සිසුන්ට අධ්‍යාපන ණය පහසුකම් සැපයීමට IIHS සහ DFCC බැංකුව එක් වේ !

Share post:

මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය එහි සිසුන්ට 16.5%ක් වැනි ආකර්ෂණීය පොළී අනුපාතයක් සහ තවත් වාසි රැසක් සමඟ අධ්‍යාපන ණය ගැනීමට අවස්ථාව සළසමින් DFCC බැංකුව සමඟ එක් වේ. එක්සත් රාජධානියේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය සමඟ අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතනයක් වන IIHS ආයතනය හෙද සේවය හා සම්බන්ධ අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව සළසයි. මෙම සහයෝගීතාව ඇති කර ගැනීමේ අවස්ථාවට IIHS ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය  කිත්සිරි එදිරිසිංහ මහතාත් DFCC බැංකුවේ බැංකුකරණ, ප්‍රේෂණ සහ ව්‍යාපාර සංවර්ධන අංශය නියෝජනය කරමින් ඇන්ටන් ආරුමුගම් මහතාත්  සහභාගී වූහ.

මෙම සහයෝගීතාව හරහා පිළිගත් මූල්‍ය ආයතනයක සහයෝගය සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගුණාත්මක අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව ලැබේ. ආකර්ෂණීය ණය පහසුකමක් සමඟ ගෝලීය වශයෙන් පිළිගැනීමක් සහිත උපාධි පාඨමාලාවක් හැදෑරීමට සිසුන්ට ලැබෙන මේ අවස්ථාව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක බව තහවුරු කිරීමට උපකාර වේ. විශේෂයෙන්ම වර්තමාන ආර්ථික තත්ත්වය තුළ මෙම සහයෝගීතාව හරහා සිසුන්ට වාසි රැසක් ලැබෙනු ඇතැයි IIHS ආයතනය සඳහන් කළේය. පාඨමාලා ගාස්තුවෙන් 100%ක් ණය මුදලක් වශයෙන් ගත හැකි වීම, වසර හතක් තුළ ආපසු ගෙවීමේ හැකියාව (පළමු මාස 18 තුළ පොළිය පමණක් ගෙවිය යුතු වේ) සහ ඉතා පහසුවෙන් සේවය ලැබිය හැකි වීම මෙම සහයෝගීතාවේ වාසි අතර වේ.

IIHS ආයතනය හෙද සේවය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධියක් ඇතුළු විවිධ උපාධි පාඨමාලා පිරිනැමීමට සැළසුම් කර ඇති අවස්ථාවක සිසුන්ට මෙවැනි ණය පහසුකමක් ගැනීමට අවස්ථාව උදා වීම සුවිශේෂ කරුණකි. නව සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා මෙසේ පැවසීය. “නිසි සුදුසුකම් සහ පුහුණුව ලැබූ හෙද, අනෙකුත් සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් විශාල ඉල්ලුමක් තිබෙනවා. අප ආයතනය කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය සමඟ ඒකාබද්ධව පිරිනමන උපාධි පාඨමාලා හෙද ක්ෂේත්‍රයේ රැකියාවක් බලාපොරොත්තු වෙන සිසුන්ට ඉතා හොඳ තෝරා ගැනීමක්.”

“ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන IIHS ආයතනය සමඟ එකතු වීමට ලැබීම ඉතා සතුටට කරුණක්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය ගමනක් අරඹන්න බලාපොරොත්තු වෙන සහ ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගන්න උත්සාහ කරන තරුණ තරුණියන්ට IIHS ආයතනය ඉතා හොඳ තෝතැන්නක්.” ඇන්ටන් ආරුමුගම් මහතා අදහස් දක්වමින් එලෙස පැවසීය.

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...