ජනතාවට සෙත සලසන්න මහින්දානන්ද – රාජපක්ෂ – පවිත්‍රා – මධුර ගැටුමක : ගහන්න එපා ජගත් ඉල්ලයි !

Share post:

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලු‍ත්ගමගේ සහ එම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ අතර ඇතිවූ බහින්බස්වීමෙන් පසුව ඇතිවූ ගැටුමකදී රාජපක්ෂ මහතා තුවාල ලබා කොළඹ යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇත.

ගැටුමෙන් ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇති හෙයින් ඊට ශල්‍යකර්මයක්ද සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

මහනුවර ප්‍රදේශයේ ගැටලු‍වක් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී මෙම බහින්බස්වීම සිදුවී ඇත.

මේ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලු‍ත්ගමගේ ලංකාදීප පුවත්පතට පවසා තිබෙන්නේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී නිලධාරීන් සහ මන්ත්‍රීවරුන් ඉදිරිපිට ගුණතිලක රාජපක්ෂ තමන්ට ආවේගශීලීව කතා කළ අවස්ථාවේදී ඊට පිළිතුරු නොදෙන බව පවසා එළියට යන ලෙස තමන් ඔහුට පැවසූ බවයි.

ගුණතිලක රාජපක්ෂ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් එළියට යන විට තමන් ඔහුගේ කොළරයෙන් අල්ලාගෙන ‘උඹ මට කිව්වේ මොකක්දැයි’ විමසූ බවත් එවිටම පොළොන්නරුවේ ජගත් සමරවික්‍රම මන්ත්‍රීවරයා පැමිණ ‘ගහන්න එපා’ යැයි කියා ගුණතිලක රාජපක්ෂ පසුපසට අදින විට ඒ දෙදෙනාම එක ගොඩේ ඇද වැටුණු බවත් අලු‍ත්ගමගේ පවසා තිබේ.

තමන්ගේ හැසිරීම් සියල්ල සීසීටීවී දර්ශනවල තිබෙන බව පවසා තිබෙන මහින්දානන්ද අලු‍ත්ගමගේ පහරදීමක් සිදුවී නම් එම දර්ශනවලින් හොඳින්ම ඔප්පු කර ගැනීමට හැකියාව ඇති බවද සඳහන් කරයි.

තමන් ඔහුට අතක්වත් නොතැබූ බවත් කමිස කොළරයෙන් පමණක් ඇල්ලූ බවත් ඔහු සඳහන් කර තිබේ.

අධික වර්ෂාව සහිත කාලගුණය නිසා මහනුවර ජනතාවගේ නිවෙස් මතට ගස් වැටී ජනතාව ඉතා අසීරුවට පත්ව සිටින බව තමන් ආණ්ඩු පක්ෂ රැස්වීමේදී කී බව පැවසූ අලු‍ත්ගමගේ, එහිදී වනජීවී සහ වන සංරක්ෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි පනතක් ගැන කියමින් ගස් කපා ඉවත් කිරීමේ කටයුත්ත පමා කිරීමට සැරසුණු බවද ප්‍රකාශ කර ඇත.

මේ වෙලාවේ බම්බු පනත් හකුලාගෙන ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්නැයි තමන් පැවසූ බවද මන්ත්‍රීිවරයා පවසයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ ද තමන්ගේ කතාව අනුමත කරමින් එහිදී අදහස් දැක්වූ බව අලු‍ත්ගමගේ වැඩිදුරටත් කියයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ පැවසුවේ පනත පැත්තකට තබා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතු බව තමන් එහිදී තදින්ම පැවසූ බවයි.

මේ අවස්ථාවේදී මධුර විතානගේ සහ පවිත්‍රා වන්නිආරච්චි අතර ද උණුසුම් වචන හුවමාරුවක් සිදුවී ඇත.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ඊයේ (03) පැවැත්විණි.

Related articles

ගල් අඟුරු ටෙන්ඩරයේදී ස්වභාවික යුක්ති මූලධර්ම උල්ලංඝනය කරලා – නලින්ද පාර්ලිමේන්තුවේ කියපු 2016 නඩු තීන්දුව මෙන්න !

අධිකරණයේ හෘදය සාක්ෂිය කම්පනයට පත්කරන මට්ටමේ ගනුදෙනුවක් ගල් අඟුරු සම්බන්ධයෙන් සිදු වී ඇති බව 2016 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය...

ගල් අඟුරු වංචාවලට පූර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් : නඩු දාන්නත් සූදානම් : අපි ලෑස්තියි සියල්ල අනාවරණය කරන්න – ඇමැති නලින්ද ජයතිස්ස

මෙතෙක් කාලයක් ගල් අගුරු ගෙන ආ සියලු නැව් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පුර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් පත් කරන බව...

ජෙයරාජ් ඝාතනයට සැක පිට අත්අඩංගුවේ සිටි පොලිස් අධිකාරි වහාම සේවයේ පිහිටුවන්න : පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියෙන් නියෝගයක්

හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිටි, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදොස් කොට...

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...