“නික්මනක නිමිත්තක්” ලියූ විපුලී නිරෝෂිණී අද නික්මෙන්නට නියමිතයි

Share post:

අභාවප්‍රාප්ත වූ විපුලී නිරෝෂිණී හෙට්ටිආරච්චි කිවිඳියගේ අවසන් කටයුතු අද (15) බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

ලංකා ලේඛක සංවිධානයේ මෙන්ම ජනනියමු කලාකරුවෝ සංවිධානයේ විධායක කමිටු සාමාජිකාවක වූ විපුලී නිරෝෂිණී හෙට්ටිආරච්චි කිවිඳියගේ දේහය අවසන් ගෞරවය සඳහා අද පෙරවරු 9.00ට බොරැල්ල රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් තිබේ. අවසන් කටයුතු හෙට ප. ව. 6.00 ට බොරැල්ල සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

නික්මනක නිමිත්තක්, සකුන්තලාවගෙන් චූල කාව්‍යක්, සැන්දැගල, රූ කාව්‍ය රූපාවලිය, වැනි කෘති ගණනාවක් රචනාකර ඇති විපුලී නිරෝෂිණී හෙට්ටිආරච්චි කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. විපුලි බොහෝ ආධුනික කවි කිවිඳියන්ගේ කාව්‍ය පිළිබඳව විචාරයන්ගේ නියැළුණු අයෙකු ලෙසද ඇගයීමට ලක්විය.

කෙස්ස උස් කර මුදුනට
බැඳන් නාවත් සටනට
තබමි කවියේ විරිතට
උචිත උපමා රූපක

ගුරුන් දෙගුරුන් පා මුල
මිසක් නොනැමෙන මේ හිස
නමමි මහ කවියෙකු ළඟ
ඒය මට හිමි කවිකම

විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි

නුඹේ මුල් පොතේ නම

” නික්මනක නිමිත්තක්”
ඒ වුණත් කොහි විණිද???
මේ තරම් ඉක්මනින්
නුඹ අපව හැර යතැයි….
“නික්මනක නිමිත්තක් ” ?

පියන්කාරගේ බන්දුල ජයවීර

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...