Victoria Golf Resort පිළිබඳ ග්‍රන්ථය 2024 මාර්ක් බොස්ටොක් කුසලාන ශූරතා සම්මාන උළෙලේදී එළිදකී !

Share post:

2024 මාර්ක් බොස්ටොක් අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවති සම්මාන උළෙලේදී ටෝනි විටම් (Tony Whitham) මහතා විසින් රචිත ‘Victoria Golf Resort’  ග්‍රන්ථය මහත් උත්කර්ෂ අයුරින් එළිදක්වනු ලැබිණි. එය මහනුවර දිගන පිහිටි සම්මානනීය ගොල්ෆ් නිකේතනයේදී මැයි මස 11 වන දින පැවැත්විය.

John Keells Holdings සාමාගම විසින් අනුග්‍රහය දක්වනු ලැබූ මෙම ගොල්ෆ් ක්‍රීඩා උළෙල සඳහා මේ වසරේ ගොල්ෆ් ක්‍රීඩකයින් 90කට අධික පිරිසක් සහභාගී විය. මාර්ක් බොස්ටොක් ශුරතා අනුස්මරණ කුසලානය, 2008 වසරේදී පළමු වරට පවත්වනු ලැබූ අතර එහිදී එම කුසලානය ක්‍රිස් හොලෝවේ විසින් දිනා ගන්නා ලදී. වාර්ෂිකව පවත්වනු ලබන මාණ්ඩලික තරග ඉසව් වලදී ප්‍රමුඛ පෙළේ දේශීය සහ විදේශීය ගොල්ෆ් ක්‍රීඩකයින් රැසක් මේ සඳහා සහභාගී වීමත් සමග, මෙම ගොල්ෆ් තරගාවලිය දින දර්ශනය තුළ වඩාත් අපේක්ෂිත වූ ක්‍රීඩා ඉසව්වක් බවට පත්ව තිබේ.

Victoria Golf Resort හි පළමු සාමාන්‍යාධිකාරීවරයා වූ ග්‍රන්ථ කර්තෘ ටෝනි විටම් මහතා, 1999 වසරේදී මාර්ක් බොස්ටොක් විසින් Victoria Golf Resort විවෘත කළ බව සඳහන් කරයි. ටෝනි විටම් මහතා විසින් එළිදක්වන ලද නව කෘතිය තුළින් ඔහු එහි උද්යෝගිමත් ඉතිහාසය සහ උරුමය පිළිබඳව අනාවරණය කරයි. John Keells Holdings හි නිලවශයෙන් දේපළ කළමනාකරු ලෙස වැඩ භාර ගන්නා තුරු ඔහුගේ කෘතියෙහි නිවාඩු නිකේතනයේ සහ ගොල්ෆ් පිටියේ කරන ලද සංවර්ධන කටයුතු පිළිබඳ තොරතුරු ඇතුළත් කර තිබේ. John Keells Properties සමාගම විසින් Victoria Golf and Country Resort 2022 වසරේදී Victoria Golf Resort Sri Lanka (VGR) ලෙස නැවත සන්නාමගත කරන ලද අතර අද එය ලොව පුරා සිටින වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයින් මෙන්ම සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගෙන ඇත.

මහනුවර මනරම් වූ කඳු පන්ති මධ්‍යයේ පිහිටා ඇති දිගන Victoria ගොල්ෆ් නිකේතනය, අක්කර 517 ක භූමි ප්‍රමාණයකින් සහ එය ගොල්ෆ් කුහර 18 ක් සහිත පිළිගත් මට්ටමේ ගොල්ෆ් පිටියකින් සමන්විත වේ. මෙම නිකේතනය වික්ටෝරියා ජලාශය අවට පිහිටා ඇති අතර නකල්ස් කඳුකරය මනරම් වූ දසුන් ද ගෙන එනු ලබයි. මෙම නිකේතනය නිදහසේ විවේක ගැනීමට සහ විනෝද වීම සඳහා පරිපූර්ණ වූ ගමනාන්තයක් වේ.

