විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 130ක පෞද්ගලික නීතිඥ සහාය අරන් : අපි වරදක් කරලා නෑ – සාමාන්‍යධිකාරි

Share post:

කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවලට එරෙහිව යමින් පෞද්ගලික නීතිඥයන් යොදාගැනීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ නීතිමය වියදම් විශාල ලෙස ඉහළ ගොස් ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇත්තේ කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව පෞද්ගලික නීතීඥවරුන්ගේ සේවය ලබාගැනීම සඳහා රාජ්‍ය ආයතනයක යම් නිලධාරියෙකු මහජන මුදල් යෙදවූයේ නම් වියදම් කළ මුදල එම මුදල් ආපසු ගෙවීමේ වගකීම පෞද්ගලිකව පැවරෙන බවයි. එම රෙගුලාසි නොතකා ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය වසරේ බොහෝ අවස්ථාවල නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ලබානොගෙන පෞද්ගලික නීති සේවා භාවිත කර ඇති බව ඉංජිනේරු සංගමය අදාළ ලිපිය මගින් පෙන්වා දෙයි.

ඉංජිනේරු සංගමයට අනුව ලංවිම 2022 සහ 2023 වසරවලදී නීති ගාස්තු සඳහා රුපියල් මිලියන 130 කට අධික මුදලක් වැයකර ඇත. මෙම අගය 2015 සහ 2021 අතර වසර 6ක කාලය තුළ මණ්ඩලය විසින් දරන ලද මුළු නෛතික පිරිවැය ඉක්මවන බව වාර්තා වේ.

මෙම ගැටළුවලට ප්‍රතිචාර වශයෙන් ලංවිම සභාපති එන්. ඉලංගකෝන් පවසා ඇත්තේ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ මත මණ්ඩලය පෞද්ගලික නීතිඥයන් සම්බන්ධ කරගත් බවයි. ජනාධිපතිවරයාගේ නියෝග හරහා නීති සේවා ලබාගැනීම සඳහා විදුලිබල මණ්ඩලය විසින් නියම කර ඇති ස්ථාපිත ක්‍රියා පටිපාටිය අනුගමනය කළ බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළ බව නිවුස් ෆස්ට් වාර්තා කරයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...