සෙත් රූ ආයුර්වේද රූපලාවන්‍ය පුහුණු පාසලේ පාඨමාලා අවසන් කළ සිසු-සිසුවියන්ට සහතික පිරිනමයි !

Share post:

තෘතීක හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි එක ම ආයුර්වේද රූපලාවන්‍ය අධ්‍යාපන ආයතනය වන සෙත් රූ ආයුර්වේද රූපලාවන්‍ය පුහුණු පාසල විසින් පවත්වන ලද පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසු-සිසුවියන්ට සහතික ප්‍රදානය කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

රූපලාවන්‍ය නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් සහතික පාඨමාලාව / ඩිප්ලෝමා පාඨමාලාව, බාත් ඇන්ඩ් බොඩි කෙයාර් නිෂ්පාදන නිපදවීම පිළිබඳ සහතික පාඨමාලාව, ආයුර්වේද රූපලාවන්‍ය සත්කාර පිළිබඳ සහතික පාඨමාලාව / උසස් සහතික පාඨමාලාව / ඩිප්ලෝමා පාඨමාලාව, ආයුර්වේද තෛල අභ්‍යංග පාඨමාලාව සහ සුගන්ද චිකිත්සා පාඨමාලාව වැනි පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසු-සිසුවියන් 170කට වැඩි පිරිසකට එහිදී සහතික පිරිනමන ලදි.

2014 වසරේදී ආචාර්ය මහේෂ් අතුරලිය ඇරඹූ සෙත් රූ ආයුර්වේද රූපලාවන්‍ය පුහුණු පාසලේ ප්‍රධාන කාර්යාලය සහ තවත් ශාඛාවක් වත්තල පිහිටා තිබේ. ISO : 9001 ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන් ද පිදුම් ලබා ඇති සෙත් රූ ආයුර්වේද රූපලාවන්‍ය පුහුණු පාසලේ ක්ෂේත්‍රයේ දශක ගණනාවක අත්දැකීම් සහිත වෛද්‍ය කණ්ඩායමක් ඉගැන්වීමේ නිරත වෙති. නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඩේ ක්‍රීම්, නයිට් ක්‍රීම්, ෆෙයානස් ක්‍රීම්, පිම්පල් ක්‍රීම්, ෆුට් ක්‍රීම්, බොඩි ලෝෂන් සහ බොඩි බටර් වැනි බටහිර සහ ආයුර්වේද යන කාණ්ඩ දෙකට ම අයත් රූපලාවන්‍ය නිෂ්පාදන සකසන ආකාරය පිළිබඳ දැනුම සහ සම්පූර්ණ පුහුණුව ලැබීමට මෙම ආයතනයේ පාඨමාලා හදාරන සිසු-සිසුවියන්ට හැකියාව ලැබේ.
‘සෙත් රූ ආයුර්වේද රූපලාවන්‍ය පුහුණු පාසල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හඳුන්වා දී ඇති ප්‍රමිති ඇතුළු දෙස් විදෙස් ප්‍රමිතිවලට අනුකූලව පිරිනමන අධ්‍යයන පාඨමාලා සම්පූර්ණ කළ සිසු සිසුවියන් ඉතා ඉහළ පිළිගැනීමක් සහිත ඉහළ ආදායම් ලබන රූපලාවන්‍ය වෘත්තිකයන් සහ ව්‍යවසායකයන් බවට පත්කරන්නට සමත් වී තිබෙනවා. එවැනි මට්ටමකට ළඟාවීමට නම් සෙත් රූ ආයුර්වේද රූපලාවන්‍ය පුහුණු පාසල වැනි තෘතීක හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ සහ අනෙකුත් අදාළ ආයතනවල ලියාපදිංචිය සහිත ආයතනයක් තෝරා ගත යුතුයි.’
ආචාර්ය මහේෂ් අතුරලිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එසේ පැවසීය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...