දකුණු කොරියාවේ විපක්‍ෂනායකට ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට

Share post:

දකුණු කොරියාවේ විපක්‍ෂනායකට ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. නව ගුවන් තොටුපළ පරිශ්‍රයක් නිරීක්‍ෂණය කර පැමිණෙමින් සිටියදී විපක්‍ෂනායකගේ ගෙල ප්‍රදේශයට යම් පහර දීමක් සිදුව ඇති බව වාර්තා වේ. තුවාල ලද විපක්‍ෂනායකවරයා කඩිනමින් රෝහල්ගත කර ඇත. රෝහල් ආරංචි මාර්ග කියා සිටින්නේ ඔහුට ජීවිත හානියක් නොමැති බවයි. විපක්‍ෂනායකවරයා ජනමාධ්‍යවේදීන් අතරින් එමින් සිටිය දී සමරු සටහනක් ලබා ගැනීමට යැයි පවසමින් පුද්ගලයෙකු ඔහු වෙත ළංවී තිබේ. ආසන්නයට පැමිණ අතෙහි රැඳී තිබූ කිසියම් උපකරණයකින් විපක්‍ෂනායකවරයාගේ ගෙලට පහර දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...