PTA යටතේ සිව්වැනි රඳවා ගැනීමටත් සූදානම් : නඳුන් චින්තක ශ්‍රේෂ්ඨාධිකරණයට !

Share post:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හඳුන්වනු ලබන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තා රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන හතරවැනි රැඳවුම් නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන්ට නොතීසි ලබාදීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05) පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කර තිබේ.

මෙම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි. පෙත්සම සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් පෙනී සිට නැත.

ඒ අනුව වගඋත්තරකරුවන්ට යළි නොතීසි නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණය, පෙත්සම සලකා බැලීම සඳහා ලබන 28දා කැඳවන ලෙස ද නියෝග කර ඇත.

කිසිදු නව විමර්ශනයකින් තොරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව දිගින්-දිගටම රඳවා ගැනීම නීතිවිරෝධී බව පෙත්සම්කාර නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ අධිකරණයට දැනුම් දී තිබේ. මෙමගින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත්, අදාළ රැඳවුම් නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇත.

Related articles

සලේ JMO හමුවට – පාස්කු නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවන්ට බලපෑම් !

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබේ. පාස්කු ඉරිදා...

ප්‍රමාණවත් සාක්ෂි තිබියදීත් රනිල්ට අධිචෝදනා ප්‍රමාද ඇයි? – මහේස්ත්‍රාත් නීතිපතිගෙන් අසයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ වුල්හැම්ප්ටන් උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගි වීමට රජයේ මුදල් යොදාගැනීම...

බොහෝ බැංකු දැනටමත් “ප්‍රායෝගිකව බංකොලොත්” – බියකරු අනාගතයක සේයාවක් ද?

සමහර පුවත් තියෙනවා එය ඇසූ සැණින් හදවත ගැස්සෙන, අද අපේ අසල්වැසි බංග්ලාදේශයෙන් ඇසෙන්නේ එවැනිම ඉතාමත් කණගාටුදායක සහ බියකරු...

Walk For Peace එකේ හැටි!

මේ තියෙන්නෙ සාම පා ගමනේ නිල ෆේස්බුක් පිටුවෙ පළ කළ රූප කීපයක්. මේ තියෙන්නෙ සාම පා ගමන, ලෝකයේ...