‘ශ්‍රී ලාංකේය දෙමළ කවියේ ස්ත්‍රී ස්වරය’ – 20 දින බදාදා

Share post:

ශ්‍රී ලාංකේය දෙමළ කිවිඳියන්ගේ කාව්‍යමය හෘද සාක්ෂිය සම්මුඛ කරවන කතිකාවට ඇරයුම් !

දෙමළ කිවිඳියන්ගේ කවි අපට එතරම් සමීප නොවන්නේ භාෂා ගැටලුව හේතුවෙන් මිස දෙමළ බසින් කවි ලියන කිවිඳියන්ගේ හිගයක් නිසා නම් නොවේ. ඉඳ හිටක පුවත්පතක පළ වන පරිවර්තන කවියක් හැරුණු විට දෙමළ කිවිඳියන් අපට හමු වූ අවස්ථා ඇත්තේ ඉතාම අල්පයකි. යුද ගිනි දැල් මැද, බංකර තුළ, අත් හැරුණු නිවෙස් තුළ, තාවකාලික කඳවුරු තුළ නිසැක වශයෙන් ම බොහෝ කවි වියැකී යන්නට ඇත.

1993 වසරේ ”යුද බිමෙන් උපන් කවි – දෝංකාරය” ලෙසින් දෙමළ පරිවර්තකයන්ගේ සහය ලබා ගනිමින් සීතා රංජනී සංස්කරණය කළ කවි එකතුව තුළ සෙල්විනිති ත්‍යාගරාජා, ඌර්වසී, සිවරමණි, සන්මාර්තා, සංගරී, මෛත්‍රී අව්වෙයි උරුත්තිරිමූර්ති වැනි කිවිඳියන්ගේ කවි අපට සමීප විය.
මීළඟට දකුණේ කාව්‍ය සමාජයට දෙමළ කිවිඳියන් කිහිපදෙනෙකුගේ ආත්මීය දෝංකාරය සම්මුඛ වන්නේ 2006 නිලාර් එන් කාසිම් පරිවර්තනය කරන ලද ”සහෝදර පියාපත්” කාව්‍ය කෘතියෙනි.

”ගිනි වැදුණු සිතක කවි” ලෙසින් තමිලිනීගේ කවි අපට හමුවන්නේ ජී.ජී. සරත් ආනන්දගේ පරිවර්තන ශ්‍රමය හරහා ය. මේ කාලය තුළ ඉඳ හිට පුවත්පත්වල, සමාජ මාධ්‍යවල ඇස ගැටුණු පරිවර්තන කවියක් හැරුණු විට දෙමළ කවිය අපට තවමත් ඇත්තේ බොහෝ දුරිනි. (තවත් තොරතුරු ඇත්නම් මේ සටහනට එක් කරන්න.)

වර්තමානයේ උතුරු දකුණු හදවත් යා කරන පාලමක් ලෙස කවිය සම්බන්ධයෙන් සාධනීය මැදිහත්වීමක් අප දකින්නේ අනූෂා සිවලිංගම් වෙතිනි. ”රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන” නමින් ඇය සිංහල භාෂාවට පරිවර්තනය කළ දීපචෙල්වන්ගේ කවි එකතුව එළිදැක්වුණේ 2023 වසරේ ය.
2024.03.20 දින බදාදා ප.ව. 1.30ට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන මාසික විද්වත් දේශනයෙන් මෙවර, ශ්‍රී ලාංකේය දෙමළ කිවිඳියන්ගේ කාව්‍යමය හෘද සාක්ෂිය අප වෙත සම්මුඛ කරන්නේ අනූෂා සිවලිංගම් ය.
කවියට, ජීවිතයට, මනුෂ්‍යත්වයට ළැදි සහෘද සැමට ආරාධනා !

තරුරසී ප්‍රනාන්දු

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...