වලත්තෑවේ රාහුල හිමියන්ගේ ඉඩම් අයිතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් !

Share post:

අනුරාධපුර, ගල්නෑව හා නාකුළුගමුව යන ප්‍රදේශවල ජනතාවට සහ සතුන්ට හානිවන පරිදි අක්කර 4,500ක් වටා ඉදිකර ඇති අලි වැට වහාම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වලත්තෑවේ රාහුල හිමියන්ට නියෝග කර ඇත.

එම ප්‍රදේශවල ජනතාවගේ ආරක්ෂාව සඳහා ඔවුන්ගේ නිවාස ආවරණය වන පරිදි ඉදිකර ඇති අලි වැට ඉවත් නොකිරීමට වගබලාගන්නා ලෙස ද වගඋත්තරකාර රාහුල හිමියන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කර ඇත.

තමන්ගේ පන්සලට සන්නසකින් හිමිව ඇති බව කියමින් අක්කර 4,500ක ඉඩම් වපසරියක් කොටස් කර විවිධ වානිජ වගා කටයුතු වෙනුවෙන් ලබාදීමට මෙම භික්ෂූන් වහන්සේ ක්‍රියාකර ඇති අතර, එයින් ප්‍රදේශයට සිදුවන පීඩාවට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය මගින් මෙම නඩුව පවරා තිබිණි.

ලංකා විදුලිබල මණ්ඩලයේ හා පොලිසියේ සහාය ඇතිව එම ආයතනවල අධීක්ෂණය යටතේ එම අලි වැට ඉවත් කිරීමේ කටයුතු සිදුකළ යුතු බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ අප කළ විමසීමකදී පැවසුවේ මුලදී මෙම අලි වැට ඉවත් කිරීමට අධිකරණය ඉදිරියේ පළ කළ එකඟතා වගඋත්තරකරුවන් කඩ කර ඇතැයි තමන් අධිකරණයට පෙන්වා දුන් බවයි.

අධිකරණයේ නියෝගය පරිදි එම අලි වැට ඉවත් කර ඇත්දැයි සොයාබැලීම සඳහා පෙත්සම මැයි 19 වැනි දින යළි කැඳවීමට පෙත්සම විභාග කළ මූර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා හා යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...