විදුලිබල පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනියි : සම්මත කරන්න විශේෂ බහුතරයක් අවශ්‍යයි – ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දැනුම් දෙයි !

Share post:

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවත් එය සම්මත කළ හැක්කේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පමණක් බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (04) පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121/1 වගන්තිය ප්‍රකාරව ‘ශ්‍රී ලංකාවේ විදුලිබලය’ නම් වූ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් විය.

මෙම පනත් කෙටුම්පත සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියට නොගැළපෙන අතර එය සම්මත කළ යුත්තේ 84 (2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර බලයෙන් පමණකැයි කථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කියවමින් පැවසීය.

පනත් කෙටුම්පත එහි සාරාංශයේ දක්වා ඇති යෝජනා අනුව සංශෝධනය කළහොත් එම නොගැළපීම විසඳිය හැකි බව ද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇතැයි කථානායකවරයා පැවසීය.

විදුලිබල පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජූනි 6 වැනි බ්‍රහස්පතින්දා පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සමඟ පක්ෂ නායකයෝ පසුගිය සතියේ තීරණය කළහ.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විමල් වීරවංශ, දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එය සභාව තුළ විවාදයට ගැනීම සඳහා තවත් කල් ඉල්ලා සිටියහ.

Related articles

නඩු නොඇසූ යුගයක සලරු සටහන, ‘ෆාදර්’

80 සහ 90 දසකවල සියනෑ කෝරළේ ඔස්මන් ගුණසේකර නමැත්තා ආශ්‍රිතව සිදු වූ සත්‍ය සිදුවීම් දාමයක් සහ කුප්‍රකට වවුල්කැලේ...

‘මට ඒ මුහුණ හුරුය. තස්ලිමා නස්රින්! මම ඇය හඳුනා ගතිමි’

කේරළයට ගිය කෑරලා - 4 පෙරදා සන්ධ්‍යාවේ අභිලාෂ් නික්ම ගියේ පසුදින දහය වන විට වාහනයද සමග මා සිටින හෝටලයට...

‘කේරළ තෙයියම් සම්ප්‍රදාය සහ අපේ තොවිල් වැනි යාතුකර්ම අතර බෙහෙවින් සමානකම් පවතී’

කේරළයට ගිය කෑරලා-3 මා නවාතැන් ලද හෝටලයේ සිට මිදුලට බට සැණින් ඇසට හසුවන දසුන් දෙකකි. ඉන් එකක් එක්වරම සිහියට...

“දැවෙන හෘද සාක්ෂිය වෙත කැමරාව හැර වූ ජෆාර් පනාහි” – It was Just an accident

දේශපාලන සිරකරුවන් ලෙස වධබන්ධනයට ලක් කර කාලාන්තරයකට පසුව ඔවුන් එසේ වධ දුන් පුද්ගලයා නැවත හමුවුවහොත් කුමක් කරාව්ද? අතීතය...