රිමාන්ඩ් කරන එක අසාධාරණයි : ඇප නොදෙන්න හේතුවක් නෑ – කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩයනාට ඇප නියම කරමින් කියයි !

Share post:

අධිකරණයට ඉදිරිපත් වූ හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමගේ ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (21) නියෝග කළේය.
ශ්‍රී ලංකා පුරවැසිභාවය නොමැතිව අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක ලෙස නම් කර සිටි ඩයනා ගමගේ සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු මේ නියෝගය නිකුත් කෙරිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මේ මෝසම විභාගයට ගත් අවස්ථාවේ අධිකරණයේ පෙනීනොසිටීම ද විශේෂත්වයකි.
මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විවෘත අධිකරණයේදී පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට නොපැමිණීම නිසා ඩයනා ගමගේ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සාධාරණ නොවන බවයි. දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඩයනා ගමගේට එරෙහිව ඇති වරද ඇප දිය හැකි වරදක් බව ද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
ඊයේ (20) දිනයේ සැකකාරියක කිරීමෙන් පසු අද (21) දිනයේ ස්වේච්ඡාවෙන් අධිකරණයට ඉදිරිපත්වීමත්, මැයි 09දා සිට විදේශ ගමන් තහනමක් පැවතුණද ඊට පෙර හෝ ඇය විදේශගත නොවීමත්, ස්වේච්ඡාවෙන් අධිකරණයට ඉදිරිපත් වීමත් වැනි හේතු නිසා ඩයනා ගමගේට ඇප නොදී සිටීමට හේතුවක් නැති බව ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...