වික්ටෝරියා කෘතියේ උපුටා ගැනීම :

‘Victoria Golf Resort 2000 වසරේ දී ආරම්භ වූ ආසියානු ගොල්ෆ් මාසික සඟරාව විසින් පස් වතාවක් ‘හොඳම ගොල්ෆ් පිටිය’ ලෙස සම්මානයට පාත්‍ර වී ඇත.එය ශ්‍රී ලංකාවේ හොඳම ගොල්ෆ් පිටිය වූ අතර ප්‍රවීණ ගොල්ෆ් ගෘහ අලංකරණ නිර්මාණ ශිල්පී ටොම් ඩොක් විසින් ඔහුගේ කෘතියෙහි ඒ පිළිබඳව ඉහළ පැසසුමකට ලක් කර ඇත. (‘ගොල්ෆ් පිටි සඳහා විශ්වසනීය මාර්ගෝපදේශය: වෙළුම 5 – ආසියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය’). ටොම් ඩොක් විසින් වික්ටෝරියා බොහෝ කාණ්ඩ යටතේ ඔහුගේ හොඳම දහය අතරට ගොල්ෆ් ක්‍රීඩා සඳහා හොඳම නිකේතන, නවාතැන් ගැනීමට සහ ක්‍රීඩා කිරීමට ප්‍රියතම ස්ථාන, චමත්කාර ක්‍රීඩා පිටි, උසස් මට්ටමේ ගස්, හොඳම වනජීවී ස්ථාන, ප්‍රියතම ගොල්ෆ් කුහර – වික්ටෝරියා 3-6, හොඳම නිම කිරීමේ ගොල්ෆ් කුහර, නිවහනක් සහිත හොඳම ක්‍රීඩාංගන, එතැන් සිට 1996 වසරේ ඉදිකරන ලද හොඳම නව ක්‍රීඩාංගනය, කලාපයේ ක්‍රීඩාංගන 439 න් අංක 24 ශ්‍රේණිගත කිරීම ඇතුළත් විය.(ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය, ඉන්දියාව, සිංගප්පූරුව, චීනය, තායිලන්තය සහ මැලේසියාව ඇතුළත් වේ). මෙම ලැයිස්තුව සිත් ඇදගන්නාසුළු වන අතර වික්ටෝරියා බිහිකිරීම සඳහා ඔහුගේ දැක්ම සඳහා මාර්ක් බොස්ටොක්ට සහ එහි නිර්මාණකරුවන් වන ඩොනල්ඩ් ස්ටීල් සහ මාටින් ඊබට් යන මහත්වරුන් වෙත මෙහි විශාල ගෞරවයක් හිමි වේ.

ටෝනි විටම් මහතා මෙම අවස්ථාවෙදී අදහස් දක්වමින් මෙසේ පැවසීය.”Victoria ගොල්ෆ් නිකේතනය සැබවින්ම සුවිශේෂී ස්ථානයක්. මෙහි ඇති පිරිසිදු හා නැවුම් වාතාශ්‍රය සමග කෙනෙකුට නිස්කලංක ජීවන රටාවක් ගත කිරීමට පුළුවන්. John Keells Properties සමාගම සතු සුවිශේෂී දේපළ කොටස් කිහිපයක් මෙහි පවතිනවා. මෙම සංවර්ධනයේ වටිනාකම බොහෝ විදේශිකයන් පවා අවබෝධ කර ගෙන තිබීම පිළිබඳව මම සතුටු වෙනවා. ශ්‍රී ලංකාවේ වෙනත් කිසිම ස්ථානයක මෙතරම් ගුණාත්මක ස්වභාවික පරිසරයක් දකින්නට නැහැ. John Keells Holdings හි අක්තපත්‍ර මෙය ස්ථාවර ආයෝජනයක් බවට පත් කර තිබෙනවා.”

මෙම සුවිශේෂී සංවර්ධනයෙහි කොටස්කරුවෙකු වීමට අනාගත ගනුදෙනුකරුවන් සඳහා අවස්ථාව සලසා දෙමින් John Keells Properties විසින් Victoria Golf Resort හි සුඛෝපභෝගී නිවාඩු නිකේතනයක් සහ ඉඩම් ගැනුම්කරුවන් වෙත පිරිනැමීමට පියවර ගෙන ඇත. එය ඔවුන්ට විශ්මය දනවන වික්ටෝරියා ජලාශය, දර්ශනීය වූ උඩරට කඳු පන්තිය සහ ගොල්ෆ් පිටියේ ස්වභාවික සුන්දරත්වය ඔවුන්ගේ ජීවිතවලට එක් වෙන සුවිශේෂී අවස්ථාවක් වනු ඇත.

මේ පිළිබඳව වැඩි විස්තර සඳහා +94 712 376 376 දුරකථන අංකය ඔස්සේ Victoria Golf Resort අමතන්න.

JKP Boiler Plate:

John Keells Properties (JKP) සමාගම The Emperor, The Monarch, 7th Sense, OnThree20, TRI-ZEN, VIMAN සහ Cinnamon Life වැනි ඉහළ මට්ටමේ සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘති තුළින් කොළඹ අවකාශය පුරා සිය මුද්‍රාව සනිටුහන් කර ඇත. තවද JKP වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ගොල්ෆ් ගමනාන්තය වන Victoria Golf Resort සමග ද ප්‍රධාන වශයෙන්  කේන්ද්‍රගත වී ඇත. දශක ගණනාවක් පුරා ගොඩනැගුණු විශේෂඥතා දැනුමෙන් සහ දේපළ වෙළඳාම් ප්‍රවීනත්වයෙන් පෝෂණය වූ JKP සමාගම පාරිභෝගිකයින් තෘප්තිමත් කරන ජීවන රටාවන් සහ අවශ්‍යතාවයන් වෙත පුළුල්ව නැඹුරුවෙමින් අසමසමවූ ජීවන අත්දැකීම් නිර්මාණය කරනු ලබයි.

Related articles

රනිල්ගේ ව්‍යවස්ථා සංශෝධනය දේශපාලන ව්‍යාකූලත්වයක් ඇතිකිරීමේ උත්සාහයක් – නීති විශාරදයෝ, ජනාධිපති නීතිඥවරු රැසක් එක්ව නිවේදනයක් නිකුත් කරති !

කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වුවහොත්...

සිම්පල් සයිමනුයි සාරි ඇඳපු පිරිමියි – විෂ්ණු වාසුගේ සාංදෘෂ්ටික සහ විචිත්‍රවත් ලිවිසැරිය

නවකතාවක් කියෙව්ව ම ඒක හොඳටම දැනෙන්න බලපාන කාරණා කීපයක් මට තියෙනව. ඒ කාරණා ටික එකතු වුණ පොතක් කියවද්දි...

“බෙංගාලි සිනමා ඉතිහාසයේ මීට වඩා හොඳ දවසක් නොතිබුණි”

බංග්ලාදේශ් ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක අමිතාබ් රේසා 2021 කෑන්ස් සමිමාන උළෙලේ පළමු බංග්ලාදේශ චිත්‍රපටය ලෙස‘‘රෙහානා මරියම් නූර්‘‘ඉතිහාසයක් නිර්මාණය කරයි 2021 කෑන්ස්...

“කොත්තු රොටියේ උපත සිදුවූයේ තින්ඩිවනම් ගමේද කියලත් සැකයි”

කොත්තු තින්ඩිවනම් ගම පිහිටලා තියෙන්නේ තමිල්නාඩුවේ විල්ලුපුරම් නගරය ආසන්නයේ. මදුරාසියේ ඉඳලා කෝච්චියේ ගියොත් පැය දෙහමාරක ගමන. ඉන්දියාවේ ප්‍රාන්ත තුනක්,...