තවත් මාධ්‍යවේදියෙක් රිමාන්ඩ් : අපහාසයකට පරිගණක අපරාධ නීති යොදාගන්නේ ඇයි?

Share post:

ජාතික ආරක්ෂාවට තර්ජනය වන ආකාරයේ පුවත් පළකළේ යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගත් රාවණා ලංකා වෙබ්අඩවියේ ප්‍රධාන කර්තෘ ගල්කන්දේ පුරන්වත්තලාගේ නිශ්ශංක ලබන 20දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. වෙබ්අඩවියක් පවත්වාගෙන යමින් යුද හමුදාපතිවරයාට සහ හමුදාවේ ඉහළ නිලධාරීන්ට අපහාස වන අයුරින් පුවත් පළකරමින් ජාතික ආරක්ෂාවට සහ මහජන ආරක්ෂාවට තර්ජනයක් එල්ල කළේ යැයි ඔහුට චෝදනා එල්ල කර තිබේ.
සැකකරු මේ වෙබ්අඩවිය බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගොස් ඇති බවත්, යුද හමුදාපතිවරයාගේ කුස්සියත් ඒ.සී වැනි ශීර්ෂ යටතේ යුද හමුදාපතිවරයාට සහ ඉහළ නිලධාරීන්ට අපහාස වන අයුරින් පුවත් පළකර ඇති බවත් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා තිබේ.
වෙබ්අඩවිය පිළිබඳ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ වාර්තාව මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, සැකකරු මෙවැනි අපහාසාත්මක පුවත් පළකිරීම තුළින් මහජනතාව යුද හමුදාව පිළිබඳ දරන මතය පහළ දැමීමට උත්සාහ කරමින් රටේ භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක් එල්ල කර ඇති බව ද පෙන්වා දී ඇත.
පුද්ගලයන්ට අපහාසයක් කර ඇත්නම් ඊට අදාළ නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගත යුතු බවත්, එසේ නොකොට පරිගණක අපරාධ නීති ඒ සඳහා යොදාගැනීම පිළිගත නොහැකි බවත් මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමසා ඇත්තේ ජනමාධ්‍යවේදියකුට සෑමදෙයක් ම වාර්තා කළ හැකිද යනුවෙනි.

Related articles

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන් වේ !

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී...