Business World International සම්මාන උළෙල ටාජ් සමුද්‍රා හෝටලයේදී !

Share post:

ඇමරිකා එක්සත් ජනපදයේ Business World International Organization සංවිධානය කළ Business World International සම්මන්ත්‍රණය හා සම්මාන උළෙල ඇමතිවරුන්, තානාපතිවරුන් සහ කළාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

මෙම වසරේ සම්මාන උළෙලේ තේමාව වූයේ 2030 වසර සඳහා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා ඇති කැපවීම යන්නයි. Business World International Organization (BWIO) යනු ගෝලීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ ජයග්‍රහණ සහ හැකියා හඳුනා ගැනීමේ අරමුණෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටුවා ඇති සංවිධානයකි. BWIO සම්මාන උළෙලේදී ව්‍යාපාර ආයතනවල විශිෂ්ටත්වය හඳුනා ගෙන ඒවා අගය කරන අතර ක්ෂේත්‍රයේ ඇති අභියෝග ජය ගැනීමට සහ සිය කුසලතා ලොවට පෙන්වීමට ව්‍යවසායකයන් දිරිමත් කරයි. කාණ්ඩ 59ක් යටතේ පවත්වන මෙම සම්මාන උළෙලේදී නව ව්‍යාපාර, ව්‍යාපාර ලෝකයේ දැවැන්තයන්, සමාජය වෙනස් කිරීමට දායකවන්නන්, තිරසාර සංවර්ධන උපදේශකයන් සහ විවිධ ක්ෂේත්‍රවල සුවිශේෂ දස්කම් දක්වන වෘත්තිකයන් ආදී විවිධ පිරිස් වෙත සම්මාන පිරිනමයි.

සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූයේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාය. ගෙෳරවණීය ආරාධිතයා ලෙස ලිඩියා පෝල් මහතා (ජාත්‍යන්තර සභාපති – BWIO ඕස්ට්‍රේලියාව) සහභාගි විය. විශේෂ ආරාධිත අමුත්තා වූයේ නැගෙනහිර ආණ්ඩුකාර එම්. සෙන්දිල් තොණ්ඩමන් මහතාය.

ආචාර්ය ඩෙක්ස්ටර් ප්‍රනාන්දු (ආරම්භක සභාපති – BWIO ජාත්‍යන්තර අංශය), ආචාර්ය තරිදු විජේනායත (නියෝජ්‍ය සභාපති – BWIO ජාත්‍යන්තර අංශය) හා ආචාර්ය එම්. ඒ. ඒ. ජබ්බාර් (උප සභාපති – BWIO ශ්‍රී ලංකා ශාකාව), ආචාර්ය එමරිටා විජේනායක (ව්‍යාපෘති සභාපති – ලෝක අලංකාර සම්මාන සහ ජාත්‍යන්තර කාන්තා විශිෂ්ටතා සම්මාන – BWIO ඇමරිකා එක්සත් ජනපදය) යන මහත්ම මහත්මීහුද සම්මාන උළෙලට සහභාගී වූහ. සම්මාන උළෙල චන්න – උපුලි නර්තන කණ්ඩායම, ජනනාත් වරකාගොඩ හා ඇන්තනී සුරේන්ද්‍ර විසින් වර්ණවත් කරන ලදී. BWIO සම්මාන උළෙලට ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන ලද්දේ මල්ටිනැෂනල් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ටී. දර්ශනන් මහතාය.

Related articles

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...

ස්ත්‍රී පැවැත්මකින් ‘ශ්‍රාවය වූ කතා’

මේ වසරේ ගොඩගැසුණු පොත් කන්ද ටිකින් කියව ගන්න උත්සහ කරද්දී ඒ පොත් කන්ද බරක් සේ නොව ආස්වාදයක් සේ...