‘ශ්‍රී ලාංකේය දෙමළ කවියේ ස්ත්‍රී ස්වරය’ – 20 දින බදාදා

Share post:

ශ්‍රී ලාංකේය දෙමළ කිවිඳියන්ගේ කාව්‍යමය හෘද සාක්ෂිය සම්මුඛ කරවන කතිකාවට ඇරයුම් !

දෙමළ කිවිඳියන්ගේ කවි අපට එතරම් සමීප නොවන්නේ භාෂා ගැටලුව හේතුවෙන් මිස දෙමළ බසින් කවි ලියන කිවිඳියන්ගේ හිගයක් නිසා නම් නොවේ. ඉඳ හිටක පුවත්පතක පළ වන පරිවර්තන කවියක් හැරුණු විට දෙමළ කිවිඳියන් අපට හමු වූ අවස්ථා ඇත්තේ ඉතාම අල්පයකි. යුද ගිනි දැල් මැද, බංකර තුළ, අත් හැරුණු නිවෙස් තුළ, තාවකාලික කඳවුරු තුළ නිසැක වශයෙන් ම බොහෝ කවි වියැකී යන්නට ඇත.

1993 වසරේ ”යුද බිමෙන් උපන් කවි – දෝංකාරය” ලෙසින් දෙමළ පරිවර්තකයන්ගේ සහය ලබා ගනිමින් සීතා රංජනී සංස්කරණය කළ කවි එකතුව තුළ සෙල්විනිති ත්‍යාගරාජා, ඌර්වසී, සිවරමණි, සන්මාර්තා, සංගරී, මෛත්‍රී අව්වෙයි උරුත්තිරිමූර්ති වැනි කිවිඳියන්ගේ කවි අපට සමීප විය.
මීළඟට දකුණේ කාව්‍ය සමාජයට දෙමළ කිවිඳියන් කිහිපදෙනෙකුගේ ආත්මීය දෝංකාරය සම්මුඛ වන්නේ 2006 නිලාර් එන් කාසිම් පරිවර්තනය කරන ලද ”සහෝදර පියාපත්” කාව්‍ය කෘතියෙනි.

”ගිනි වැදුණු සිතක කවි” ලෙසින් තමිලිනීගේ කවි අපට හමුවන්නේ ජී.ජී. සරත් ආනන්දගේ පරිවර්තන ශ්‍රමය හරහා ය. මේ කාලය තුළ ඉඳ හිට පුවත්පත්වල, සමාජ මාධ්‍යවල ඇස ගැටුණු පරිවර්තන කවියක් හැරුණු විට දෙමළ කවිය අපට තවමත් ඇත්තේ බොහෝ දුරිනි. (තවත් තොරතුරු ඇත්නම් මේ සටහනට එක් කරන්න.)

වර්තමානයේ උතුරු දකුණු හදවත් යා කරන පාලමක් ලෙස කවිය සම්බන්ධයෙන් සාධනීය මැදිහත්වීමක් අප දකින්නේ අනූෂා සිවලිංගම් වෙතිනි. ”රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන” නමින් ඇය සිංහල භාෂාවට පරිවර්තනය කළ දීපචෙල්වන්ගේ කවි එකතුව එළිදැක්වුණේ 2023 වසරේ ය.
2024.03.20 දින බදාදා ප.ව. 1.30ට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන මාසික විද්වත් දේශනයෙන් මෙවර, ශ්‍රී ලාංකේය දෙමළ කිවිඳියන්ගේ කාව්‍යමය හෘද සාක්ෂිය අප වෙත සම්මුඛ කරන්නේ අනූෂා සිවලිංගම් ය.
කවියට, ජීවිතයට, මනුෂ්‍යත්වයට ළැදි සහෘද සැමට ආරාධනා !

තරුරසී ප්‍රනාන්දු

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...