ඖෂධ ගන්න අත්සන් කළේ කෙහෙළිය නෙමෙයි බැසිල් – කෙහෙළියගේ නීතිඥවරයා අධිකරණයේදී කියයි !

653
(Pix : British High Commissioner Sarah Hulton, Finance Minister Basil Rajapaksa, and Health Minister Keheliya Rambukwella declaring open the plant.)

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීමට අත්සන් තැබුවේ කෙහෙළිය රඹුක්වැල්ල නොව හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ විසින් බව ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පසුගිය 03දා ප්‍රශ්නගත එන්නත් තොගය සම්බන්ධයෙන් වන පරීක්ෂණවලට අදාළ ව අත්අඩංගුවට ගත් ඇමති කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී ය.

එහිදී අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥවරයා මෙසේ ද පැවසීය.

‘ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් මාගේ සේවාදායකයාට නීතිපතිවරයා චෝදනාවක් එල්ල කළා. නමුත් ඊට අත්සන් තැබුවේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වන මාගේ සේවාදායකයා නොව එවකට මුදල් ඇමැතිවරයාට සිටි බැසිල් රාජපක්ෂ විසිනුයි. මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියට අයත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය පෞද්ගලික අංශයට ලබාදීමට අදාළ අවසරය ලබාදුන්නේ මුදල් අමාත්‍යංශය විසිනුයි. එම නිසා බැලූ බැල්මට මාගේ සේවාදායකයා කිසිදු වරදක් කරලා නැහැ.’