ජනමාධ්‍යවේදී ශාන්ත විජේසූරියගේ නිවසට පැමිණි පොලිසිය රාජ්‍ය භීෂණයට එරෙහි පත්‍රිකා රැගෙන යයි : පත්‍රිකා බෙදූ ක්‍රියාකාරිකයෙකුත් අත්අඩංගුවට අරන් !

Share post:

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ජාතික සංවිධායක, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සාමාජික, කොළඹ ක්‍රියාකාරී කමිටුව සංවිධානයේ ලේකම්වරයා ද වන ජනමාධ්‍යවේදී ශාන්ත විජේසූරියගේ නිවසේ තිබූ, උද්ඝෝෂණ ව්‍යපාරකට අදාළ අත්පත්‍රිකා තොගයක් කැස්බෑව පොලිසිය මගින් රැගෙන ගොස් තිබේ.

කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් සහිතව ඊයේ (24) පස්වරුවේ පිළියන්දල, මඩපාත පිහිටි සිය නිවසට පැමිණි පොලිසිය මෙම අත්පත්‍රිකා තොගය රැගෙන ගිය බව ශාන්ත විජේසූරිය පවසයි.

මෙසේ රැගෙන ගොස් ඇත්තේ ‘යුක්තියේ මෙහෙයුම නමින් පීඩිත තරුණයන් ඇතුළු මහජනයාට එරෙහිව මුදාහැර ඇති රාජ්‍ය භීෂණය පරාජය කරනු’ මැයෙන් ලබන 27දා කැස්බෑව නගරයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා යොදාගැනීමට නියමිතව තිබූ අත්පත්‍රිකා බව ද ඔහු සඳහන් කරයි. අත්පත්‍රිකා 500කට ආසන්න සංඛ්‍යාවකට අමතරව පෝස්ටර් හා උද්ඝෝෂණ පුවරු දුසිම් ගණනාවක් ද පොලිසියෙන් රැගෙන ගිය බව ඔහු පවසයි.

මේ අතර ඉහත අත්පත්ත්‍රිකාව පිළියන්දල බස් නැවතුම්පොළේ සිටි මහජනයා අතර ඊයේ (24) පෙරවරුවේ බෙදාහරිමින් සිටියදී පිළියන්දල පොලිසිය මගින් පිටදුව ගමගේ පුණ්‍යවර්ධන නම් සාමාජිකයාව අත්අඩංගුව ගෙන පසුව සිය බලපෑම මත මුදා හැරි බව කොළඔ ක්‍රියාකාරි කමිටුව සඳහන් කරයි. පොලිසියේ සහ ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය පීඩිත මහජනයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ල කළ ප්‍රහාරයක් බවත්, එහි අරමුණ වී ඇත්තේ දේශපාලන විසම්මුතිය මැඩීම සඳහා තැතිගැන්වීම් හා තාඩන පීඩන සිදුකිරීම බවටත් එම කමිටුව අවධාරණය කරයි.

පොලිසිය සහ ආණ්ඩුව උත්සහ දරන්නේ මෙම පත්‍රිකා මහජනයා අතට පත්වීම වැළැක්වීමටත්, 27දා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ වැළැක්වීමටත් බවට ද කොළඔ ක්‍රියාකාරී කමිටුව චෝදනා කරයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...