“ගල් ගැහුණු සිත් වල දහසක් මල් පිපුනා නම් අපිට සතුටුයි..”

Share post:

Antique කඩයක මරණයක් නාට්‍යය පටන් ගත්තෙ 2021 මාර්තු මාසේ. කොරෝනා මැදින්, ආර්ථික අර්බුද මැද්දෙ, අවුරුදුතුනක් රඟ දැක්වුවා. ඒ රඟ දැක්වීම් බොහෝ දුරට සීමා වුනේ ලයනල් වෙන්ඩ්ට්, එල්ෆින්ස්ටන් රඟහල් වලට විතරයි. ඒ නිසා බලන්න උනන්දු අයගෙන් අංශුමාත්‍රයකට විතරයි බලන්න හැකි වුණේ. පිට පළාත්වල රසිකයින් ගැන කණගාටුවක් දැනෙනවා. ගාල්ල, මාතර, මහනුවර, කෑගල්ල, අනුරාධපුර, කුරුණෑගල වගේ පළාත්වල නාට්‍යය සංවිධානය කරන්න ඉල්ලීම් කෙරුණා. ඒ පළාත්වල රඟහලවල්වල තිබුණු සීමාකාරී තත්ත්වයන් නිසා ඒ ඉල්ලීම් ඉටු කරගන්න අපිට බැරි වුණා. ඒත් කොළඹ මුලින් සඳහන් කළ රඟහලක මාසෙකට වරක් වත් රඟ දැක්වීමක් කරන්න අපි වග බලා ගත්තා. ඒ දර්ශන ප්‍රේක්ෂකයින් ගෙන් පිරිලා ගියා. දැන් නාට්‍ය කණ්ඩායමේ අපිට හරි මහන්සියි.

නාට්‍යය කියන්නේ සජීවී රඟ දැක්වීමක්. එක දර්ශනයක් වුනත් කරන්න දවස් පහක්වත් පුහුණුවීම් කරන්න වෙනවා. ඒක හරිම වෙහෙසකර ව්‍යායාමයක් . නාට්‍යයක් රඟ දැක්වීම් නවත්වන එක දුකයි තමයි . ඒත් සතුට උපරිමයෙන් දැනෙන වෙලාවක දැනෙන දුකෙත් පොඩි ආතල් එකක් තියෙනවා . ඉතින් දැන් නවත්වන්න කාලේ ඇවිත්. ආයේ හිතුණොත් තව ටික කාලෙකින්, සමහර විට වෙන අධ්‍යක්ෂවරයෙක් යටතේ උනත් රඟදැක්වෙන්න පුළුවන්.

Antique කඩයක මරණයක් අවසන් රඟ දැක්වීම් යුගලය මාර්තු 09 සහ 10 දිනවල කොළඹ ලයනල් වෙන්ට් රඟහලේදී සවස 7 (හතට) රඟ දැක්වෙනවා. අවසන් වරට එය විඳීමට කැමති අයටයි මේ ආරාධනය.

මාර්තු පලවෙනිදාට පෙර ආසන වෙන්කර ගන්න අයට ඕනෑම පන්තියක ප්‍රවේශ පත්‍රයක් 25% ක වට්ටම් මිලකට ලබාගතහැකියි.
එදාට පස්සේ අළුත් වැඩක් එක්ක ආයෙත් අපි හමුවෙමු!
ටිකට්ස් වෙන්කරගන්නට ……..

සුසන්තට (077 7043356) හෝ රොෂාන්ට (076 7228202) අමතන්න.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...