විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 130ක පෞද්ගලික නීතිඥ සහාය අරන් : අපි වරදක් කරලා නෑ – සාමාන්‍යධිකාරි

Share post:

කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවලට එරෙහිව යමින් පෞද්ගලික නීතිඥයන් යොදාගැනීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ නීතිමය වියදම් විශාල ලෙස ඉහළ ගොස් ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇත්තේ කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව පෞද්ගලික නීතීඥවරුන්ගේ සේවය ලබාගැනීම සඳහා රාජ්‍ය ආයතනයක යම් නිලධාරියෙකු මහජන මුදල් යෙදවූයේ නම් වියදම් කළ මුදල එම මුදල් ආපසු ගෙවීමේ වගකීම පෞද්ගලිකව පැවරෙන බවයි. එම රෙගුලාසි නොතකා ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය වසරේ බොහෝ අවස්ථාවල නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ලබානොගෙන පෞද්ගලික නීති සේවා භාවිත කර ඇති බව ඉංජිනේරු සංගමය අදාළ ලිපිය මගින් පෙන්වා දෙයි.

ඉංජිනේරු සංගමයට අනුව ලංවිම 2022 සහ 2023 වසරවලදී නීති ගාස්තු සඳහා රුපියල් මිලියන 130 කට අධික මුදලක් වැයකර ඇත. මෙම අගය 2015 සහ 2021 අතර වසර 6ක කාලය තුළ මණ්ඩලය විසින් දරන ලද මුළු නෛතික පිරිවැය ඉක්මවන බව වාර්තා වේ.

මෙම ගැටළුවලට ප්‍රතිචාර වශයෙන් ලංවිම සභාපති එන්. ඉලංගකෝන් පවසා ඇත්තේ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ මත මණ්ඩලය පෞද්ගලික නීතිඥයන් සම්බන්ධ කරගත් බවයි. ජනාධිපතිවරයාගේ නියෝග හරහා නීති සේවා ලබාගැනීම සඳහා විදුලිබල මණ්ඩලය විසින් නියම කර ඇති ස්ථාපිත ක්‍රියා පටිපාටිය අනුගමනය කළ බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළ බව නිවුස් ෆස්ට් වාර්තා කරයි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...