SLIIT හි ‘Open Day 2024’ බඳවා ගැනීම් සාර්ථකව නිමාවට පත්වේ !

Share post:

SLIIT ‘Open Day 2024‘ වැඩසටහන මාලබේ පිහිටි SLIIT විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ජුනි මස 15 වන දින සාර්ථකව නිමාවට පත් විය. SLIIT හි කථිකාචාර්යවරුන්ට සහ එහි නියෝජිතයින්ට සිසුන් සමගින් සමීප අන්තර් සබඳතාවයන් ගොඩනගා ගැනීමට මේ හරහා සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය විය.  

මේ සඳහා උනන්දුවක් දක්වන අයදුම්කරුවන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් අනුමත කර ඇති SLIIT හි උපාධි පාඨමාලා පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගනිමින් ඔවුන්ගේ අනාගත වෘත්තීය අවස්ථා වැඩිදියුණු කර ගැනීම සඳහා සහයක් ලැබිණි. මෙම උපාධි පාඨමාලා වඩාත් සැලකිලිමත් අයුරින් යාවත්කාලීන කර දේශීය හා ගෝලීය වශයෙන් පිළිගත් ආයතනවල ක්ෂේත්‍රයන්ට අදාළ විශේෂඥයින් සහ විද්වතුන් සමඟ කතිකා කර ගනිමින් වර්තමාන කර්මාන්ත අවශ්‍යතාවයන් ඉටුකිරීම සඳහා මනාව සැලසුම් කර තිබේ.

මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා සහභාගී වූ සැමට SLIIT සිය හෘදයාංගම ස්තූතිය පුද කර සිටියි. ඉගෙනීමට සහ වර්ධනය වීමට SLIIT සිසුන් දක්වන උනන්දුව පිළිබඳව SLIIT ඉතාමත් ආඩම්බරයට පත් වන අතර සිය කථිකාචාර්යවරුන්ගේ කැපවීම සහ ඔවුන් සතු විශේෂඥතාවය පිළිබඳව SLIIT වඩාත් අගය කොට සලකයි.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...