තවත් මාධ්‍යවේදියෙක් රිමාන්ඩ් : අපහාසයකට පරිගණක අපරාධ නීති යොදාගන්නේ ඇයි?

Share post:

ජාතික ආරක්ෂාවට තර්ජනය වන ආකාරයේ පුවත් පළකළේ යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගත් රාවණා ලංකා වෙබ්අඩවියේ ප්‍රධාන කර්තෘ ගල්කන්දේ පුරන්වත්තලාගේ නිශ්ශංක ලබන 20දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. වෙබ්අඩවියක් පවත්වාගෙන යමින් යුද හමුදාපතිවරයාට සහ හමුදාවේ ඉහළ නිලධාරීන්ට අපහාස වන අයුරින් පුවත් පළකරමින් ජාතික ආරක්ෂාවට සහ මහජන ආරක්ෂාවට තර්ජනයක් එල්ල කළේ යැයි ඔහුට චෝදනා එල්ල කර තිබේ.
සැකකරු මේ වෙබ්අඩවිය බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගොස් ඇති බවත්, යුද හමුදාපතිවරයාගේ කුස්සියත් ඒ.සී වැනි ශීර්ෂ යටතේ යුද හමුදාපතිවරයාට සහ ඉහළ නිලධාරීන්ට අපහාස වන අයුරින් පුවත් පළකර ඇති බවත් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා තිබේ.
වෙබ්අඩවිය පිළිබඳ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ වාර්තාව මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, සැකකරු මෙවැනි අපහාසාත්මක පුවත් පළකිරීම තුළින් මහජනතාව යුද හමුදාව පිළිබඳ දරන මතය පහළ දැමීමට උත්සාහ කරමින් රටේ භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක් එල්ල කර ඇති බව ද පෙන්වා දී ඇත.
පුද්ගලයන්ට අපහාසයක් කර ඇත්නම් ඊට අදාළ නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගත යුතු බවත්, එසේ නොකොට පරිගණක අපරාධ නීති ඒ සඳහා යොදාගැනීම පිළිගත නොහැකි බවත් මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමසා ඇත්තේ ජනමාධ්‍යවේදියකුට සෑමදෙයක් ම වාර්තා කළ හැකිද යනුවෙනි.

Related articles

පුටින්ගේ රුසියානු – යුක්රේණ යුද්ධය, නෙතන්යාහුගේ ඉරාණ-ඊශ්‍රායල යුද්ධය!ජාත්‍යන්තර නීතිය කඩ කර ඇත්තේ කවු ද?

ඊශ්‍රායල-ඇමරිකා සහ ඉරාණය අතර යුද්ධය ලෝකයේම නව දේශපාලනික කතිකාවතක් නිර්මාණය කෙරෙමින් පවතී. එක් අතකින් නූතන ගෝලීය ලෝකයේ අපගේ...

අධිරාජ්‍යවාදයේ දඩ බල්ලෝ…

ස්ත්‍රීන් සහ දරුවන් මරාදමමින්, පාසල් සහ රෝහල් වලට බෝම්බ දමමින්, ජනාකීර්ණ නගර සමතලා කරමින්, බෝම්බවලට ගොදුරුවූවන් සමඟ සෙල්ලම්...

මානව සංහතියේ අන්තය සමගින් එළැඹෙන AI යුගය කෙබඳුද ? (Human Edge in the AI Age )

2025 දෙසැම්බර් මස අතිශයින්ම වැදගත් පොතක් එංගලන්තයේ ලංඩන් නුවර පිහිටි පෙන්ගුයින් රැන්ඩම් නිවස ( Penguin Random House )...

අපර්ණා තම පරිණතභාවය පෙන්නුම් කළ චිත්‍රපටයක් Yugant (1995)

Yugant (1995)අපර්ණා සෙන් යනු තම නිර්මාණ දිවිය තුල විවිද වූ අත්හදා බැලීම් සිදු කළ අධ්‍යක්ෂකවරියක්. ඇයගේ බහුතරයක් චිත්‍රපට...