විදුලිබල පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනියි : සම්මත කරන්න විශේෂ බහුතරයක් අවශ්‍යයි – ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දැනුම් දෙයි !

Share post:

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවත් එය සම්මත කළ හැක්කේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පමණක් බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (04) පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121/1 වගන්තිය ප්‍රකාරව ‘ශ්‍රී ලංකාවේ විදුලිබලය’ නම් වූ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් විය.

මෙම පනත් කෙටුම්පත සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියට නොගැළපෙන අතර එය සම්මත කළ යුත්තේ 84 (2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර බලයෙන් පමණකැයි කථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කියවමින් පැවසීය.

පනත් කෙටුම්පත එහි සාරාංශයේ දක්වා ඇති යෝජනා අනුව සංශෝධනය කළහොත් එම නොගැළපීම විසඳිය හැකි බව ද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇතැයි කථානායකවරයා පැවසීය.

විදුලිබල පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජූනි 6 වැනි බ්‍රහස්පතින්දා පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සමඟ පක්ෂ නායකයෝ පසුගිය සතියේ තීරණය කළහ.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විමල් වීරවංශ, දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එය සභාව තුළ විවාදයට ගැනීම සඳහා තවත් කල් ඉල්ලා සිටියහ.

Related articles

පාස්කු ප්‍රහාරය ‘සිදු කර‘ – ‘මරා දැමූ‘ සාරාගේ කතාව !

2019 අප්‍රේල් 21දා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කෙරිණි. තවදුරටත් එය සිදු විය කියන්නට නොහැකිය. එය සැලසුම් සහගත...

ගිනිගන්නා ඉන්දීය ප්‍රාන්ත මැතිවරණ හමුවේ මෝදිගේ අනාගතය !

අසල්වැසි ඉන්දියාවේ ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 38-40 ඉක්මවා ඇති බව වාර්තා වේ. ඒ නිසා ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ජනතාව පසුවන්නේ අධික...

සාම පාගමන සහ සංහිඳියාවේ පොරොන්දුව !

ජාත්‍යන්තර බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් ශ්‍රී ලංකාවේ සාම පාගමනක් පැවැත්වූ අතර, එය රටේ බොහෝදෙනකු ස්පර්ශ කර ඇත. වියට්නාම...

ඉතාලිය පකිස්තානු පූජකයා පන්නා දැමුවේ ඇයි? ලෞකික නීතියට හරස් වන ආගමික නීති හා සම්ප්‍රදායන් ඉවසිය යුතුද?

දැන් දැන් ඉතා ප්‍රබලව දකින්නට පුළුවන් කාරණයක් තමයි ලෝකේ තියෙන සියලුම ආගම් විවේචනයට, සංවාදයට, විචාරයට ලක්වීම.ලෝකයේ පවතින සෑම...