IIHS සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට වෘත්තීය ගමන්මඟ තෝරා ගැනීමට දොර විවර කරයි !

Share post:

දකුණු ආසියාවේ ප්‍රමුඛතම සෙෳඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසු සිසුවියන්ට එම පරිශ්‍රය වෙත පැමිණ ඔවුන් පිරිනමන අධ්‍යාපන වැඩසටහන් පිළිබඳව අවබෝධයක් ලැබීමට අවස්ථාව සළසයි.

IIHS ආයතනය හෙද සේවය, භෞතචිකිත්සාව, ජෛව වෛද්‍ය විද්‍යාව, පරිපූරක වෛද්‍ය විද්‍යාව, මනෝ විද්‍යාව, පෝෂණ හා ආහාර විද්‍යාව, සෞඛ්‍ය සේවා කළමනාකරණය, ඩිජිටල් සෞඛ්‍යය සහ විකිරණවේදය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට අදාළ උපාධි පාඨමාලා හඳුන්වා දී ඇත. ඔවුන් හා සම්බන්ධ වන සිසු සිසුවියන්ට නවීන පහසුකම් සමඟ ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත ආචාර්ය මණ්ඩලයක් යටතේ වර්තමාන ලෝකයට ගැළපෙන අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව ලැබේ.

අධ්‍යාපන වැඩසටහන් පිළිබඳ තොරතුරු ගැනීමට සහ නවීන තාක්ෂණය යොදා ගෙන පැවැත්වෙන වැඩමුළු හා වෙනත් වැඩසටහන්වලට සහභාගී වීමට සිසු සිසුවියන්ට අවස්ථාව සළසා ඇත. ඒ තුළින් ඔවුන්ට වෘත්තීය අරමුණු කරා යාමට උපකාර වන පාඨමාලා තෝරා ගැනීමට අවස්ථාව ලැබේ. IIHS පිරිනමන දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඉහළ ප්‍රමිති සහිත අධ්‍යාපන සුදුසුකම්වලට මෙරට මෙන්ම පිටරටද රැකියාවලට යොමු වීමේදී ප්‍රමුඛතාව හිමි වේ.

ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, ෆින්ලන්තය සහ එක්සත් රාජධානිය වැනි රටවල් රැසක ප්‍රමුඛ විශ්වවිද්‍යාල සමඟ IIHS ඇති කර ගෙන ඇති සහයෝගිතා ඊට පිටිවහලක් වේ. සහතික පත්‍ර පාඨමාලාවල සිට ආචාර්ය උපාධි දක්වා අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට IIHS පහසුකම් සළසයි. ඉහළ සුදුසුකම් සහ අත්දැකීම්වලින් හෙබි වෘත්තිකයන් සමඟ කතාබහක යෙදීමටද මෙහිදී සිසු සිසුවියන්ට අවස්ථාව ලැබේ.

“සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියට යමින් දීප්තිමත් අනාගතයක් උදා කර ගැනීමට ඔබට ලැබෙන මේ අවස්ථාව මඟ හරින්න එපා. ප්‍රමාද නොවී අප ආයතනය වෙත පැමිණෙන ඔබට පුළුවන් මෙහි අධ්‍යාපන පාඨමාලා හදාරන්න සුදුසුකම් ලබන කිහිප දෙනාගෙන් අයෙක් වෙන්න.”

IIHS ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා පැවසීය.

Related articles

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...

ස්ත්‍රී පැවැත්මකින් ‘ශ්‍රාවය වූ කතා’

මේ වසරේ ගොඩගැසුණු පොත් කන්ද ටිකින් කියව ගන්න උත්සහ කරද්දී ඒ පොත් කන්ද බරක් සේ නොව ආස්වාදයක් සේ...

රාජන් හූල් නම් මහා පොත සොයා ගියෙමි

ඇත්තම කියන්නේ නම් මට හිතෙන්නේම මගේ දෛවය විසින් මම යාපන අහසට තියා ඇණ ගසා ඇති වගකි. යාල් පානම්...