“ගල් ගැහුණු සිත් වල දහසක් මල් පිපුනා නම් අපිට සතුටුයි..”

Share post:

Antique කඩයක මරණයක් නාට්‍යය පටන් ගත්තෙ 2021 මාර්තු මාසේ. කොරෝනා මැදින්, ආර්ථික අර්බුද මැද්දෙ, අවුරුදුතුනක් රඟ දැක්වුවා. ඒ රඟ දැක්වීම් බොහෝ දුරට සීමා වුනේ ලයනල් වෙන්ඩ්ට්, එල්ෆින්ස්ටන් රඟහල් වලට විතරයි. ඒ නිසා බලන්න උනන්දු අයගෙන් අංශුමාත්‍රයකට විතරයි බලන්න හැකි වුණේ. පිට පළාත්වල රසිකයින් ගැන කණගාටුවක් දැනෙනවා. ගාල්ල, මාතර, මහනුවර, කෑගල්ල, අනුරාධපුර, කුරුණෑගල වගේ පළාත්වල නාට්‍යය සංවිධානය කරන්න ඉල්ලීම් කෙරුණා. ඒ පළාත්වල රඟහලවල්වල තිබුණු සීමාකාරී තත්ත්වයන් නිසා ඒ ඉල්ලීම් ඉටු කරගන්න අපිට බැරි වුණා. ඒත් කොළඹ මුලින් සඳහන් කළ රඟහලක මාසෙකට වරක් වත් රඟ දැක්වීමක් කරන්න අපි වග බලා ගත්තා. ඒ දර්ශන ප්‍රේක්ෂකයින් ගෙන් පිරිලා ගියා. දැන් නාට්‍ය කණ්ඩායමේ අපිට හරි මහන්සියි.

නාට්‍යය කියන්නේ සජීවී රඟ දැක්වීමක්. එක දර්ශනයක් වුනත් කරන්න දවස් පහක්වත් පුහුණුවීම් කරන්න වෙනවා. ඒක හරිම වෙහෙසකර ව්‍යායාමයක් . නාට්‍යයක් රඟ දැක්වීම් නවත්වන එක දුකයි තමයි . ඒත් සතුට උපරිමයෙන් දැනෙන වෙලාවක දැනෙන දුකෙත් පොඩි ආතල් එකක් තියෙනවා . ඉතින් දැන් නවත්වන්න කාලේ ඇවිත්. ආයේ හිතුණොත් තව ටික කාලෙකින්, සමහර විට වෙන අධ්‍යක්ෂවරයෙක් යටතේ උනත් රඟදැක්වෙන්න පුළුවන්.

Antique කඩයක මරණයක් අවසන් රඟ දැක්වීම් යුගලය මාර්තු 09 සහ 10 දිනවල කොළඹ ලයනල් වෙන්ට් රඟහලේදී සවස 7 (හතට) රඟ දැක්වෙනවා. අවසන් වරට එය විඳීමට කැමති අයටයි මේ ආරාධනය.

මාර්තු පලවෙනිදාට පෙර ආසන වෙන්කර ගන්න අයට ඕනෑම පන්තියක ප්‍රවේශ පත්‍රයක් 25% ක වට්ටම් මිලකට ලබාගතහැකියි.
එදාට පස්සේ අළුත් වැඩක් එක්ක ආයෙත් අපි හමුවෙමු!
ටිකට්ස් වෙන්කරගන්නට ……..

සුසන්තට (077 7043356) හෝ රොෂාන්ට (076 7228202) අමතන්න.

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...