සම්ප්‍රදායයෙන් ඔබ්බට යමින් A1 (ඒ – වන්) Real Estate වෙතින් අලෙවිකරුවන් පමණක් නියෝජනය කරමින් නව වෙනසක් !

Share post:

සම්ප්‍රදායික දේපොළ වෙළෙඳාම් ක්‍රමවේදයෙන් ඔබ්බට යමින් අලෙවිකරුවන් පමණක් නියෝජනය කරන සමාගමක් බවට පත් වෙමින් A1 Real Estate සමාගම මෙරට දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් සනිටුහන් කර තිබේ. එමඟින් ඔවුන් අලෙවිකරුවන් සහ ගැනුම්කරුවන් යන දෙපාර්ශ්වයටම සේවා සපයන සම්ප්‍රදායික දේපොළ වෙළෙඳාම් සමාගම්වලින් වෙනස් වනු ඇත.

දේ‌පොළ හිමියන්ට එම දේපොළ සඳහා උපරිම වටිනාකමක් හිමි කර දීම අරමුණු කර ගත් A1 Real Estate සමාගම සිය නව ක්‍රමවේදය හරහා විකිණුම් ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීමටත්, සේවා විශිෂ්ටත්වය පිළිබඳ නව ප්‍රමිති හඳුන්වා දීමටත් අපේක්ෂා කරයි.

ටිම් වේරගොඩ මහතා ආරම්භ කළ A1 Real Estate සමාගම මෙරට තරගකාරී වෙළෙඳපොළේ ගනුදෙනු කරන දේපොළ අලෙවිකරුවන්ගේ සුවිශේෂ අවශ්‍යතා සඳහා වඩාත් සුදුසු විසඳුම් සපයනු ඇත. දේපොළ අලෙවිකරුවන් කේන්ද්‍ර කර ගත් මෙම සංකල්පය තුළින් සෑම ගනුදෙනුවකදීම උපරිම ප්‍රතිපල ළගා කර ගැනීමේ අවස්ථාව දේපොළ අලෙවිකරුවන්ට හිමිවේ.

“දේපොළ වෙළෙඳපොළ තුළ බොහෝ විට දේපොළ අලෙවිකරුවන්ට ප්‍රමාණවත් අවධානයක් යොමු නොවෙන බව අප හඳුනා ගත්තා. ඔවුන්ට උපරිම සාධාරනයක් ඉටු කිරීමයි අපගේ අරමුණ.” ටිම් වේරගොඩ මහතා පැවසීය. උපායමාර්ගික අලෙවිකරණය, උසස් සංවාදාත්මක උපක්‍රම සහ දේශීය වෙළෙඳපොළ තත්ත්ව පිළිබඳව තියුණු අවබෝධයක් සහිතව කාර්යක්ෂමව දේපොළ අලෙවි කිරීමටත්, දේපොළ අලෙවිකරුවන්ට උපරිම වාසි සළසා දීමටත් A1 Real Estate සමාගම අපේක්ෂා කරයි.

සෑම ගනුදෙනුවක්ම ඉහළම සදාචාරත්මක ප්‍රමිතිවලට අනුගත වෙමින් සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන A1 Real Estate සමාගම පාරිභෝගිකයන් සහ දේපොළ අලෙවිකරුවන් යන දෙපාර්ශ්වය සමගම විශ්වාසය සහ අන්‍යොන්‍ය ගරුත්වය මූලික කර ගෙන කටයුතු කිරීම සුවිශේෂ කරුණකි. නව්‍යකරණය, වෘත්තීමය බව සහ නොසැළෙන කැප වීම වැනි ගුණාංග පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරන A1 Real Estate සමාගම මෙරට දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය තුළ සැබෑ වෙනසක් ඇති කරනු ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...