ලෝක කුසලාන සිහිනය

Share post:

සත්කාරක ඇමෙරිකාව සහ කැනඩාව අතර තරගයෙන් 2024 T20 ලෝක කුසලානය ආරම්භ වුණා.
එහි වෙනත් ලෝක කුසලානයක් ආරම්භයේ පවතින චමත්කාරය හෝ ආශ්වාදය පැවතුණේ නැහැ.
එයට හේතුව ලෝක කුසලානය ඇමෙරිකාවේ පැවැත්වීම වෙන්නට ඇති.
කොහොමත් පළමු ඉන්දීය තරගය පැවැත්වෙන තුරු ඕනෑම ක්‍රිකට් ලොක කුසලානයක් ‘හරියට’ ආරම්භ වන්නේ නැහැ.
ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ගමන හෙට දිනයෙන් ආරම්භ වෙනවා.
ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය ප්‍රබල දකුණු අප්‍රිකාවට එරෙහිව නිවුයෝර්ක් හිදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි අටට පමණ පැවැත්වීමට නියමිතයි.
එය නිව්යෝර්ක් හි උදෑසන පවත්වන තරගයක්.
සාමාන්‍යයෙන් උදෑසන T20 තරග නොපැවැත්වූවත්, මෙවර දකුණු ආසියානු කලාපයේ රසිකයන්ට හිතැති ලෙස ඇතැම් තරග වල කාලසටහන සකසා තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අවසන් වතාවට මුන ගැසුණු T20 තරග පහම ජය ගෙන ඇත්තේ දකුණු අප්‍රිකාව.
දකුණු අප්‍රිකාව ලෝක කුසලානයේ ප්‍රබල කණ්ඩායමක්.
සැබැවින්ම ලෝක කුසලානයට මුහුණ දෙන කණ්ඩායම් අතරින්, භයානකම පිතිකරණ බලඇණියක් දකුණු අප්‍රිකාව සතුයි.
එම නිසා වැඩි වාසි දකුණු අප්‍රිකානු කණ්ඩායම සතුයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම කිසිම විටෙක අවතක්සේරු කළ නොහැකි කණ්ඩායමක්.
තමන්ගේ දිනයේ ඕනෑම කණ්ඩායමක් අසරණ කළ හැකි, පරාජය කළ හැකි පන්දු බල ඇණියක් ශ්‍රී ලංකාව සතුයි.
ලෝක කුසලානය ආරම්භ වූවත් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයා අතරත් ‘ලෝක කුසලාන උන්මාදය’ තවමත් ඇතිව නැහැ.
දේශපාලන උණුසුම, අයහපත් කාලගුණය වැනි හේතුත් ඊට බලපාන්නට ඇති.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව පළමු තරගය ක්‍රීඩා කරනා හෙට දිනයේ සිට ඒ රසික උන්මාදය යළිත් ඇති වේ යැයි අප බලාපොරොත්තු වෙනවා.
සාර්ථක ලෝක කුසලාන ගමනකට ඒ රසික ආරක්ෂණය සහ ආශිර්වාදයත් බොහෝ වැදගත් වේවි.

ඉරේෂාන් සිරිවර්ධන

    2024. 06. 02

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...