මුලතිව් මාධ්‍ය සමාජයට හමුදාවෙන් තර්ජනයක් : එහෙම වැඩ හමුදාව කරන්නෙ නෑ – මාධ්‍ය අධ්‍යක්ෂ

Share post:

මුලතිව් මාධ්‍ය සමාජය පිහිටි ස්ථානයට ගිය යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (24) එහි සියලු තොරතුරු ඉල්ලා තිබේ.
එහි ප්‍රධානීන්ගේ නම්, දුරකතන අංක, ලිපින ආදී සියලු තොරතුරු ලබාදෙන ලෙස ඔවුන් එහි සිටි මාධ්‍යවේදී කේ. කුමනන්ට බලකර ඇත. සිය බලසේනාංකාධිපතිවරයාගේ උපදෙස් මත මෙම තොරතුරු ලබාගැනීමට අවශ්‍ය බව ඔවුන්ගෙන් කළ විමසීමේදී පවසා තිබේ.

එහිදී අදාළ ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් පවසා ඇත්තේ එසේ තොරතුරු ලබාදිය නොහැකි බවත්, එම තොරතුරු ලබාගැනීමට හේතුව නිශ්චිතව දැනගැනීමට අවශ්‍ය බවත් ය. දිගින්-දිගටම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම හමුදා නිලධාරීන් එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

එම ස්ථානයට හමුදා සාමාජිකයන්ගේ මුල් පැමිණීම සිදු වී ඇත්තේ අද පෙරවරු 10.30ට ආසන්න වේලාවකදී ය. ඉන් පැය 03කට පසු, අද පස්වරු 1.40ට ආසන්න වේලාවකදී ගිනි අවි රැගත් හමුදා සාමාජිකයන් පිරිසක් සහිත යුද හමුදා ජීප් රථයක් වේගයෙන් එහි පැමිණි බවත්, එම රථය වේගයෙන් පිටුපසට ගෙන මොහොතක් නවතා තබා නැවත වේගයෙන් පිටත්ව ගිය බවත් thetime.lk වෙත අදහස් දක්වමින් මාධ්‍යවේදී කේ. කුමනන් පැවසීය.

මුලතිව් හි පිහිටි යුද හමුදා 591 බලසේනාංකාධිපති බ්‍රිගේඩියර් යූ.එස්.එන්.කේ. පෙරේරාගෙන මේ පිළිබඳව විමසීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ විය.

යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රවී හේරත්ගෙන් thetime.lk කළ විමසීමේදී ඔහු පැවසුවේ ප්‍රාදේශීය වශයෙන් මාධ්‍ය ආයතන සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යෑමේ අරමුණෙන් මාධ්‍යවේදීන් සම්බන්ධ කරගැනීමේ කටයුතු මේ දිනවල සිදු වන බවයි.
මෙහිදී සිදු වී ඇත්තේ එවැන්නක් නොවන බව පැහැදිලි කිරීමෙන් පසු ඔහු පැවසුවේ එසේ තොරතුරු එකතු කිරීමේ කිසිදු වැඩසටහනක් යුද හමුදාව පාර්ශ්වයෙන් සිදු නොකරන බවයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...