දකුණු කොරියාවේ විපක්‍ෂනායකට ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට

Share post:

දකුණු කොරියාවේ විපක්‍ෂනායකට ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. නව ගුවන් තොටුපළ පරිශ්‍රයක් නිරීක්‍ෂණය කර පැමිණෙමින් සිටියදී විපක්‍ෂනායකගේ ගෙල ප්‍රදේශයට යම් පහර දීමක් සිදුව ඇති බව වාර්තා වේ. තුවාල ලද විපක්‍ෂනායකවරයා කඩිනමින් රෝහල්ගත කර ඇත. රෝහල් ආරංචි මාර්ග කියා සිටින්නේ ඔහුට ජීවිත හානියක් නොමැති බවයි. විපක්‍ෂනායකවරයා ජනමාධ්‍යවේදීන් අතරින් එමින් සිටිය දී සමරු සටහනක් ලබා ගැනීමට යැයි පවසමින් පුද්ගලයෙකු ඔහු වෙත ළංවී තිබේ. ආසන්නයට පැමිණ අතෙහි රැඳී තිබූ කිසියම් උපකරණයකින් විපක්‍ෂනායකවරයාගේ ගෙලට පහර දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...