රිමාන්ඩ් කරන එක අසාධාරණයි : ඇප නොදෙන්න හේතුවක් නෑ – කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩයනාට ඇප නියම කරමින් කියයි !

Share post:

අධිකරණයට ඉදිරිපත් වූ හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමගේ ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (21) නියෝග කළේය.
ශ්‍රී ලංකා පුරවැසිභාවය නොමැතිව අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක ලෙස නම් කර සිටි ඩයනා ගමගේ සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු මේ නියෝගය නිකුත් කෙරිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මේ මෝසම විභාගයට ගත් අවස්ථාවේ අධිකරණයේ පෙනීනොසිටීම ද විශේෂත්වයකි.
මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විවෘත අධිකරණයේදී පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට නොපැමිණීම නිසා ඩයනා ගමගේ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සාධාරණ නොවන බවයි. දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඩයනා ගමගේට එරෙහිව ඇති වරද ඇප දිය හැකි වරදක් බව ද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
ඊයේ (20) දිනයේ සැකකාරියක කිරීමෙන් පසු අද (21) දිනයේ ස්වේච්ඡාවෙන් අධිකරණයට ඉදිරිපත්වීමත්, මැයි 09දා සිට විදේශ ගමන් තහනමක් පැවතුණද ඊට පෙර හෝ ඇය විදේශගත නොවීමත්, ස්වේච්ඡාවෙන් අධිකරණයට ඉදිරිපත් වීමත් වැනි හේතු නිසා ඩයනා ගමගේට ඇප නොදී සිටීමට හේතුවක් නැති බව ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...