නිලන්ත ජයවර්ධන වෙනුවෙන් අපි නෑ : අතිරේක සොලිසිටර් ජනරාල් අභියාචනාධිකරණයට දැනුම් දෙයි !

Share post:

පාස්කු ප්‍රහාර වලක්වානොගැනීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇතී රිට් පෙත්සමට තමන් පෙනී සිටින්නේ පොලිස්පති සහ නීතිපතිවරයා වෙනුවෙන් පමණක් බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අභියාචනාධිකරණයට අද (28) දැනුම් දුන්නේය.

නීතිපතිවරයා දෙවැනි වගඋත්තරකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී නොසිටි බවට දැනුම් දුන්නේ මතකදී බැවින් නඩුවට සූදානම් වීමට කල් අවශ්‍ය බවත්, සීමිත විරෝධතා ගොනු කිරීමට කාලය අවශ්‍ය බවත් නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර දැනුම් දුන්නේය. 

සමාජය හා සාමයික කේන්ද්‍රය, එහි අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ වින්දිත පියකු වන සුරාජ් නිලංග යන පිරිස ගොනු කළ මෙම රිට් පෙත්සම අද කැඳවූයේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකාරුණා සහ ධම්මික ගණේපොල යන මහත්වරුන් ඉදිරියේය. 

නීතිපතිවරයා ද නඩුවට අදාලව සීමිත විරෝධතා ගොනු කර නොතිබුණු අතර සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා තමන්ට ද කාලය අවශ්‍ය බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා දැනුම් දුන්නේය. නීතිපතිවරයා සීමිත විරෝධතා ගොනු කරන්නේ නම් ඒ සමග දැනට නිලන්ත ජයවර්ධන වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද යන්න නීතිපතිවරයා දැනුම් දෙන්නේ නම් එය මෙම නඩුවට පහසුවක් වනු ඇතැයි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අර්මිසා ටීගල් මහත්මිය දැනුම් දුන්නාය.

කරුණු සලකා බැලූ අධිකරණය සීමිත විරෝධතා ඇත්නම් ගොනු කිරීම සඳහා වගඋත්තරකාර පොලිස්පතිට, නීතිපතිට සහ නිලන්ත ජයවර්ධන සති තුනක කාලයක් ලබා දුන් අතර ඊට ප්‍රතිවිරෝධතා ඇත්නම් දෙසතියක් තුල ගොනු කරන ලෙස පෙත්සම්කරුවන්ට දැනුම් දුන්යේ. 

නඩුව සලකා බැලිම සඳහා ජූලි 25 වැනිදා කැඳවීමට නියෝග කෙරෙිණි.

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් අපරාධ වගකීමක් නිලන්ත ජයවර්ධන මහතාට ඇති බවට වන සාක්කිද සමග තමන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළ බවත්, එම පැමිණිල්ලට අදාලව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා කටයුතු කර නැති බවත්, එසේ හෙයින් නිලන්ත ජයර්ධනට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙස පොලිස්පතිට සහ නීතිපතිට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස මෙම පෙත්සමේ පළමු ඉල්ලීම මගින් ඉල්ලා තිබේ.

එසේම පාස්කු ප්‍රහාරයට අදාල මූලික අයිතිවාසිකම් නඩුවලදී ලබා දුන් තීන්දුව අනුව නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පියවර ගන්නා නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම මගින් ඉල්ලා තිබේ.

නඩුවේ පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ මනුෂිකා කුරේ මහත්මියගේ උපදෙස් පරිදි ලිනුරි මුණසිංහ, ටාහිරා ලෆාර්  සමග නීතිඥ අර්මිසා ටීගල් මහත්මිය පෙනී සිටියාය. නිලන්ත ජයවර්ධන වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනී සිටි අතර පොලිස්පති සහ නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර පෙනී සිටියේය.

  • තරිඳු ජයවර්ධන

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...