පාස්කු ප්‍රහාරය : සංවිධාන 05ක තහනම පැය 48කින් හෝ සඳුදා ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශයෙන් පොරොන්දුවක් : බුද්ධි අංශ වාර්තාවල මොකුත් නැතිලු !  

Share post:

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව තහනම් කළ ඉස්ලාමීය සංවිධාන 11න් 5ක තහනම කොන්දේසි සහිතව හෙට (17) සිට ඉවත් කරන බව ආරක්ෂක අමාත්‍යංශය මගින් එම සංවිධාන නියෝජිතයන්ට දැනුම් දී තිබේ.

එම සංවිධාන නියෝජිතයන් සහ ආරක්ෂක අමාත්‍යංශය අතර පෙරේදා (14) පැවති සාකච්ඡාවකදී අවධාරණය කර ඇත්තේ පැය 48ක් තුළ මෙම තහනම ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවයි. එසේ නොවුණහොත් සඳුදා වන විට ඊට අදාළ කටයුතු සිදු වනු ඇතැයි ද එහිදී දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය පාර්ශ්වයෙන් අප කළ සොයාබැලීමකදී දැනගැනීමට ලැබුණේ සඳුදා දිනයේ ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කෙරෙනු ඇති බවයි.

හේතු ?

මෙම තහනමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු කිහිපයක් ද පවරා තිබේ. එසේ ම මෙම සංවිධාන හරහා මැද පෙරදිග රාජ්‍යයන් මගින් මෙරට ජනතාවට සහන සැලසීම සඳහා ලබාදුන් විශාල අරමුදල් ද අදාළ තහනම නිසා නතර වී ඇත.

විශේෂඥ කමිටු

මේ අතර අද (16) සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ වසරකට වැඩි කාලයක් පැවති විමර්ශනයකින් පසු, විමර්ශන සහ බුද්ධි අංශවල විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක්  සහ මෙම කණ්ඩායම්වල නියෝජිතයන් – රජයේ බලධාරීන් අතර පැවති සාකච්ඡාවලින් පසුව ලබාදුන් නිර්දේශවලට අනුව මෙම සංවිධාන පහේ තහනම ඉවත් කරන බවයි.

සංවිධාන මොනවාද ?

ඒ අනුව පහත සඳහන් ඉස්ලාමීය සංවිධානවල තහනම ඉවත් කිරීමට නියමිත ය.

01. ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා (JASM)

02. ශ්‍රී ලංකා තව්හිද් ජමාත් (SLTJ)

03. සමස්ත ලංකා තව්හිද් ජමාත් (ACTJ)

04. ලංකා තව්හිද් ජමාත් (CTJ)

05. එක්සත් තව්හිද් ජමාත් (UTJ)

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මෙම සංවිධාන පහ සහ තවත් සංවිධාන හයක් තහනම් කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2021 අප්‍රේල් මාසයේදී ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

ජනපති සමග සාකච්ඡාව

මෙම සංවිධාන තහනම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉස්ලාම් ආගමික ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ද පැවැත්වුණු අතර, එහිදී ආගමික ප්‍රධානීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණේ මෙම සංවිධානවලට එරෙහිව චෝදනා ඇත්නම්, කඩිනමින් ඊට එරෙහිව පියවර ගන්නා ලෙසත්, එසේ චෝදනා නොමැති නම් මෙම තහනම් ඉවත් කරන ලෙසත් ය. අදාළ සංවිධාන මගින් මෙරට ජනතාවට ලබාදුන් සහන සහ ඒවා සිදු කළ ආකාරය, ඒවායේ විනිවිදභාවය සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකර ඇත.

චෝදනා ?

ඉන්පසු ජනාධිපතිවරයා සහ ආරක්ෂක ප්‍රධානීන් අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහිදී අනාවරණය වී ඇතැයි පැවසෙන්නේ මෙම තහනම ඉවත් කරනු ලබන සංවිධානවලට එරෙහිව කිසිදු චෝදනාවක් තහවුරු වී නැති බවයි. බුද්ධි අංශ මගින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මෙම සංවිධාන පිළිබඳව විමර්ශන පැවැත්වූ බව ද එහිදී සඳහන් වී ඇත.

Related articles

“ජීවත්වීම සඳහා සංක්‍රමණිකයෙකුගේ ජීවිත සැලැස්ම” – “The Brutalist”

2024 වසරේ තිරගත වූ "The Brutalist" චිත‍්‍රපටය හුදෙක් සාමාන්‍ය චිත‍්‍රපටයක් ලෙස ස්ථානගත කළ නොහැකි අග්‍රකෘතියක් ලෙස ස්ථානගත කළ...

‘නොබැඳි පිළිවෙත, මධ්‍යස්ථභාවය, සදාචාරය සහ ජාතික අවශ්‍යතා’

(මේ ලිපිය 2026 මාර්තු 25 වනදා ‘The Island’ පුවත්පතේ පලවූ ‘Nonalignment, Neutrality, Morality and the National Interest’ ලිපියේ...

ලෝක පුජිතයාගේ නොදන්නා කතාව

කුමාර් සංගක්කාර සහභාගී වූ 'High Performance' පොඩ්කාස්ට් වැඩසටහන බැලුවා.ඩේමියන් හියුස් සහ ජේක් හම්ෆ්‍රී මෙහෙයවන 'හයි පර්ෆෝර්මන්ස්' වැඩසටහන තුළ...

‘මළා කියා හිත තදකර සිටින්නද’ – උපෙකලා අතුකෝරළ

උපෙකලා සිය නවතම කාව්‍ය එකතුව පාඨකයාට තිළිණ කර තිබේ. ඒ ඇගේ පස්වන කාව්‍ය සංග්‍රහයයි. එසේම එහි කවි හතලිස්...