ජපාන ගුවන් අනතුරින් වෙරල ආරක්ෂක යානයේ සිටි පස් දෙනා ජීවිතක්ෂයට

Share post:

ජපාන ගුවන් අනතුරින් වෙරළාරක්ෂක ගුවන් යානයෙහි පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. එහි නියමුවා බරපතල තුවාල සහිතව රෝහල්ගත කරනු ලැබ සිටි. මගී ප්‍රවාහන ගුවන් යානයක් සහ භූ චලනයෙන් විපතට පත් වූවන්ට සහන සැලසීමේ යෙදී සිටි වෙරළාරක්ෂක ගුවන් යානයක් එකිනෙක ගැටිණ. වෙරල ආරක්ෂක යානයේ සිටි පස් දෙනා ඉන් ජීවිතක්ෂයට පත්ව ඇති බව මේවනවිට සනාථ වී ඇතැයි ජපාන වාර්තා පෙන්වා දෙයි.

හොකයිඩෝ සිට හෙනඩා ගුවන්තොටුපළ වෙත පියසර කළ මගී ගුවන් යානය ගිනි ගැනීමට ලක්විය. ඒ වනවිට යානය හෙනඩා ගුවන් තොටුපලට ළඟාවෙමින් තිබිණ. එහි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ 379 දෙනා අනතුරකින් තොරව ගලවා ගැනීමට හදිසි සේවා අංශ සමත් වී තිබේ. එහෙත් යානය ගිනිගෙන විනාශ විය. අනතුර හේතුවෙන් හෙනඩා ගුවන් තොටුපළෙහි සියලු මෙහෙයුම් නවතා ඇතැයි ජපානය කියයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...