‘ලංකා ලේඛක සංවිධානය’ සාහිත්‍ය නිර්මාණ තරගය 2024

Share post:

වාර්ෂිකව සංවිධානය කරනු ලබන 2024 සාහිත්‍ය නිර්මාණ තරගය පිළිබඳ මෙම විස්තරය සමාජමාධ්‍ය ජාලා ඔස්සේ බෙදාහැරීම මගින් මෙම ව්‍යායාමය සාර්ථක කරගැනීම සඳහා ඔබගේ උපරිම සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු.
ලංකා ලේඛක සංවිධානය විසින් මෙහෙයවනු ලබන සාහිත්‍ය නිර්මාණ තරගය- 2024 ලාංකික සාහිත්‍යයේ පෝෂණයට දායක විය හැකි ලේඛක පරපුරක් බිහිකිරීමේ අපේක්ෂාවෙන් ලංකා ලේඛක සංවිධානය 2024 වසර සඳහාද සාහිත්‍ය නිර්මාණ තරගයක් පැවැත්වීමට පියවර ගෙන තිබේ.

මෙම නිර්මාණ තරගයට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.
මේ සඳහා ඉදිරිපත් කළ හැක්කේ කාව්‍ය සහ කෙටිකතා නිර්මාණ පමණි. මෙය විවෘත තරගයකි.

පොදු තරග කොන්දේසි :
රටේ ප්‍රධාන සාහිත්‍ය සම්මානයක් නොලැබූද, කාව්‍ය හෝ කෙටිකතා සංග්‍රහ තුනකට අඩු සංඛ්‍යාවක් මුද්‍රණයෙන් එළි දක්වා ඇත්තා වූද ලේඛක ලේඛිකාවන්ට මේ සඳහා සහභාගි විය හැකිය.

කාව්‍ය නිර්මාණ අංශය :එක් නිර්මාණකරුවෙකුට භාෂා මාධ්‍ය තුනෙන්ම සඳැස් හෝ නිසඳැස් ආරෙන් එක නිර්මාණය බැගින් ඉදිරිපත් කළ හැකිය.
කෙටිකතා නිර්මාණ අංශය : එක් නිර්මාණකරුවෙකුට භාෂා මාධ්‍ය තුනෙන්ම එක නිර්මාණය බැගින් ඉදිරිපත් කළ හැකිය.
නිර්මාණ සඳහා ගත්වහර මෙන්ම කටවහරද යොදාගැනීමට හැකිය.

තමන්ගේ නිර්මාණය ඒ 4 කඩදාසියේ තනි පැත්තේ පැහැදිලි අත් අකුරින් ලියා හෝ පරිගණක අක්ෂර භාවිතයෙන් මුද්‍රණය කර හෝ ඉදිරිපත් කළ හැකිය.
ඔබේ නිර්මාණය සඳහා එක් පිටුවකට වැඩි පිටු සංඛාවක් ඇති විටක එම පිටු අංකනය කර ඉදිරිපත් කළ යුතුය.
නිර්මාණ ඉදිරිපත් කිරීමේදී ඒවා ලියාපදිංචි තැපෑලෙන් එවීම අනිවාර්ය වේ.

අප වෙත යොමු කරන නිර්මාණයේ පිටපතක් ඔබ සන්තකයේ තබා ගැනීම වැදගත් වන බව සැලකුව මනාය. එම නිර්මාණ ආපසු ලබා දීමට ලංකා ලේඛක සංවිධානය බැඳී නොසිටී.

ඔබ විසින් ඉදරිපත් කරන ලද නිර්මාණය ස්වීය නිර්මාණයක් විය යුතුය.
මීට පෙර මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් ව ඇති බව හෝ, එය වෙනත් අයකුගේ නිර්මාණයකින් උපුටා ගත් නිර්මාණ කොටස් ඇතුළත් ව ඇති බව හෝ එය වෙනත් අයකුගේ නිර්මාණයක් ඍජුව හෝ අනුවර්තිතව ඉදිරිපත් කර ඇති බව හෝ සනාථ වුවහොත් තරගයේ ජයක් ලැබුණ ද එය අවලංගු කෙරෙන බව සැලකුව මනාය.
මින් පෙර මේ ආකාරයේ තරගවලට ඉදිරිපත් කර ජයග්‍රහණය ලබා ඇති නිර්මාණ මේ තරගය සඳහා වලංගු නොවේ. දිගින් දිගට ම තරග සඳහා යොමු කරන එකම නිර්මාණ ඉදිරිපත් නොකරන්න.

නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවසන් දිනය 2024 මැයි මස 31 දින ය.
සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වෙතින් ඔබගේ නිර්මාණ සමීක්ෂණය කෙරෙන අතර ජයග්‍රහාකයන් හට සම්මාන, ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමීම වසර අවසානයේ දී සිදු කිරීමට අපේක්ෂිතය.

අයදුම් පත්‍රයට ඇතුළත් විය යුතු මූලික දත්තයන්:
අයදුම්කරුගේ නම… නිර්මාණයේ නාමය…. ඇතුළත් පිටු සංඛ්‍යාව..
ස්ථීර ලිපිනය…. දුරකතන හා වට්ස්ඇප් අංක… විද්‍යුත් තැපැල් ලිපිනය සහ නිර්මාණයේ ස්වීයත්වය සනාථ කිරීම..
ඔබේ නිර්මාණ, ලියා පදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතු ලිපිනය :

ලේකම්
සාහිත්‍ය නිර්මාණ තරගය-2024
ලංකා ලේඛක සංවිධානය
119 ඒ, පොල්හේන
කැලණිය.

වැඩිමනත් විස්තර,

කීර්ති වැලිසරගේ-
077 0390052

කමල් පෙරේරා –
077 365 5151/
071 8670913

දේ.වි.ගාල්ලගේ-
071 576 6355

Related articles

ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම වෛද්‍යවරයා Dr. Howard Tucker

හොවාර්ඩ් ටකර් කියන්නේ වයස අවුරුදු 102ක් වන ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයෙක්. ටකර් හඳුන්වන්නේ ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම...

තායිලන්ත අගමැතිනියට වහාම ඉවත්වන්නැයි විරෝධතා

තායිලන්ත අගමැතිනිය පේටොන්ග්ටාන් ශිනවත්‍රා ට තනතුරෙන් වහාම ඉවත්වෙන්න කියලා බලකරමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් තායිලන්තය තුළ මතුවෙලා තියනවා. දහස්...

නිහඬ කළ ලස්සන ම කවිය : අබ්බාසි !

යුද්ධයක පළමු වින්දිතයා වන්නේ කාන්තාවයි. ලංකාවේ උතුරේදීත්, දකුණේදීත් අපි එය අත්දකිමු. උතුරේ දරුවන් අහිමි අම්මලාගේ, ආබාධිත බවට පත්වූ...

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා…….

විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවානි ත් ත ව ල...