ගාසා ආශ්‍රිත ආහාර හිඟයක් හා රෝග පැතිර යාමක් – WHO

408

ගාසා ආශ්‍රිත ජනතාව ආහාර හිඟයකින් පීඩාවට පත්වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඊට අමතරව රෝග වේගයෙන් පැතිරී යා හැකි බවත් මරණ සංඛ්‍යාව වැඩිවිය හැකි බවත් පෙන්වා දී තිබෙනවා. ඊශ්‍රායල පලස්තීන ගැටුමයි ඊට හේතුව. ගාසා හි දකුණු හා උතුරු ප්‍රදේශයේ රෝහල්වල ට අවශ්‍ය සැපයුම් ලබාදීමේ වැඩපිළිවෙළක් ද ලෝක සෞඛ්‍ය සංවිධානය ආරම්භ කර තිබෙනවා.
ගැටුම්වලින් ජනතාවට සිදුවන හානි සමග ආහාර නොමැතිවීමෙන් දැඩි ගැටලු මතුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.