වහාම සේවයේ පිහිටුවන්න : පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියෙන් නියෝගයක්

හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිටි, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදොස් කොට...

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...

පාකිස්ථාන් සාම දූත භුමිකාවේ තිරය පිටුපස සිටින සැබෑ “අධ්‍යක්ෂවරයා” කවුද ?

පසුගිය පැය කිහිපය තුළ මුළු ලෝකයේම අවධානය යොමු වුණේ බටහිර ආසියාව දෙසටයි. ලෝකයේ බොහෝ දෙනෙක්ට ඊයේ රාත්‍රිය නින්දක්...

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...