තවත් කමිටු 02ක් : රට බංකොලොත් වීමට හේතු හොයන්න සජිත්ගෙන් – ඖෂධ චෝදනා ගැන හොයන්න කෙහෙළියගෙන් !

Share post:

ඖෂධ පිළිබඳව විවිධ පාර්ශ්ව ඉදිරිපත් කරන චෝදනා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සමස්ත ගැටළු  සම්බන්ධයෙන් කඩිනමින් සොයාබැලීම සඳහා ස්වාධීන විශේෂඥ විද්වත් කමිටුවක් පත්කරන බව සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

එම කමිටුව විශේෂඥ වෛද්‍යවරුන් පස්දෙනෙකුගෙන් සමන්විත බව ද ඇමතිවරයා සඳහන් කරයි.

යම් ඖෂධයක් හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ කරුණක් සම්බන්ධයෙන් ඉදිරිපත් වන ගැටළු පිළිබඳව නව කමිටුව මගින් ස්වාධීන විමර්ශනයක් සිදුකර, කඩිනම් පියවර ගැනීමට නිර්දේශ ඉදිරිපත් කරන බවත්, ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගන්නා බවත් සඳහන් කරන ඇමතිවරයා, ඖෂධවල ප්‍රමිතිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට අපේක්ෂා කරන බව ද පවසා සිටී.

මේ අතර රට බංකොලොත් වීමට හේතු සෙවීම සඳහා විපක්ෂය විසින් කමිටුවක් පත්කිරීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ආණ්ඩුව මගින් පත්කළ කමිටුව වෙනුවට විකල්ප කමිටුවක් ලෙස මෙය පත්කිරීමට නියමිත ය. රට බංකොලොත්භාවයට පත්කිරීම සම්බන්ධයෙන් සොයාබැලීමට ආණ්ඩුව පත්කළ කමිටුව පටු දේශපාලන අභිප්‍රාය මුදුන් පමුණුවා ගැනීම සඳහා යොදාගැනීමට ගත් කුඨ උපායමාර්ගයක් බව ද විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...