සෙත් රූ ආයුර්වේද රූපලාවන්‍ය පුහුණු පාසලේ පාඨමාලා අවසන් කළ සිසු-සිසුවියන්ට සහතික පිරිනමයි !

Share post:

තෘතීක හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි එක ම ආයුර්වේද රූපලාවන්‍ය අධ්‍යාපන ආයතනය වන සෙත් රූ ආයුර්වේද රූපලාවන්‍ය පුහුණු පාසල විසින් පවත්වන ලද පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසු-සිසුවියන්ට සහතික ප්‍රදානය කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

රූපලාවන්‍ය නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් සහතික පාඨමාලාව / ඩිප්ලෝමා පාඨමාලාව, බාත් ඇන්ඩ් බොඩි කෙයාර් නිෂ්පාදන නිපදවීම පිළිබඳ සහතික පාඨමාලාව, ආයුර්වේද රූපලාවන්‍ය සත්කාර පිළිබඳ සහතික පාඨමාලාව / උසස් සහතික පාඨමාලාව / ඩිප්ලෝමා පාඨමාලාව, ආයුර්වේද තෛල අභ්‍යංග පාඨමාලාව සහ සුගන්ද චිකිත්සා පාඨමාලාව වැනි පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසු-සිසුවියන් 170කට වැඩි පිරිසකට එහිදී සහතික පිරිනමන ලදි.

2014 වසරේදී ආචාර්ය මහේෂ් අතුරලිය ඇරඹූ සෙත් රූ ආයුර්වේද රූපලාවන්‍ය පුහුණු පාසලේ ප්‍රධාන කාර්යාලය සහ තවත් ශාඛාවක් වත්තල පිහිටා තිබේ. ISO : 9001 ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන් ද පිදුම් ලබා ඇති සෙත් රූ ආයුර්වේද රූපලාවන්‍ය පුහුණු පාසලේ ක්ෂේත්‍රයේ දශක ගණනාවක අත්දැකීම් සහිත වෛද්‍ය කණ්ඩායමක් ඉගැන්වීමේ නිරත වෙති. නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඩේ ක්‍රීම්, නයිට් ක්‍රීම්, ෆෙයානස් ක්‍රීම්, පිම්පල් ක්‍රීම්, ෆුට් ක්‍රීම්, බොඩි ලෝෂන් සහ බොඩි බටර් වැනි බටහිර සහ ආයුර්වේද යන කාණ්ඩ දෙකට ම අයත් රූපලාවන්‍ය නිෂ්පාදන සකසන ආකාරය පිළිබඳ දැනුම සහ සම්පූර්ණ පුහුණුව ලැබීමට මෙම ආයතනයේ පාඨමාලා හදාරන සිසු-සිසුවියන්ට හැකියාව ලැබේ.
‘සෙත් රූ ආයුර්වේද රූපලාවන්‍ය පුහුණු පාසල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හඳුන්වා දී ඇති ප්‍රමිති ඇතුළු දෙස් විදෙස් ප්‍රමිතිවලට අනුකූලව පිරිනමන අධ්‍යයන පාඨමාලා සම්පූර්ණ කළ සිසු සිසුවියන් ඉතා ඉහළ පිළිගැනීමක් සහිත ඉහළ ආදායම් ලබන රූපලාවන්‍ය වෘත්තිකයන් සහ ව්‍යවසායකයන් බවට පත්කරන්නට සමත් වී තිබෙනවා. එවැනි මට්ටමකට ළඟාවීමට නම් සෙත් රූ ආයුර්වේද රූපලාවන්‍ය පුහුණු පාසල වැනි තෘතීක හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ සහ අනෙකුත් අදාළ ආයතනවල ලියාපදිංචිය සහිත ආයතනයක් තෝරා ගත යුතුයි.’
ආචාර්ය මහේෂ් අතුරලිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එසේ පැවසීය.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...