Business World International සම්මාන උළෙල ටාජ් සමුද්‍රා හෝටලයේදී !

Share post:

ඇමරිකා එක්සත් ජනපදයේ Business World International Organization සංවිධානය කළ Business World International සම්මන්ත්‍රණය හා සම්මාන උළෙල ඇමතිවරුන්, තානාපතිවරුන් සහ කළාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

මෙම වසරේ සම්මාන උළෙලේ තේමාව වූයේ 2030 වසර සඳහා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා ඇති කැපවීම යන්නයි. Business World International Organization (BWIO) යනු ගෝලීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ ජයග්‍රහණ සහ හැකියා හඳුනා ගැනීමේ අරමුණෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටුවා ඇති සංවිධානයකි. BWIO සම්මාන උළෙලේදී ව්‍යාපාර ආයතනවල විශිෂ්ටත්වය හඳුනා ගෙන ඒවා අගය කරන අතර ක්ෂේත්‍රයේ ඇති අභියෝග ජය ගැනීමට සහ සිය කුසලතා ලොවට පෙන්වීමට ව්‍යවසායකයන් දිරිමත් කරයි. කාණ්ඩ 59ක් යටතේ පවත්වන මෙම සම්මාන උළෙලේදී නව ව්‍යාපාර, ව්‍යාපාර ලෝකයේ දැවැන්තයන්, සමාජය වෙනස් කිරීමට දායකවන්නන්, තිරසාර සංවර්ධන උපදේශකයන් සහ විවිධ ක්ෂේත්‍රවල සුවිශේෂ දස්කම් දක්වන වෘත්තිකයන් ආදී විවිධ පිරිස් වෙත සම්මාන පිරිනමයි.

සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූයේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාය. ගෙෳරවණීය ආරාධිතයා ලෙස ලිඩියා පෝල් මහතා (ජාත්‍යන්තර සභාපති – BWIO ඕස්ට්‍රේලියාව) සහභාගි විය. විශේෂ ආරාධිත අමුත්තා වූයේ නැගෙනහිර ආණ්ඩුකාර එම්. සෙන්දිල් තොණ්ඩමන් මහතාය.

ආචාර්ය ඩෙක්ස්ටර් ප්‍රනාන්දු (ආරම්භක සභාපති – BWIO ජාත්‍යන්තර අංශය), ආචාර්ය තරිදු විජේනායත (නියෝජ්‍ය සභාපති – BWIO ජාත්‍යන්තර අංශය) හා ආචාර්ය එම්. ඒ. ඒ. ජබ්බාර් (උප සභාපති – BWIO ශ්‍රී ලංකා ශාකාව), ආචාර්ය එමරිටා විජේනායක (ව්‍යාපෘති සභාපති – ලෝක අලංකාර සම්මාන සහ ජාත්‍යන්තර කාන්තා විශිෂ්ටතා සම්මාන – BWIO ඇමරිකා එක්සත් ජනපදය) යන මහත්ම මහත්මීහුද සම්මාන උළෙලට සහභාගී වූහ. සම්මාන උළෙල චන්න – උපුලි නර්තන කණ්ඩායම, ජනනාත් වරකාගොඩ හා ඇන්තනී සුරේන්ද්‍ර විසින් වර්ණවත් කරන ලදී. BWIO සම්මාන උළෙලට ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන ලද්දේ මල්ටිනැෂනල් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ටී. දර්ශනන් මහතාය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...