“නික්මනක නිමිත්තක්” ලියූ විපුලී නිරෝෂිණී අද නික්මෙන්නට නියමිතයි

Share post:

අභාවප්‍රාප්ත වූ විපුලී නිරෝෂිණී හෙට්ටිආරච්චි කිවිඳියගේ අවසන් කටයුතු අද (15) බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

ලංකා ලේඛක සංවිධානයේ මෙන්ම ජනනියමු කලාකරුවෝ සංවිධානයේ විධායක කමිටු සාමාජිකාවක වූ විපුලී නිරෝෂිණී හෙට්ටිආරච්චි කිවිඳියගේ දේහය අවසන් ගෞරවය සඳහා අද පෙරවරු 9.00ට බොරැල්ල රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් තිබේ. අවසන් කටයුතු හෙට ප. ව. 6.00 ට බොරැල්ල සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

නික්මනක නිමිත්තක්, සකුන්තලාවගෙන් චූල කාව්‍යක්, සැන්දැගල, රූ කාව්‍ය රූපාවලිය, වැනි කෘති ගණනාවක් රචනාකර ඇති විපුලී නිරෝෂිණී හෙට්ටිආරච්චි කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. විපුලි බොහෝ ආධුනික කවි කිවිඳියන්ගේ කාව්‍ය පිළිබඳව විචාරයන්ගේ නියැළුණු අයෙකු ලෙසද ඇගයීමට ලක්විය.

කෙස්ස උස් කර මුදුනට
බැඳන් නාවත් සටනට
තබමි කවියේ විරිතට
උචිත උපමා රූපක

ගුරුන් දෙගුරුන් පා මුල
මිසක් නොනැමෙන මේ හිස
නමමි මහ කවියෙකු ළඟ
ඒය මට හිමි කවිකම

විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි

නුඹේ මුල් පොතේ නම

” නික්මනක නිමිත්තක්”
ඒ වුණත් කොහි විණිද???
මේ තරම් ඉක්මනින්
නුඹ අපව හැර යතැයි….
“නික්මනක නිමිත්තක් ” ?

පියන්කාරගේ බන්දුල ජයවීර

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...