IIHS සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට වෘත්තීය ගමන්මඟ තෝරා ගැනීමට දොර විවර කරයි !

Share post:

දකුණු ආසියාවේ ප්‍රමුඛතම සෙෳඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසු සිසුවියන්ට එම පරිශ්‍රය වෙත පැමිණ ඔවුන් පිරිනමන අධ්‍යාපන වැඩසටහන් පිළිබඳව අවබෝධයක් ලැබීමට අවස්ථාව සළසයි.

IIHS ආයතනය හෙද සේවය, භෞතචිකිත්සාව, ජෛව වෛද්‍ය විද්‍යාව, පරිපූරක වෛද්‍ය විද්‍යාව, මනෝ විද්‍යාව, පෝෂණ හා ආහාර විද්‍යාව, සෞඛ්‍ය සේවා කළමනාකරණය, ඩිජිටල් සෞඛ්‍යය සහ විකිරණවේදය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට අදාළ උපාධි පාඨමාලා හඳුන්වා දී ඇත. ඔවුන් හා සම්බන්ධ වන සිසු සිසුවියන්ට නවීන පහසුකම් සමඟ ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත ආචාර්ය මණ්ඩලයක් යටතේ වර්තමාන ලෝකයට ගැළපෙන අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව ලැබේ.

අධ්‍යාපන වැඩසටහන් පිළිබඳ තොරතුරු ගැනීමට සහ නවීන තාක්ෂණය යොදා ගෙන පැවැත්වෙන වැඩමුළු හා වෙනත් වැඩසටහන්වලට සහභාගී වීමට සිසු සිසුවියන්ට අවස්ථාව සළසා ඇත. ඒ තුළින් ඔවුන්ට වෘත්තීය අරමුණු කරා යාමට උපකාර වන පාඨමාලා තෝරා ගැනීමට අවස්ථාව ලැබේ. IIHS පිරිනමන දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඉහළ ප්‍රමිති සහිත අධ්‍යාපන සුදුසුකම්වලට මෙරට මෙන්ම පිටරටද රැකියාවලට යොමු වීමේදී ප්‍රමුඛතාව හිමි වේ.

ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, ෆින්ලන්තය සහ එක්සත් රාජධානිය වැනි රටවල් රැසක ප්‍රමුඛ විශ්වවිද්‍යාල සමඟ IIHS ඇති කර ගෙන ඇති සහයෝගිතා ඊට පිටිවහලක් වේ. සහතික පත්‍ර පාඨමාලාවල සිට ආචාර්ය උපාධි දක්වා අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට IIHS පහසුකම් සළසයි. ඉහළ සුදුසුකම් සහ අත්දැකීම්වලින් හෙබි වෘත්තිකයන් සමඟ කතාබහක යෙදීමටද මෙහිදී සිසු සිසුවියන්ට අවස්ථාව ලැබේ.

“සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියට යමින් දීප්තිමත් අනාගතයක් උදා කර ගැනීමට ඔබට ලැබෙන මේ අවස්ථාව මඟ හරින්න එපා. ප්‍රමාද නොවී අප ආයතනය වෙත පැමිණෙන ඔබට පුළුවන් මෙහි අධ්‍යාපන පාඨමාලා හදාරන්න සුදුසුකම් ලබන කිහිප දෙනාගෙන් අයෙක් වෙන්න.”

IIHS ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා පැවසීය.

Related articles

පාස්කු විමර්ශන ගැන කතා කරන එක කොන්ත්‍රාත් එකක් ද? : අපි ඕනෙ කෙනකුට විවෘතයි ! – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

ඇත්තටම ඇයි පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු හොයන්න ඔච්චර මහන්සි වෙන්නෙ, කෙනෙකුට කියන්න පුළුවන් මේක කොන්ත්‍රාත් එකක් කියලා, සමාජ මාධ්‍යවල ඇතැම්...

රාජපක්ෂලාගෙන් පොරොන්දු ගෙන නීතිය සමග සෙල්ලම් කළ පිල්ලෙයාන් !

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන 5ක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ශිවනේසතුරෙයි...

කොළඹ මහ නගර සභාවේ වංචා හා දූෂණ සොයන කොමිසමේ කාලය දික් කරයි !

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි කියනු ලබන දූෂණ, වංචා හා අවභාවිතයන් පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා...

භික්ෂු හැඳුනුම්පත දෙනකොට නඩු ගැන බලන්න විදිහක් නෑ – බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

භික්ෂූන් වහන්සේලාට භික්ෂු හැඳුනුම්පත නිකුත් කිරීමේදී උන් වහන්සේලාට එරෙහිව පවතින අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකරන බව...