SLIIT හි ‘Open Day 2024’ බඳවා ගැනීම් සාර්ථකව නිමාවට පත්වේ !

Share post:

SLIIT ‘Open Day 2024‘ වැඩසටහන මාලබේ පිහිටි SLIIT විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ජුනි මස 15 වන දින සාර්ථකව නිමාවට පත් විය. SLIIT හි කථිකාචාර්යවරුන්ට සහ එහි නියෝජිතයින්ට සිසුන් සමගින් සමීප අන්තර් සබඳතාවයන් ගොඩනගා ගැනීමට මේ හරහා සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය විය.  

මේ සඳහා උනන්දුවක් දක්වන අයදුම්කරුවන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් අනුමත කර ඇති SLIIT හි උපාධි පාඨමාලා පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගනිමින් ඔවුන්ගේ අනාගත වෘත්තීය අවස්ථා වැඩිදියුණු කර ගැනීම සඳහා සහයක් ලැබිණි. මෙම උපාධි පාඨමාලා වඩාත් සැලකිලිමත් අයුරින් යාවත්කාලීන කර දේශීය හා ගෝලීය වශයෙන් පිළිගත් ආයතනවල ක්ෂේත්‍රයන්ට අදාළ විශේෂඥයින් සහ විද්වතුන් සමඟ කතිකා කර ගනිමින් වර්තමාන කර්මාන්ත අවශ්‍යතාවයන් ඉටුකිරීම සඳහා මනාව සැලසුම් කර තිබේ.

මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා සහභාගී වූ සැමට SLIIT සිය හෘදයාංගම ස්තූතිය පුද කර සිටියි. ඉගෙනීමට සහ වර්ධනය වීමට SLIIT සිසුන් දක්වන උනන්දුව පිළිබඳව SLIIT ඉතාමත් ආඩම්බරයට පත් වන අතර සිය කථිකාචාර්යවරුන්ගේ කැපවීම සහ ඔවුන් සතු විශේෂඥතාවය පිළිබඳව SLIIT වඩාත් අගය කොට සලකයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...