පරාජය වුයේ කවුද ?

Share post:

දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය දෙස බලා සිටියදී මට ඇතිවූයේ එකම ගැටලුවකි.
එනම් ඉතා විශාල මාධ්‍ය ආවරණයක් ද සමග ලෝක කුසලානයට සති දෙකකට පෙර ශ්‍රී ලංකාව ඇමෙරිකාවට ගියේ කුමකට ද යන්නයි.
වෙනත් කිසිඳු කණ්ඩායමකට පෙර ශ්‍රී ලංකාව ඇමෙරිකාවට ගියේ, නුහුරු ඇමෙරිකානු තත්ත්ව සහ තනතීරු වලට හුරු වීමට ය.
මාධ්‍ය මගින් ප්‍රචාරය කළේත් එයයි.
ක්‍රීඩකයන්, ඔවුන්ගේ පවුල්, නිළධාරීන් සහ මාධ්‍යවේදීන් පිරිසක් ද සංචාරයට එක්විය.
එසේ වූවත් එම සති දෙකක කාලය සහ ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැය කළ මුදල් සම්පූර්ණ නාස්තියක් බව ශ්‍රී ලංකා පිතිකරණය දෙස බලා සිටිය දී සිතුණි.
දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉදිරියේ ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් දිස්වූයේ පාසැල් කණ්ඩායමක් මෙනි.
පන්දුව පිත්තේ වද්දා ගැනීම පවා ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් විය.
ශ්‍රී ලංකා මුල් පිතිකරුවන් හය දෙනාම රැස් කර තිබුණේ හතරේ පහර දෙකක් පමණි.
එය T20 තරගයකට තබා කිසිඳු ජාත්‍යන්තර තරගයක පහසුවෙන් දැකගත නොහැක්කකි.
තරගයේ 13 වන පන්දුවාරයේ දී ඇන්ජලෝ මැතිවුස් විසින් ප්‍රථම හයේ පහර එල්ල කරද්දී, පිටිය පිරී සිටි ශ්‍රී ලංකා රසිකයන්ගෙන් නැගුනේ විශාල ජය ඝෝෂාවකි.
සිය කාලය, ශ්‍රමය සහ මුදල් වැය කරමින් කිලෝමීටර සිය දහස් ගණන් දුර ගෙවා තරගය නැරඹීමට පැමිණි ශ්‍රී ලංකා රසිකයන් එතරම් අසරණ වී තිබුණි.
අවම වශයෙන් ඇමෙරිකාවේ ගත කළ සති දෙකක කාලය තුල ප්‍රමාණවත් අයුරින් සුදානම් වූවා නම් අද සිදු වූ විපත සිදු නොවීමට තිබුණි.
පුහුණු දැල් තුල ප්‍රමාණවත් කාලයක් ගත කළා නම් මෙතරම් අසරණ නොවීමට තිබුණි.
අවසන් සති දෙක තුලම ක්‍රීඩකයන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් පිරී තිබුණේ පුහුණුවීම් කරනා අවස්ථාවන් හි ඡායාරූප වලින් නොවේ.
සාප්පු සවාරියේ සහ විවිධ තැන් වල සංචාරය කරනා අවස්ථාවන් හි ඡායාරූප වලිනි.
ඇතැම්විටෙක ඔවුන් කදිම නිවාඩුවක් ගත කරන්නට ඇත.
ඒ අර්ථයෙන් ක්‍රීඩකයන් සහ කණ්ඩායම පරාජය වී නැත.
තරග ජය ගැනීමටම අවශ්‍ය නොවේ.
එනමුත් ලැජ්ජා සහගත, අන්ත පරාජයකින් වැළකීම පවා ශ්‍රී ලංකා රසිකයන්ට ජයග්‍රහණයක් වීමට තිබුණි.
අවසානයේ අසාධාරණයටත්, සිත්තැවුලටත්, පරාජයටත් පත් වූයේ කිලෝමීටර දහස් ගණන් දුර ගෙවා තරගය නැරඹීමට පිටියට ගිය රසිකයාත්, සියලු වැඩ අතහැර රූපවාහිනි තිරය ඉදිරියේ තරගය නැරඹීමට වාඩි වූ රසිකයාත් පමණි.

ඉරේෂාන් සිරිවර්ධන(fb)

        2024. 06. 03

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...