රාජපක්ෂලාගෙ සිංහරාජ හෝටලේ විකුණන්න යන්නෙ : ඒක මගෙ මල්ලි ගන්නවා – නියෝජ්‍ය කතානායක

Share post:

සිංහරාජ අධි සංවේදී රක්ෂිත වනාන්තර සීමාවේ පිහිටි රෝහිත රාජපක්ෂට අයත් හෝටලය විකිණීමට සූදානම් බවත්, එය මිලදීගැනීම සඳහා තම බාල සහෝදරයා සූදානම් වන බවත් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ thetime.lk වෙත පැවසීය.

අප දිගින්-දිගටම කළ විමසීමකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය කතානායකවරයා මේ බව හෙළිදරව් කළේය.

‘ඔය හෝටලේට මං නං ගිහිල්ලවත් නෑ. මගෙ මල්ලි අනුරාධ රාජපක්ෂ ඕක ගන්න බලන්නෙ. එයා එතැන්ට යනවා. එයාට තව ඔය පැත්තෙ ඉඩම් ගොඩක් තියෙනවා.’

‘නඩු දානවා’

සිංහරාජ වනාන්තර සීමාවේ පිහිටි Sinharaja Green Eco Lodge හෝටලය මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂට අයත් බව පරිසරවේදීන් විසින් මුලින්ම අනාවරණය කරන ලදි. එම හෝටලය රාජපක්ෂලාට අයිති බව මුලින්ම පැවසූ පරිසරවේදී සජීව චාමිකරට එරෙහිව අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් නඩු දමන බව මුලදී මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරිණි. එහෙත් එවැනි කිසිදු නඩුවක් පැවරුණේ නැත. මුලදී සඳහන් කෙරුණේ මෙය යෝෂිත රාජපක්ෂට අයත් බවකි.

පසුගිය මැයි 09දා රට පුරා සිදුවූ කලහකාරී සිදුවීම් අතරතුර, කිසියම් පිරිසක් විසින් මෙම හෝටලයට ගිනි තබා තිබිණි. ඊට අදාළ නඩුවක් විභාග වේ.

‘මගෙ නෙමෙයි’

මෙම හෝටලයට ගිනිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කර තිබුණේ යෝෂිත රාජපක්ෂගේ හෝටලයට ගිනි තබා ඇති බවයි. එහෙත් ඒ පිළිබඳව අදහස් දක්වමින් යෝෂිත රාජපක්ෂ පවසා තිබුණේ එය අසත්‍යයක් බව‍යි.

‘මට තියෙනවා’

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් රෝහිත රාජපක්ෂ කියා සිටියේ අදාළ ප්‍රදේශයේ තමන්ට හවුල් දේපොළක් ඇති බවත්, එම හෝටලය සියලු නීතිමය අවශ්‍යතා සපුරාලීමෙන් පසුව ඉදිකරන ලද්දක් බවත් ය. ගිනි තැබීමේ නඩුවට අදාළ ව අධිකරණයට කරුණු වාර්තා කරමින් පොලිසිය මෙහි හිමිකාරිත්වය රෝහිත රාජපක්ෂ සතු බව තහවුරු කරන ලදි.

‘නඩු දාන්න’

යම් වරදක් සිදුවී ඇත්නම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කළ හැකි බව ද රෝහිත රාජපක්ෂ එහිදී පැවසීය.

මෙම හෝටලය ඉදිකිරීමේදී දැවැන්ත පරිසර විනාශයක් සිදුවී ඇති බව අවධාරණය කළ සමගි ජන බලවේගයේ බණ්ඩාරගම ආසන සංවිධායක, පරිසරවේදී නයනක රන්වැල්ල, මෙහි අපද්‍රව්‍ය බැහැර කරන්නේ කොතැනටද යන්න හෙළි කළ යුතු බව ද සඳහන් කළේය.

නඩු කතා විතරයි

ඊට ප්‍රතිචාර දක්වමින් රෝහිත රාජපක්ෂ පවසා තිබුණේ චෝදනා කරන සියල්ලන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. එහෙත් රෝහිත රාජපක්ෂ මෙතෙක් ඊට අදාළ ව කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

මුල් හිමිකරු

මෙම හෝටලයේ හිමිකරු වශයෙන් මීට පෙර පෙනීසිටියේ රවිඳු සොයිසා නමැත්තෙකි. ‘The Morning’ පුවත්පත මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු පවසා තිබුණේ මෙය ගම්වාසීන් සහ දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන් විසින් නිර්මාණය කරන ලද පෞද්ගලික සහ දේශපාලන ප්‍රශ්නයක් පමණක් බවයි.

රාජපක්ෂ පවුල සමඟ ඇති සම්බන්ධය පිළිබඳව පුවත්පත ප්‍රශ්න කළ විට, ඔහු අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරමින් පවසා තිබුණේ එය ඔහුගේ පෞද්ගලික කරුණක් මිස පුවත්පතට අදාළ දෙයක් නොවන බවයි.

අසත්‍ය සත්‍ය වූ හැටි !

මෙම හෝටලය සම්බන්ධයෙන් මුලින්ම අනාවරණය කළ පරිසරවේදී සජීව චාමිකර, ඒ අවස්ථාවේදී තහවුරු කරමින් සඳහන් කළේ මෙම හෝටලය රාජපක්ෂ පවුලට අයත් යැයි තහවුරු කළ හැකි බවයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...