සම්ප්‍රදායයෙන් ඔබ්බට යමින් A1 (ඒ – වන්) Real Estate වෙතින් අලෙවිකරුවන් පමණක් නියෝජනය කරමින් නව වෙනසක් !

Share post:

සම්ප්‍රදායික දේපොළ වෙළෙඳාම් ක්‍රමවේදයෙන් ඔබ්බට යමින් අලෙවිකරුවන් පමණක් නියෝජනය කරන සමාගමක් බවට පත් වෙමින් A1 Real Estate සමාගම මෙරට දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් සනිටුහන් කර තිබේ. එමඟින් ඔවුන් අලෙවිකරුවන් සහ ගැනුම්කරුවන් යන දෙපාර්ශ්වයටම සේවා සපයන සම්ප්‍රදායික දේපොළ වෙළෙඳාම් සමාගම්වලින් වෙනස් වනු ඇත.

දේ‌පොළ හිමියන්ට එම දේපොළ සඳහා උපරිම වටිනාකමක් හිමි කර දීම අරමුණු කර ගත් A1 Real Estate සමාගම සිය නව ක්‍රමවේදය හරහා විකිණුම් ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීමටත්, සේවා විශිෂ්ටත්වය පිළිබඳ නව ප්‍රමිති හඳුන්වා දීමටත් අපේක්ෂා කරයි.

ටිම් වේරගොඩ මහතා ආරම්භ කළ A1 Real Estate සමාගම මෙරට තරගකාරී වෙළෙඳපොළේ ගනුදෙනු කරන දේපොළ අලෙවිකරුවන්ගේ සුවිශේෂ අවශ්‍යතා සඳහා වඩාත් සුදුසු විසඳුම් සපයනු ඇත. දේපොළ අලෙවිකරුවන් කේන්ද්‍ර කර ගත් මෙම සංකල්පය තුළින් සෑම ගනුදෙනුවකදීම උපරිම ප්‍රතිපල ළගා කර ගැනීමේ අවස්ථාව දේපොළ අලෙවිකරුවන්ට හිමිවේ.

“දේපොළ වෙළෙඳපොළ තුළ බොහෝ විට දේපොළ අලෙවිකරුවන්ට ප්‍රමාණවත් අවධානයක් යොමු නොවෙන බව අප හඳුනා ගත්තා. ඔවුන්ට උපරිම සාධාරනයක් ඉටු කිරීමයි අපගේ අරමුණ.” ටිම් වේරගොඩ මහතා පැවසීය. උපායමාර්ගික අලෙවිකරණය, උසස් සංවාදාත්මක උපක්‍රම සහ දේශීය වෙළෙඳපොළ තත්ත්ව පිළිබඳව තියුණු අවබෝධයක් සහිතව කාර්යක්ෂමව දේපොළ අලෙවි කිරීමටත්, දේපොළ අලෙවිකරුවන්ට උපරිම වාසි සළසා දීමටත් A1 Real Estate සමාගම අපේක්ෂා කරයි.

සෑම ගනුදෙනුවක්ම ඉහළම සදාචාරත්මක ප්‍රමිතිවලට අනුගත වෙමින් සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන A1 Real Estate සමාගම පාරිභෝගිකයන් සහ දේපොළ අලෙවිකරුවන් යන දෙපාර්ශ්වය සමගම විශ්වාසය සහ අන්‍යොන්‍ය ගරුත්වය මූලික කර ගෙන කටයුතු කිරීම සුවිශේෂ කරුණකි. නව්‍යකරණය, වෘත්තීමය බව සහ නොසැළෙන කැප වීම වැනි ගුණාංග පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරන A1 Real Estate සමාගම මෙරට දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය තුළ සැබෑ වෙනසක් ඇති කරනු ඇත.

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...