මනෝ විද්‍යාව, පෝෂණවේදය හා සම-සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ පාඨමාලා රැසක් IIHS වෙතින් !

Share post:

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වන කාලීන වෙනස්කම්වලට ගැළපෙන අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව සළසන මෙරට ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) මනෝ විද්‍යාව, පෝෂණවේදය සහ සම-සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ නව අධ්‍යාපන වැඩසටහන් රැසක් හඳුන්වා දෙයි. මනෝ විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය, අධිකරණ වෛද්‍ය මනෝ විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය සහ ක්‍රීඩා හා ව්‍යායාම මනෝ විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය IIHS ආයතනය හඳුන්වා දුන් නවතම වැඩසටහන් අතර වේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු වන නිරන්තර යාවත්කාලීනවීම් අනුව යමින් මෙවැනි අධ්‍යාපන වැඩසටහන් හඳුන්වා දීමෙන් දකුණු ආසියානු කළාපයේ  සෞඛ්‍ය අධ්‍යාපන ආයතන අතර තව දුරටත් ඉදිරියෙන්ම පසු වීමටත්, කුසලතාවලින් පරිපූර්ණ වෘත්තිකයන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට දායාද කිරීමටත් IIHS ආයතනය අපේක්ෂා කරයි.

සිසුන්ට පෝෂණ විද්‍යාව පිළිබඳ පුළුල් දැනුමක් සැපයීමේ අරමුණෙන් IIHS ආයතනය පෝෂණවේදය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන් කිහිපයක්ද හඳුන්වා දී ඇත. ක්‍රීඩා පෝෂණවේදය සහ මූලික ආහාර විද්‍යාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලා ඒ අතර වේ. ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ සහාය සමඟ උසස් තාක්ෂණයෙන් යුතු විද්‍යාගාර පහසුකම් සහ සිද්ධි අධ්‍යයන වැනි දෑ සමඟ ඒකාබද්ධව දියත් කරන මෙම අධ්‍යාපන වැඩසටහන් හරහා ප්‍රයෝගික දැනුම ලැබීමට සිසුන්ට අවස්ථාව ලැබේ. සම-සෞඛ්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධියක්ද හඳුන්වා දී ඇති IIHS ආයතනය ඒ හරහා දැනුමින් සහ අත්දැකීම්වලින් සපිරි සෞඛ්‍ය වෘත්තිකයන් නිර්මාණය කිරීමට අපේක්ෂා කරයි. තාර්කික චින්තනය, ඉක්මන් තීරණ ගැනීම සහ ඵලදායි සන්නිවේදනය වැනි ගුණාංග ප්‍රගුණ කිරීමටද සිසුන්ට උපකාර වන එම වැඩසටහන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ධනාත්මක බලපෑමක් සිදු කරනු ඇත. IIHS ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා මෙසේ පැවසීය.

“මෙම අධ්‍යාපන වැඩසටහන් හරහා අංශ කිහිපයක් යටතේ මානව චර්යාව, මානසික ක්‍රියාදාම සහ හැඟීම් පිළිබඳ පුළුල් අවබෝධයක් සිසුන්ට සපයනවා. එක්සත් රාජධානියේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය සමඟ ඒකාබද්ධබ වී පිරිනමන මෙම අධ්‍යාපන වැඩසටහන් හරහා සිද්ධාන්තමය සහ සායනික දැනුමින් සිසුන් සන්නද්ධ කරන්න හැකියාව ලැබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවකාරී වෙනසක් ඇති කරන්න සූදානම් වන මේ මොහොතේ IIHS ආයතනය සමඟ එකතු වෙන්න කියලා අපි මේ පිළිබඳව උනන්දුවක් දක්වන සියලු දෙනාට ආරාධනා කරනවා.”

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...