ජපාන ගුවන් අනතුරින් වෙරල ආරක්ෂක යානයේ සිටි පස් දෙනා ජීවිතක්ෂයට

Share post:

ජපාන ගුවන් අනතුරින් වෙරළාරක්ෂක ගුවන් යානයෙහි පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. එහි නියමුවා බරපතල තුවාල සහිතව රෝහල්ගත කරනු ලැබ සිටි. මගී ප්‍රවාහන ගුවන් යානයක් සහ භූ චලනයෙන් විපතට පත් වූවන්ට සහන සැලසීමේ යෙදී සිටි වෙරළාරක්ෂක ගුවන් යානයක් එකිනෙක ගැටිණ. වෙරල ආරක්ෂක යානයේ සිටි පස් දෙනා ඉන් ජීවිතක්ෂයට පත්ව ඇති බව මේවනවිට සනාථ වී ඇතැයි ජපාන වාර්තා පෙන්වා දෙයි.

හොකයිඩෝ සිට හෙනඩා ගුවන්තොටුපළ වෙත පියසර කළ මගී ගුවන් යානය ගිනි ගැනීමට ලක්විය. ඒ වනවිට යානය හෙනඩා ගුවන් තොටුපලට ළඟාවෙමින් තිබිණ. එහි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ 379 දෙනා අනතුරකින් තොරව ගලවා ගැනීමට හදිසි සේවා අංශ සමත් වී තිබේ. එහෙත් යානය ගිනිගෙන විනාශ විය. අනතුර හේතුවෙන් හෙනඩා ගුවන් තොටුපළෙහි සියලු මෙහෙයුම් නවතා ඇතැයි ජපානය කියයි.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...