ජනතාවට සෙත සලසන්න මහින්දානන්ද – රාජපක්ෂ – පවිත්‍රා – මධුර ගැටුමක : ගහන්න එපා ජගත් ඉල්ලයි !

Share post:

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලු‍ත්ගමගේ සහ එම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ අතර ඇතිවූ බහින්බස්වීමෙන් පසුව ඇතිවූ ගැටුමකදී රාජපක්ෂ මහතා තුවාල ලබා කොළඹ යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇත.

ගැටුමෙන් ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇති හෙයින් ඊට ශල්‍යකර්මයක්ද සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

මහනුවර ප්‍රදේශයේ ගැටලු‍වක් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී මෙම බහින්බස්වීම සිදුවී ඇත.

මේ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලු‍ත්ගමගේ ලංකාදීප පුවත්පතට පවසා තිබෙන්නේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී නිලධාරීන් සහ මන්ත්‍රීවරුන් ඉදිරිපිට ගුණතිලක රාජපක්ෂ තමන්ට ආවේගශීලීව කතා කළ අවස්ථාවේදී ඊට පිළිතුරු නොදෙන බව පවසා එළියට යන ලෙස තමන් ඔහුට පැවසූ බවයි.

ගුණතිලක රාජපක්ෂ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් එළියට යන විට තමන් ඔහුගේ කොළරයෙන් අල්ලාගෙන ‘උඹ මට කිව්වේ මොකක්දැයි’ විමසූ බවත් එවිටම පොළොන්නරුවේ ජගත් සමරවික්‍රම මන්ත්‍රීවරයා පැමිණ ‘ගහන්න එපා’ යැයි කියා ගුණතිලක රාජපක්ෂ පසුපසට අදින විට ඒ දෙදෙනාම එක ගොඩේ ඇද වැටුණු බවත් අලු‍ත්ගමගේ පවසා තිබේ.

තමන්ගේ හැසිරීම් සියල්ල සීසීටීවී දර්ශනවල තිබෙන බව පවසා තිබෙන මහින්දානන්ද අලු‍ත්ගමගේ පහරදීමක් සිදුවී නම් එම දර්ශනවලින් හොඳින්ම ඔප්පු කර ගැනීමට හැකියාව ඇති බවද සඳහන් කරයි.

තමන් ඔහුට අතක්වත් නොතැබූ බවත් කමිස කොළරයෙන් පමණක් ඇල්ලූ බවත් ඔහු සඳහන් කර තිබේ.

අධික වර්ෂාව සහිත කාලගුණය නිසා මහනුවර ජනතාවගේ නිවෙස් මතට ගස් වැටී ජනතාව ඉතා අසීරුවට පත්ව සිටින බව තමන් ආණ්ඩු පක්ෂ රැස්වීමේදී කී බව පැවසූ අලු‍ත්ගමගේ, එහිදී වනජීවී සහ වන සංරක්ෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි පනතක් ගැන කියමින් ගස් කපා ඉවත් කිරීමේ කටයුත්ත පමා කිරීමට සැරසුණු බවද ප්‍රකාශ කර ඇත.

මේ වෙලාවේ බම්බු පනත් හකුලාගෙන ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්නැයි තමන් පැවසූ බවද මන්ත්‍රීිවරයා පවසයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ ද තමන්ගේ කතාව අනුමත කරමින් එහිදී අදහස් දැක්වූ බව අලු‍ත්ගමගේ වැඩිදුරටත් කියයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ පැවසුවේ පනත පැත්තකට තබා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතු බව තමන් එහිදී තදින්ම පැවසූ බවයි.

මේ අවස්ථාවේදී මධුර විතානගේ සහ පවිත්‍රා වන්නිආරච්චි අතර ද උණුසුම් වචන හුවමාරුවක් සිදුවී ඇත.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ඊයේ (03) පැවැත්විණි.

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...