තවත් කමිටු 02ක් : රට බංකොලොත් වීමට හේතු හොයන්න සජිත්ගෙන් – ඖෂධ චෝදනා ගැන හොයන්න කෙහෙළියගෙන් !

Share post:

ඖෂධ පිළිබඳව විවිධ පාර්ශ්ව ඉදිරිපත් කරන චෝදනා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සමස්ත ගැටළු  සම්බන්ධයෙන් කඩිනමින් සොයාබැලීම සඳහා ස්වාධීන විශේෂඥ විද්වත් කමිටුවක් පත්කරන බව සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

එම කමිටුව විශේෂඥ වෛද්‍යවරුන් පස්දෙනෙකුගෙන් සමන්විත බව ද ඇමතිවරයා සඳහන් කරයි.

යම් ඖෂධයක් හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ කරුණක් සම්බන්ධයෙන් ඉදිරිපත් වන ගැටළු පිළිබඳව නව කමිටුව මගින් ස්වාධීන විමර්ශනයක් සිදුකර, කඩිනම් පියවර ගැනීමට නිර්දේශ ඉදිරිපත් කරන බවත්, ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගන්නා බවත් සඳහන් කරන ඇමතිවරයා, ඖෂධවල ප්‍රමිතිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට අපේක්ෂා කරන බව ද පවසා සිටී.

මේ අතර රට බංකොලොත් වීමට හේතු සෙවීම සඳහා විපක්ෂය විසින් කමිටුවක් පත්කිරීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ආණ්ඩුව මගින් පත්කළ කමිටුව වෙනුවට විකල්ප කමිටුවක් ලෙස මෙය පත්කිරීමට නියමිත ය. රට බංකොලොත්භාවයට පත්කිරීම සම්බන්ධයෙන් සොයාබැලීමට ආණ්ඩුව පත්කළ කමිටුව පටු දේශපාලන අභිප්‍රාය මුදුන් පමුණුවා ගැනීම සඳහා යොදාගැනීමට ගත් කුඨ උපායමාර්ගයක් බව ද විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...