ජනමාධ්‍යවේදී ශාන්ත විජේසූරියගේ නිවසට පැමිණි පොලිසිය රාජ්‍ය භීෂණයට එරෙහි පත්‍රිකා රැගෙන යයි : පත්‍රිකා බෙදූ ක්‍රියාකාරිකයෙකුත් අත්අඩංගුවට අරන් !

Share post:

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ජාතික සංවිධායක, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සාමාජික, කොළඹ ක්‍රියාකාරී කමිටුව සංවිධානයේ ලේකම්වරයා ද වන ජනමාධ්‍යවේදී ශාන්ත විජේසූරියගේ නිවසේ තිබූ, උද්ඝෝෂණ ව්‍යපාරකට අදාළ අත්පත්‍රිකා තොගයක් කැස්බෑව පොලිසිය මගින් රැගෙන ගොස් තිබේ.

කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් සහිතව ඊයේ (24) පස්වරුවේ පිළියන්දල, මඩපාත පිහිටි සිය නිවසට පැමිණි පොලිසිය මෙම අත්පත්‍රිකා තොගය රැගෙන ගිය බව ශාන්ත විජේසූරිය පවසයි.

මෙසේ රැගෙන ගොස් ඇත්තේ ‘යුක්තියේ මෙහෙයුම නමින් පීඩිත තරුණයන් ඇතුළු මහජනයාට එරෙහිව මුදාහැර ඇති රාජ්‍ය භීෂණය පරාජය කරනු’ මැයෙන් ලබන 27දා කැස්බෑව නගරයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා යොදාගැනීමට නියමිතව තිබූ අත්පත්‍රිකා බව ද ඔහු සඳහන් කරයි. අත්පත්‍රිකා 500කට ආසන්න සංඛ්‍යාවකට අමතරව පෝස්ටර් හා උද්ඝෝෂණ පුවරු දුසිම් ගණනාවක් ද පොලිසියෙන් රැගෙන ගිය බව ඔහු පවසයි.

මේ අතර ඉහත අත්පත්ත්‍රිකාව පිළියන්දල බස් නැවතුම්පොළේ සිටි මහජනයා අතර ඊයේ (24) පෙරවරුවේ බෙදාහරිමින් සිටියදී පිළියන්දල පොලිසිය මගින් පිටදුව ගමගේ පුණ්‍යවර්ධන නම් සාමාජිකයාව අත්අඩංගුව ගෙන පසුව සිය බලපෑම මත මුදා හැරි බව කොළඔ ක්‍රියාකාරි කමිටුව සඳහන් කරයි. පොලිසියේ සහ ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය පීඩිත මහජනයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ල කළ ප්‍රහාරයක් බවත්, එහි අරමුණ වී ඇත්තේ දේශපාලන විසම්මුතිය මැඩීම සඳහා තැතිගැන්වීම් හා තාඩන පීඩන සිදුකිරීම බවටත් එම කමිටුව අවධාරණය කරයි.

පොලිසිය සහ ආණ්ඩුව උත්සහ දරන්නේ මෙම පත්‍රිකා මහජනයා අතට පත්වීම වැළැක්වීමටත්, 27දා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ වැළැක්වීමටත් බවට ද කොළඔ ක්‍රියාකාරී කමිටුව චෝදනා කරයි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...