2024 ඇකඩමි සම්මාන උළෙලට පැමිණි සුවිශේෂී අමුත්තා කවුරුන්ද?

405

2024 ඇකඩමි සම්මාන උළෙලට අපූරු අමුත්තෙක් රතුපලස මතින් ලොව විශිෂ්ටතම සිනමාශිල්පීන් සමග පැමිණියේ ය . ඒ සුවිශේෂී අමුත්තා කවුරුන්ද ? ඒ පසුගිය වසරේ ප්‍රංශයේ කාන් චිත්‍රපට උළෙලේ ( CANNES FILM FESTIVAL – FRANCE ) දී විශිෂ්ටතම චිත්‍රපට ලෙස PALMER DO’R සම්මාන හිමිකර ගත් ANATOMY OF THE FALL – 2023 චිත්‍රපටයේ රඟපෑ මෙම බලු සුරතලා ය . එම බලු සුරතලා ද මෙවර ඇකඩමි සම්මාන උළෙල සදහා විශේෂ ආරාධනාවට අනුව සහභාගි වූයේ ය . ඒ මෙම බලු සුරතලා එම චිත්‍රපටයේ ප්‍රශස්ථ රංගනයක් ඉදිපත් කිරීම නිසා ය. එසේ බලු සුරතලා සහභාගි වූයේ එම චිත්‍රපටයේ අධ්‍යක්ෂීකාව හා මෙවර වසරේ හොදම තිර රචනය සදහා වූ සම්මානය හිමිකර ගත් ජස්ටින් ට්‍රීට් ( Jersin Triet ) සමගිනි .

එනමුත් හැත්තෑහත් වසරක ශ්‍රීලාංකේය සිනමාවේ කිසිවකු මා දන්නා පරිදි තවමත් ඇකඩමි සම්මාන උළෙල නියෝජනය කිරීමට අවස්ථාව හිමිකර ගෙන නොමැත්තේ ය .

ඇමෙරිකානු ජාතික තිර රචකයකු , නිෂ්පාදකවරයකු හා අද්විතීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන ස්ටීවන් ස්පිල්බර්ග් ( Steven Spielberg ) මෙවර
( 2024 ) ඇකඩමිය සම්මාන උළෙල තම විවේකය ගතකළ ආකාරය ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයට හසුවූ ආකාරය කෙබඳුද ?

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි