වලත්තෑවේ රාහුල හිමියන්ගේ ඉඩම් අයිතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් !

Share post:

අනුරාධපුර, ගල්නෑව හා නාකුළුගමුව යන ප්‍රදේශවල ජනතාවට සහ සතුන්ට හානිවන පරිදි අක්කර 4,500ක් වටා ඉදිකර ඇති අලි වැට වහාම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වලත්තෑවේ රාහුල හිමියන්ට නියෝග කර ඇත.

එම ප්‍රදේශවල ජනතාවගේ ආරක්ෂාව සඳහා ඔවුන්ගේ නිවාස ආවරණය වන පරිදි ඉදිකර ඇති අලි වැට ඉවත් නොකිරීමට වගබලාගන්නා ලෙස ද වගඋත්තරකාර රාහුල හිමියන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කර ඇත.

තමන්ගේ පන්සලට සන්නසකින් හිමිව ඇති බව කියමින් අක්කර 4,500ක ඉඩම් වපසරියක් කොටස් කර විවිධ වානිජ වගා කටයුතු වෙනුවෙන් ලබාදීමට මෙම භික්ෂූන් වහන්සේ ක්‍රියාකර ඇති අතර, එයින් ප්‍රදේශයට සිදුවන පීඩාවට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය මගින් මෙම නඩුව පවරා තිබිණි.

ලංකා විදුලිබල මණ්ඩලයේ හා පොලිසියේ සහාය ඇතිව එම ආයතනවල අධීක්ෂණය යටතේ එම අලි වැට ඉවත් කිරීමේ කටයුතු සිදුකළ යුතු බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ අප කළ විමසීමකදී පැවසුවේ මුලදී මෙම අලි වැට ඉවත් කිරීමට අධිකරණය ඉදිරියේ පළ කළ එකඟතා වගඋත්තරකරුවන් කඩ කර ඇතැයි තමන් අධිකරණයට පෙන්වා දුන් බවයි.

අධිකරණයේ නියෝගය පරිදි එම අලි වැට ඉවත් කර ඇත්දැයි සොයාබැලීම සඳහා පෙත්සම මැයි 19 වැනි දින යළි කැඳවීමට පෙත්සම විභාග කළ මූර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා හා යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...