මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලින් විපතට පත් ජනතාවට දිගටම තර්ජන : පොලිසිය පක්ෂපාතී බවට චෝදනා : ගෙවීම් අවසන් කරන්න එපා – අමාත්‍යංශ ලේකම්ගෙන් නියෝගයක් !

Share post:

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් විපතට පත් ජනතාවට විධිමත් ලෙස වන්දි නොගෙවීම සහ ඊට අදාළ ව මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු වගකිවයුතු ආයතන මැදිහත් නොවීම සම්බන්ධයෙන් සති 2ක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙසත්, එම කටයුතු අවසන් වන තුරු එම ඉදිකිරීම් කළ පුද්ගලික සමාගමට සිදු කළ යුතු ගෙවීම් අවසන් නොකරන ලෙසත් මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.ඒ. මායාදුන්න අද (16) මාර්ග සංවර්ධන අධිකාරියට නියෝග කළේය.

කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් මදටියවෙල සිට මුත්තෙට්ටුගල දක්වා කොටසේ මෙසේ විපතට පත් විශාල පිරිසකට මෙතෙක් වන්දි ගෙවීම් අවසන් කර නැත. මේ සම්බන්ධයෙන් විපතට පත් අයෙකු මෙන්ම විපතට පත් ජනතාව වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කරන සංජීව කුලතිලක ඇතුළු පිරිසක් සහ අමාත්‍යංශ ලේකම්වරයා අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී ලේකම්වරයා අදාළ බලධාරීන්ට මෙම නියෝගය කරන ලදි.

මදටියවෙල සිට මුත්තෙට්ටුගල දක්වා වන මධ්‍යම අධිවේගී මාර්ග කොටස කිලෝමීටර් 8.5ක දුරකින් යුක්ත ය. මෙම කොටසේ ඉදිකිරීම් කරන ලද්දේ මාගා ඉංජිනියරින් නම් පෞද්ගලික ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගමයි. මෙම දුර අතර පමණක් පිහිටි නිවාස 400කට අධික ප්‍රමාණයකට අධිවේගී මාර්ග ඉදිකිරීම් හේතුවෙන් හානි සිදු වී තිබේ. ඒ අතරින් නිවාස 200ක පදිංචිකරුවන්ට යම් වන්දි මුදලක් ගෙවා ඇති අතර, නිවාස 150ක පදිංචිකරුවන්ට වන්දි ලබාදී නැත.

මේ සම්බන්ධයෙන් විරෝධය පළකළ විපතට පත් ජනතාවට තර්ජනය කිරීමට ද වගකිවයුතු පාර්ශ්ව කටයුතු කර තිබිණි. මේ පිළිබඳව කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානයට විපතට පත් ජනතාව විසින් කරන ලද පැමිණිලි නිසි පරිදි විමර්ශන නොකළ බවට ද එම ජනතාව චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් එම ජනතාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද පැමිණිලි කර තිබේ. ඊට අදාළ විමර්ශන මේ වනවිට ක්‍රියාත්මක ය.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට අදාළ පරිසර තක්සේරු වාර්තාවේ පැහැදිලිව සඳහන් වන්නේ එම අවදානම් කලාපයේ සිටින පදිංචිකරුවන් නැවත පදිංචි කළ යුතු බවත්, පීඩාවට පත්වන පාර්ශ්වවලට වන්දි ලබාදීම ඉදිකිරීම් සමාගම මගින් කළ යුතු බවත් ය.

(මෙම ප්‍රදේශයේ කරන ලද සංචාරයකින් පසු සකස් කරන ලද සියලු සාක්ෂි සහිත දීර්ඝ ලිපියක් www.thetime.lk ඔස්සේ ඉදිරියේදී පළ වේ.)

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...